වසර 42 ක් පුරා ලිබියාව පාලනය කළ කර්නල් ගඩාෆි ඝාතනය කිරීමෙන් පසු ලිබියානු අන්තර්වාර රජය ඊයේ (23) සිට සිය රට (ලිබියාව) නිදහස් වූ බව ප‍්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටියේය.ගඩාෆි විරෝධී කැරැල්ල ඇරඹුණු බෙන්ගාසි නුවර සිට එය ප‍්‍රකාශයට පත් කිරීමට ලිබියානු අන්තර්වාර රජය සැලසුම් කර තිබූ අතර එය ඊයේ (23) පස්වරුවේ නිවේදනය කිරීමට නියමිතව තිබුණි.නිදහසේ ප‍්‍රකාශනය ලෙස එළි දැක්වෙන එම ප‍්‍රකාශනය ලිබියාව නව මඟකට යොමු කිරීමක් බවත්, එමෙන්ම ඉදිරි මාස අටේදී මැතිවරණ පැවැත්වීමට සූදානම් බවත් ලිබියා අන්තර්වාර රජයේ වැඩ බලන අගමැති මහමුද් ජිබ්රිල් කියා සිටී.එරට මහජන ජාතික සම්මේලනය සඳහා මැතිවරණයකින් නියෝජිතයන් පත් කර ගැනීමටත්, එමඟින් අන්තර්වාර රජයක් සහ නව අග‍්‍රාමාත්‍යවරයකු පත් කිරීමටත් නියමිතය. එම අන්තර්වාර රජය විසින් දින 60ක් තුළ නව ව්‍යවස්ථාවක් ද සකස් කිරීමෙන් පසු එම ව්‍යවස්ථාව ජනමත විචාරණයක් සඳහා යොමු කිරීම ජිබ්රිල් ප‍්‍රමුඛ වත්මන් අන්තර්වාර රජයේ පාලකයන්ගේ අරමුණ වී ඇත. එම නව ව්‍යවස්ථාව අනුමත වී මාස හයක් ඇතුළත ලිබියාවේ මහ මැතිවරණය පැවැත්වීමට ද නව පාලකයින් සැලසුම් කර ඇත.කර්නල් ගඩාෆිගේ මරණයත් සමග මාස හයකට ආසන්න කාලයක් තිස්සේ ගඩාෆි පාලනය බිඳ හෙලීමටත්, ලිබියානු ජනතාව ආරක්ෂා කර ගැනීමටත් සක‍්‍රීය දායකත්වය දැක්වූ නේටෝ සංවිධානයද එරට තුළ පවත්වාගෙන ගිය සිය මෙහෙයුම් කටයුතු අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.ඒ අනුව මේ මස 31 වැනිදා සිට ලිබියාවේ මෙහෙයුම් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන බව නේටෝ සංවිධානය අවධාරණය කර සිටී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලිබියාව දැන් නිදහස් රටක්:
ඩී එස් කේ ජයනායක Tuesday, 20 April 2021 02:19 AM
ගඩාෆි සිය රටේ ජනතාවට එපා වුණු හේතුව කුමක්ද? ඒ පිළිබද විස්තරයක් අන්තර්ජාලයෙන් ලබා ගන්නට සලවන්නේ නම් අගය කළහැක .