X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


ලොරියක් තරම් දැල්ලෙක් හමුවෙයි

මෙතෙක් හමුනොවූ කිලෝ 350ක් බරැති යෝධ දැල්ලන් විශේෂයක දැල්ලකු ධීවරයන් පිරිසකට හමුවී ඇති බවත් ඒ දැල්ලා කෞතුකාගාරයට ගෙනගොස් පරීක්ෂණ කටයුතු අවසන්වීමෙන් පසු මහජන ප්‍රදර්ශනය සඳහා තබන බවත් නවසීලන්ත විද්‍යාඥයෝ පිරිසක් කියති.

දැල්ලා හමුවී ඇත්තේ ඇන්ටාක්ටිකාවට එපිටින් ඇති රෝස් මුහුදේ දී ය. ධීවර යාත්‍රාවේ කපිතාන් ජෝන් බෙනට් පවසන්නේ මේ දැල්ලා කුඩා ලොරියක් තරම් විශාල බවයි. කිලෝ 350ක් බරැති දැල්ලා ගැහැනු සත්ත්වයෙකි. ඉදිරිපස ඇති බාහු දෙක මීටරයක් පමණ දිගු බවත් ග්‍රාහිකා එමෙන් දෙගුණයක් පමණ වන බවත් පර්යේෂකයෝ කියති.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ කැට් බොල්ස්ටැඩ් පවසන්නේ මේ දැල්ලා කලින් දක්නට නොලැබුණු විශේෂයක් බවයි.

‘‘ මේ මා දුටු විශාලත ම දැල්ලායි. මේ දැල්ලා සතුව බිත්තර විශාල සංඛ්‍යාවක් තිබුණා. අපි මෙවැනි දැල්ලෙක් සොයා ගැනීමට අපේක්ෂාවෙන් සිටියා. මේ එය සාර්ථකවීමක්. මීට පෙර මේ ආකාරයේ දැල්ලෙක් හමුවී තිබුණත් පරීක්ෂණ සඳහා තවත් සතකු අවශ්‍යව තිබුණා. “ යැයි ඔහු පවසයි. කලින් හමුවූ දැල්ලා නවසීලන්තයේ ටෙ පැපා හි පිහිටා ඇති ජාතික කෞතුකාගාරයේ තැන්පත් කැර ඇත.

දැල්ලා අල්ලාගත් ධීවරයන් යළි ගොඩබිමට පැමිණ ඇත්තේ මාස අටකට පසුවය. ඒ කාලයේ දැල්ලා ශීතාගාරයක තබා තිබූ බව ද ඔවුහු කියති. පර්යේෂකයන් පවසන්නේ මේ යෝධ දැල්ලන් විශේෂය සම්බන්ධ පරීක්ෂණ අවසන්කර ඉතා නුදුරු දිනක ඒ සම්බන්ධ පරීක්ෂණ වාර්තාව එළිදක්වමින් දැල්ලා සත්ත්ව විද්‍යාත්මකව නම්කරන බවයි.

gigant-squid



අදහස් (0)

ලොරියක් තරම් දැල්ලෙක් හමුවෙයි

කිරි ගමරාල Thursday, 18 September 2014 06:53 AM

ආර්තර් සී ක්ලාර්ක් මහත්තයේගේ "ගැඹුරු මුහුද" නව කතාවෙත් යෝධ දල්ලෙක් ඇල්ලීම ගැන ලස්සනට ලියා තිබෙනවා. (ස)

:       0       0

ලතා පළිහේන Thursday, 18 September 2014 02:29 PM

පුදුම වුණත් ඇස් දෙකටම දැක්කා (නි)

:       0       0

සමන් Thursday, 18 September 2014 04:28 PM

නියමයිනේ! (නි)

:       0       0

චතුර Thursday, 18 September 2014 04:48 PM

ගැඹුරු මුහුදේ තවත් කතාවක්! (නි)

:       0       0

වික්ටර් Thursday, 18 September 2014 06:21 PM

මටත් එකපාරටම මතක් වුනේ "ගැඹුරු මුහුද" නවකතාව. හැබැයි ඒකේ අල්ලන්නේ යෝධ බූවල්ලෙක්. (නි)

:       0       0

රනා Friday, 19 September 2014 05:31 AM

මුව බයිට් එකට ගන්න නම් විස්කි බවුසරක් වත් ඕන. (අ)

:       0       0

දාස Saturday, 20 September 2014 04:18 AM

ජපනාට අහුවුනානම් සැහෙන පිරිසකට රස බලන්න තිබුන (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site