ඉන්දියාවේ කාන්තාවකගේ ගර්භාෂයේ තිබී ලොව මෙතෙක් සොයාගත් විශාලත ම ගර්භාෂ ගෙඩිය ඉවත් කළ බව වෛද්‍යවරු පිරිසක් කියති. රාත්තල් 30ක් (කිලෝ ග්‍රෑම් 15යි ග්‍රෑම් 600ක්) බරැති මෙම ගෙඩියේ විශ්කම්භය අඟල් 21කි .
ලතා නමැති 52 හැවිරිදි කාන්තාවකගේ ගර්භාෂයෙන් මේ ගෙඩිය ඉවත් කිරීමට චෙන්නායි වෛද්‍යවරු සමත් වුහ.
මෙම කාන්තාව හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් හා අධික විඩාවෙන් පෙළෙමින් සිටියත් ගර්භාෂයේ ගෙඩියක් ඇතැයි අදහසක් තිබුණේ නැත. වෛද්‍යවරුන් පවසන්නේ එය පත්තක්කා ගෙඩියක් තරම් විශාල බවයි.
ඇයගේ ජනනේන්ද්‍රීයෙන් රුධිරය වහනය වීම නිසා චෙන්නායි කුමාරන් රෝහලට ඇතුළත් කැරුණු ඇය ලේ හිගකමින් පෙළෙන බව වෛද්‍යවරු කීහ. ගෙඩිය ගර්භාෂයෙන් පිටත පිහිටා තිබිණි.
ප්‍රසව හා නාරිරෝග අංශයේ ප්‍රධානී වෛද්‍ය මානි මේකලායි පැවසුවේ තමන් ඇතුළු කණ්ඩායම මේ ගෙඩිය දැක තැතිගත් බවයි. ෆයිබ්‍රොයිඩ් ලෙස මේ තත්ත්වය හැදින්වෙයි. රාත්තල් 21 ක් බරැති ගෙඩියක් අප්‍රිකානුවකුගෙන් මීට පෙර ඉවත් කැරිණි.
‘‘ ගර්භාෂ ගෙඩියක් කියන්නේ කාන්තාවන්ට සාමාන්‍ය දෙයක් නමුත් මේ ගෙඩිය ඉතා අසාමාන්‍ය ලෙස විශාලව වැඩී තිබුණා. ඊස්ට්‍රජන් හෝර්මෝනය අධිකවීම හේතුවෙන් මෙවැනි ගෙඩි හටගන්නවා. “
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලොකු පත්තක්කාවක් තරම් ගෙඩියක් බඩේ
වික්ටර් Wednesday, 11 June 2014 10:09 AM
කිලෝ 15.6 කියන්නේ රාත්තල් 34 ක් ! (හරියටම නම් රාත්තල් 34යි අවුන්ස 6යි)(දී)
මාලි Wednesday, 11 June 2014 10:27 AM
අදහගන්නත් බැහැ. (දී)
සඳරුවන් Wednesday, 11 June 2014 11:56 AM
හතුරෙකුටවත් මේ වගේ කරදරයක් වෙන්න නම් එපා. (ස)
සරත් බණ්ඩාර Wednesday, 11 June 2014 01:27 PM
අපේ ලංකික කාන්තාවන්ට මේ පුවත හොඳ ආදර්ශයක්. නිතර පරික්ෂාකාරි වන්න. (ස)
ශාන්ති Wednesday, 11 June 2014 01:50 PM
අප්පෝ දැක්කමත් බය හිතෙනවා. වනේ වන හතුරෙකුටවත් මෙවන් දෙයක් නෙවෙවා. (ස)
චම්පික Wednesday, 11 June 2014 05:54 PM
මේ රෝගී තත්ත්වය මගේ ඥාති සොහොයුරියට තිබුනා. මේ තත්ත්වය වයස 35 ඉක්මවූ දරුවන් නැති කාන්තාවන්ට සුලභව ඇති වෙනවාලු. (නි)
සුනිල් Wednesday, 11 June 2014 07:15 PM
අපේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර මැති ඇමතිතුමන්ලාගේ බඩවල් දිහා බලනකොට මේක මොකක්ද කියලා හිතෙනවා (නි)
ප්‍රියදර්ශනී Thursday, 12 June 2014 08:39 AM
අම්මෝ! දකිනකොටත් ඇඟම හිරිවැටෙනවා (නි)
ජීවා Thursday, 12 June 2014 08:34 PM
වයස 35 වැඩි හැම කාන්තාවක්ම .වසර 2 සැරයක්වත් ගැබ්ගෙල (පැප්)පරීක්ෂාවක් කරගන්න ඕනේ මේ හේතුව නිසා තමයි (දී)
නමිත් Monday, 16 June 2014 04:23 PM
හරි පුදුමයි (නදී)