ලොව ඕනෑම තැනක සිටින ඇමෙරිකා හමුදා බලඇණියකට පහර දීමට තමන්ට ශක්තියක් ඇතැයි රුසියාවේ සිටින ඉරාන තානාපතිවරයා අනතුරු අඟවයි. ඉරාන තානාපති සයීඞ් මහ්මූද් රේසා මේ බව කියා සිටියේ රුසියාවේ ඉන්ටර්ෆැක්ස් පුවත් ආයතනය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිණි. තම රටට එරෙහිව ප‍්‍රහාරයක් එල්ල කරන ඕනෑම විදේශයකට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට පැකිලෙන්නේ නැතැයි ඉරාන විප්ලවීය හමුදාව ද අනතුරු ඇඟවීමක් කර තිබේ. ඉදිරි මාස කිහිපයේදී ඊශ‍්‍රායලය නිසැකවම ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කරාවි යැයි ඇමෙරිකාව පවසා ඇති අතර රුසියාවේ ඉරාන තානාපතිවරයා අවධාරණය කළේ ඇමෙරිකාවේ ‘උසි ගැන්වීමෙන්’ ඊශ‍්‍රායලය සිදු කරන ඕනෑම ප‍්‍රහාරයකට තමන් නොබියව මුහුණ දෙන බවය. ඉරානය මේ වනවිටක් තම හමුදා ශක්තිය ලෝකයට ප‍්‍රදර්ශනය කිරීමේ අරමුණින් ගොඩබිම් යුද අභ්‍යාසයක් ද ආරම්භ කර තිබේ. නවීන අවි ආයුධ සහ මිසයිල අත්හදා බලන බව ඉරාන විප්ලවීය හමුදාව පවසයි. ඉරානය මීට පෙර හෝමූස් සමුද්‍ර සන්ධියේදී පැවැත් වූ නාවික අභ්‍යාසය ඇමෙරිකාව, ඊශ‍්‍රායලය ඇතුළු බටහිර රටවල දැඩි විරෝධයට හේතුවක් විය. ඉරානය එම නාවික යුද අභ්‍යාස පැවැත්වූයේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් එල්ල වන තර්ජන ගර්ජන හමුවේ තමන්ට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ලෝක තෙල් සැපැයුමට බාධාවක් එල්ල කළ හැකි යැයි පෙන්වීමටය. ඉරානය, ඇමෙරිකාව සහ බටහිර ලෝකයේ උදහසට ලක්වී සිටින්නේ ඔවුන්ගේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන නිසාය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලොව ඕනෑම ඇමෙරිකන් ඉලක්කයකට ප‍්‍රහාරයක් එල්ල කරන්න අපට පුළුවන්