X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට පහර දුන්නේ අල් කයිඩාව

ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහර දී තානාපති කි‍්‍රස් ස්ටීවන්ස් ඇතුළු සිව් දෙනකු ඝාතනය කළේ අල් කයිඩා සාමාජිකයන් යැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පවසයි. රාජ්‍ය ලේකම්වරිය මේ බව කියා සිටියේ ඊයේ (27) එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් සමඟ උතුරු අපි‍්‍රකානු රටවල ව්‍යාප්ත සිටින අල් කයිඩා ඇතුළු සෙසු ඉස්ලාමීය සටන්කාමීන් ගැන සාකච්ඡා කළ අවස්ථාවේදීය. පුද්ගල ඝාතන, බෝම්බ පිපිරුවීම් පමණක් නොව පුද්ගලයන් පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීම් ආදී අපරාධ රැසකට එම සටන්කාමීන් සම්බන්ධ යැයි ද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය අවධාරණය කළාය. එම ඉස්ලාමීය සටන්කාමීන්ගේ අරමුණ වී ඇත්තේ උතුරු අපි‍්‍රකානු රටවල් අස්ථාවර කිරීමට බවත් ලිබියාවේ බෙන්ගාසි නුවර තම තානාපති කාර්යාලයට එල්ල කළ ප‍්‍රහාරයෙන් ඒ බව සනාථ වන බවත්  ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වැඩි දුරටත් කියා සිටී. ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහර දීම සිදුවුණේ ඉකුත් සැප්තැම්බර් 11 වැනිදාය. ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුත් අල් කයිඩා සටන්කාමීන් 2001 වසරේදී ඇමෙරිකාවට එල්ල කළ ප‍්‍රහාරයේ 11 වැනි සැමරුම එදිනට යෙදී තිබුණි. බෙන්ගාසි නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට එම ප‍්‍රහාරය එල්ල වීමට හේතු වුණේ ඉස්ලාම් විරෝධී ඇමෙරිකානු චිත‍්‍රපටයයි. ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට පහර දුන්නේ තම සංවිධානය බවත් තමන් එසේ කළේ තම දෙවැනි නායකයා ඇමෙරිකා ප‍්‍රහාරයකින් ඝාතනය වීම නිසා බවත් උතුරු අපි‍්‍රකානු අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානය ද පවසා ඇත. අල් කයිඩාව මැදපෙරදිග සහ අපි‍්‍රකානු කලාපයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම රටවල පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලවලට අඛණ්ඩව ප‍්‍රහාර එල්ල කරන ලෙසටය. ඒ අනුව එම රටවල පිහිටි තම තානාපති කාර්යාලවලට ඇමෙරිකා රජය විශේෂ ආරක්ෂාවක් සැපැයීය. මේ අතර ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල කළ ප‍්‍රහාරය පසුපස ලිබියා රජය සිටින බවට ඇමෙරිකා ආරක්ෂක අංශ නිලධාරීහු සැක පළ කරති. සිදුවුණේ කුමක්දැයි සොයා බැලීමට මේ වනවිට ඇමෙරිකානු එෆ්.බී.අයි. පරීක්ෂකයන් කණ්ඩායමක් ලිබියාවේ බෙන්ගාසි නුවරට පැමිණ සිටිති. ප‍්‍රහාරයෙන් දින තුනකට පසු ලිබියා රජය කියා සිටියේ ප‍්‍රහාරයට සම්බන්ධ 50 දෙනකු හඳුනා ගෙන  අත්අඩංගුවට ගත් බවය. ප‍්‍රහාරය සිදුවෙද්දී බෙන්ගාසි නුවර ඇමෙරිකා තානාපති කාර්යාලයට ලිබියා රජයේ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලැබී තිබුණි. කෙසේ නමුත් කලහකාරීන් එහි පැමිණෙද්දී එම ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට නියමිත ස්ථානවල නොසිටි බව ඇමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇත.



අදහස් (0)

ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට පහර දුන්නේ අල් කයිඩාව

නසාර් Friday, 28 September 2012 05:38 PM

දෙවියන්ගේ කැමැත්ත කිසිවෙකුට වෙනස් කළ නොහැක. (නි)

:       0       0

කාන්ස් Saturday, 29 September 2012 03:31 AM

කළ කළ දේ පළ පළ දේ.... (නි)

:       0       0

මධු Saturday, 29 September 2012 03:19 PM

සෑම මුස්ලිම් රටක්ම ඇමරිකාව යටතට ගතයුතුයි. (නි)

:       0       0

ලක්ෂිත Saturday, 29 September 2012 11:11 PM

මධූගේ මොළේ අමාරුවක් වගෙයි. (නි)

:       0       0

ෂිරාශ් Sunday, 30 September 2012 11:25 AM

ලක්ෂිත හරි. (නි)

:       0       0

රාජා Sunday, 30 September 2012 02:21 PM

ඒකනම් ඇත්ත ලක්ෂිත, ඇමරිකාවේ නරක වැඩවලට මුස්ලිම්වරු හරි විරෝධය පානඑක ලොකු දෙයක්. අල් කයිඩා සටන්කාමීන් නොව, විමුක්තිකාමීන්ය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site