ලිබියානු ජාතික අන්තර්වාර රජයේ මෙන්ම කැරැලිකාර පාර්ශ්වයේ ද නායකයා වන මොහොමඞ් ජිබ්රිල් පෙරේදා (12) ටි‍්‍රපොලි නුවර සිට ජාතිය ඇමැතුවේය.
ඉදිරි දින 10 ඇතුළත දී ලිබියාවේ නව රජයක් පිහිටුවන බවත් ඒ සඳහා සෑම ලිබියානුවකුගේම සහාය අවශ්‍ය බවත් මොහොමඞ් ජිබ්රිල් එහිදී කියා සිටියේය.
ලිබියානු නව රජයේ අගමැති ධුරයට පත් වීමට නියමිතව ඇත්තේ මොහොමඞ් ජිබ්රිල්ය. ඔහු ගඩාෆි රජයේ හිටපු අධිකරණ ඇමැතිවරයකු වන අතර ලිබියා කැරැල්ල ආරම්භ වූ අවස්ථාවේදී කැරැලිකරුවන්ට නායකත්වය දුන්නේය.
පිහිටුවීමට සූදානම් වන එම නව රජයට ලිබියාවේ සෑම පළාතක්ම සහ ගෝත‍්‍රයක්ම නියෝජනය කරන ආකාරයට නියෝජිතවරුන් ඇතුළත් වනු ඇතැයි ටි‍්‍රපොලි අගනුවරට පැමිණ සිටින මොහොමඞ් ජිබ්රිල් පවසයි.
කැරැලිකරුවන් සහ ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය මේ වනවිටත් ලිබියාවේ බෙන්ගාසි නුවර කේන්ද්‍රකොට ගනිමින් නව රජයක් පිහිටුවා ඇති අතර බටහිර රටවල් එය ලිබියාවේ නීත්‍යානුකූල රජය ලෙස පිළිගෙන තිබේ.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් කරමින් කියා සිටියේ තමන් ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලය පිහිටුවන රජය ලිබියාවේ නීත්‍යානුකූල රජය ලෙස පිළිගන්නා බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධානී කි‍්‍රස්ටීන් ලගාද් මේ බව කියා සිටියේ ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැත්වුණු ‘ජී 8’ සමුළුවේදීය. ලිබියාවේ ආරක්ෂාව යථා තත්ත්වයට පත් වූ විගස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ටි‍්‍රපොලි අගනුවරට එවන බවද ඇය කීවාය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලිබියානු කැරැලි නායක ජිබ්රිල් ජාතිය අමතයි