බ්‍රිතාන්‍ය සාමාගමක් විසින් නිපදවන ලද ලොව විශාලතම ගුවන් යානයේ අත්හදා බැලීමේ පියාසර කිරීම් ලබන මාර්තු මාසයේ සිදු කිරීමට නියමිත බව බ්‍රිතාන්‍යයේ මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් යානා හා හෙලිකොප්ටර් යානා නිපදවන තාක්ෂණයන්ගේ සංකලනයකින් මේ යානය නිපදවූ බව ඉංජිනේරුවරු කියති. එයාර් ලෑන්ඩර් 10 ලෙස නම්කර ඇති මෙම ගුවන් යානය දිගින් මීටර 192ක් හා පළලින් මීටර 43.5කින් සමන්විතය. එහි උස මීටර 26කි.
දැනට විශාලම ගුවන් යානය සේ සැලකෙන එයාර් බස් 380 යානයට වඩා එය විශාල බව විදෙස් මාධ්‍ය කියයි.
එයාර් ලෑන්ඩර් 10 යානය සාපේක්ෂව අඩු වේගයකින්ද ගුවනේ තරමක් පහළින් ද ගමන් කිරීමට නියමිතය. නිෂ්පාදන සමාගම පවසන්නේ මේ යානය නිපදවා ඇත්තේ භාණ්ඩ ප්‍රවාහනය මූළික අරමුණු කරගෙන බැවින් එහි යා හැක්කේ මගීන් 40 දෙනකුට පමණක් බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලොකුම යානය මාර්තුවේ ගුවනට
විජේලතා Thursday, 11 February 2016 06:21 PM
සුබ පැතුම්! (නි)
විජිත් Thursday, 11 February 2016 06:43 PM
එංගලන්තය මේ ගුවන්යානය මුලින්ම නිර්මාණය කළේ ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදා ව්‍යාපෘතියක් සඳහායි. නමුත් අවසානයේදී ඔවුන් එය අතහැර දැමුවා. ඉන්පසුව එංගලන්තයේදී මෙය ව්‍යාපාරික සහ සංචාරක කාර්යංශ වලට සුදුසු ලෙස නිර්මාණය කළා. අනෙකුත් ගුවන් යානාවලට සාපේක්ෂව අඩු වායු දුෂණයක් ඇති මෙහි නිශ්ශබ්දතාවය නිසා බොහෝ දෙනෙක් මෙය අගය කරාවි. දවසක මෙයා නැත්නම් මෙයාගේ සහෝදරයෙක් ශ්රී ලංකාවටත් ඇවිල්ලා යයි. (නි)
සනත් ගුනවර්දන ස්විස් Thursday, 11 February 2016 07:20 PM
මෙවෙනි ගුවන් යානා දෙනාටම ඇමරිකාව යුධ හමුදාවට පාවිච්චි කරනවා , මේවාට කියන්නේ( වී ටි ඇ එල්) කියා වර්ටිකල් ටෙක් ඔෆ් ඇන්ඩ්ලෑන්ඩින් (කෞ)
මිහිඳු Friday, 12 February 2016 01:11 AM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
තමර Friday, 12 February 2016 02:08 AM
අපිට කොයින්ද මේවායේ යන්න සල්ලි? (නි)
සුසාර Friday, 12 February 2016 04:56 AM
බැඳ ප්‍රවාහනයට ඔබිනම ගුවන් යානයක් මේක (ම)
විජිත් Friday, 12 February 2016 07:57 AM
එංගලන්තය මේ ගුවන්යානය මුලින්ම නිර්මාණය කලේ ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදා වියාපෘතියක් සඳහායි. නමුත් අවසානයේදී ඔවුන් එය අතහැර දැමුවා. ඉන් පසුව එංගලන්තයේ බෙඩ්ෆෝර්ඩ්ශයෙර්හි, කාර්ඩින්ටන් වල ඇති ගුවන් යාන අංගනයකදී මෙය වියාපාරික සහ සංචාරක කර්යන්වලට සුදුසු ලෙස නිර්මාණය කළා. අඩක් ගුවන් යනයකත් අඩක් හෙලිකොප්ටරයකත් තාක්ෂණික ක්රියාකරිත්වයන්ගේ ( හයිබ්රිඩ් ) සම්මිශ්රණයක් වූ මෙය පිටතට විශාල බැලුමක හැඩය ගත්තකි. මේ ගුවන් යානයේ ප්රධාන කොටස හෙවත් "හල් " එකෙහි " කවරය " ඝන අඩි මිලියන් 1.3 ක් හීලියම් වායුවෙන් පුරවා ඇත. සාමාන්ය වාතයට වඩා බරින් අඩු හීලියම් නිසා , වායු ගතිකයෙන් 60% ක්ම මේ යානය එසවීමට සහයවන අතර ඉතිරි 40% වායු බලය හෙවත් " එයරෝ ඩයිනමික් " උපයෝගී කරගනී., තටුවල හැඩය සහ ඕනෑම පැත්තකට හැරවිය හැකි එන්ජින් නිසා තවත් 25% ඉහලට තල්ලුකිරීමේ හෝ පහලට බැස්සවීමේ හැකියාවක් ඇති මේ යානය ඕනෑම මතුපිටකට ඒ කියන්නේ ජලයට හෝ කාන්තාරයකට හෝ අයිස් මතුපිටකට ගොඩ බෑමට හැකිය. අශ්වබල 350, ලීටර් 4 පරිමාව ඇති ,වී 8 ඉන්ජෙක්ෂන් ටර්බෝ චාර්ජ් ඩිසල් එන්ජින් 4 කින් සමන්විත , සාමාන්ය ගුවන්යානයකට වඩා බොහෝ අඩු වේගයක් ඇති මෙහි වේගය පැයට කිලෝ මීටර් 144 කි. පොලොව මට්ටමේ සිට අඩි 20 000 හෙවත් මීටර් 6100 ක් උසින් ගමන් කල හැකි මේ එයාර්ලැන්ඩර් 10 ට සතියක් අහසේ සිටිය හැක. අනිකුත් ගුවන් යානාවලට සාපේක්ෂව අඩු වායු දුෂණයක් ඇති මෙහි ඇති " නිශ්ශබ්දතාවය " නිසා බොහෝ දෙනෙක් මෙය අගය කරවී. දවසක මෙයා නැතිනම් මෙයාගේ සහෝදරයෙක් ශ්රී ලංකාවටත් ඇවිල්ලා යාවි. (ර)
සාවිත්රි Friday, 12 February 2016 10:53 AM
විජිත්ගේ අදහස් දැක්වීම ප්‍රසංසනීයයි.(ම)
සතිස් Friday, 12 February 2016 11:23 AM
මේ අලුත් ගුවන්යානය ගැන ගොඩාක් කරුණු දැනගත්තා. ඔබට බොහොමත්ම ස්තුතියි විජිත්. (බ)
තනුජා Friday, 12 February 2016 11:55 AM
අනේ මේවා අපේ රටට එද්දී 2075 විතර වේවි. (ම)
රන්ජිත් - ඩුබායි Friday, 12 February 2016 04:02 PM
ඔය යානය දැනටමත් ඩුබායි වලට ඇනවුම් කරලාද දන්නේ නැහැ.මේ රටේ අය එහෙමයි.මොනවා වුනත් කමක් නැහැ .අලුත් දෙයක්ද කීය වුනත් කමක් නැහැ.ඉස්සෙල්ලම ගන්නවා.(කෞ)