X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


ලිබියාවේ නව අගමැති විද්‍යාඥයෙක්

ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසු, සිවිල් පරිපාලනයක් ස්ථාපිත කිරීමේ අරමුණින්, කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය පෙරේදා (31) නව අගමැතිවරයකු පත් කර ගත්තේය.ඡන්ද විමසීමකින් පසු අගමැති ධුරයට පත්කර ගැනුනේ ලිබියාවේ සිටින මුල්පෙළේ උගතකු, ඉංජිනේරුවකු මෙන්ම විද්‍යාඥයකු ලෙස ප‍්‍රසිද්ධියට පත් අබ්දුල් රහීම් අල් කීබ් ය. හෙතෙම ලිබියා ජනතාවගේ ආදරය සහ ගෞරවය දිනාගත් විද්වතෙකි.ලිබියාවේ ඉන්ජිනේරු ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන සේවයක් සිදු කළ අයකු ලෙස ද අබ්දුල් රහීම් ප‍්‍රකටය. ලිබියාවේ සියලූම පාර්ශ්වවල විශ්වාසය දිනූ අබ්දුල් රහීම් අගමැති ධුරයට සුදුස්සකු බව ලිබියා දේශපාලන විචාරකයන් ප‍්‍රකාශ කර ඇත්තේය.අගමැති ධුරය සඳහා සුදුස්සෙකු තෝරා ගැනීමට ලිබියා ජාතික පාලක මණ්ඩලය ඡන්ද විමසූ අවස්ථාවේ, 51 දෙනකු ඡන්දය ප‍්‍රකාශ කළ අතර, ඒ අතරින් 26 දෙනකුගේ ඡන්දය අබ්දුල් රහීම්ට හිමිවිය. ගඩාෆි පාලනය පෙරළා දමා ලිබියාවේ පාලනය අතට ගෙන සිටින අන්තර්වාර පාලක මණ්ඩලය, තව මාස අටක කාලයකින් මහ මැතිවරණයක් පැවැත්වීමට අපේක්ෂා කරන අතර ඔවුන් පවසන්නේ  අගමැතිවරයකු තෝරා පත් කර ගැනීම ලිබියාවේ සිවිල් පාලනයක් ස්ථාපිත කිරීමේ පළමු පියවර බවය.නව අගමැති අබ්දුල් රහීම්ට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන අතර එයින් ප‍්‍රධාන වන්නේ කැරැලිකරුවන් නිරායුධ කිරීමයි. ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට එරෙහි සටනේදී බටහිර රටවලින් ලිබියා කැරැලිකරුවන්ට ආයුධ රැසක් ලැබිණි. එමෙන්ම ගඩාෆි හමුදාව සතු ආයුධ විශාල ප‍්‍රමාණයක් ද මේ වනවිට කැරැලිකරුවන් අතට පත් වී තිබේ.එක්සත් ජාතීන්ගේ අනුමැතිය පරිදි ලිබියාවේ කි‍්‍රයාත්මක වූ නේටෝ හමුදා මෙහෙයුම් ද පෙරේදා (31) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් විය. නේටෝ හමුදාව මෙන්ම ඇමෙරිකාවද බිය පළ කරනුයේ ලිබියා කැරැලිකරුවන් සතුව පවතින ආයුධ අල් කයිඩා සටන්කාමීන් අතට පත්වීමේ අවධානමක් පවතින බවය.නේටෝ හමුදාවේ මෙහෙයුම් අවසන් බව ප‍්‍රකාශ කිරීමට නේටෝ මහ ලේකම් ඇන්ඩර්ස් රස්මුසෙන්  පෙරේදා ලිබියාවේ ටි‍්‍රපොලි නුවරට පැමිණියේය.



අදහස් (0)

ලිබියාවේ නව අගමැති විද්‍යාඥයෙක්

Gamage Thursday, 03 November 2011 10:12 AM

"ලිබියා කැරැලිකරුවන් සතුව පවතින ආයුධ අල් කයිඩා සටන්කාමීන් අතට පත්වීමේ අවධානම"

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site