පෘථිවි කක්ෂයේ සිට සැතපුම් 480 ක් ඉහළින් ස්ථානගතකැර ඇති අධි තාක්ෂණික චන්ද්‍රිකාවක් භාවිතා කරමින් මුහුදේ වෙසෙන තල්මසුන්ගේ චර්යාවන් අධ්‍යයනය කිරීමට බ්‍රිතාන්‍යයේ පර්යේෂකයන් කටයුතු කරමින් සිටියි.
බ්‍රිතාන්‍ය ඇන්ටාර්ටිකා සමික්ෂණ ආයතනය මේ කාර්යයට අතගසා ඇත. ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ අභ්‍යාවකාශ තාක්ෂණය උපයෝගි කර ගනිමින් වර්තමානයේ මුහුදේ කොපමණ ක්ෂිරපායීන් සිටිනවා දැයි සොයාබැලීමයි.
මෙම චන්ද්‍රිකාව මගින් සාගරයේ ඡායාරූප ගෙන අධිතාක්ෂණික මෘදුකාංගයක් භාවිතා කරමින් සාගරයේ සිටින තල්මසුන් හඳුනා ගනී. පර්යේෂකයන් පවසන්නේ මෙම ක්‍රමය මගින් මුහුදු ක්ෂීරපායීන් ගණනය කරන අතර ම තර්ජනයට ලක්ව ඇති මේ සත්ත්වයන් ආරක්ෂා කිරීමේ කාර්යය ද සිදුකළ හැකිබවයි.
දැනටමත් මේ ක්‍රමයෙන් ආර්ජන්ටිනාවේ ගොල්ෆෝ නියුවෝ සාගර ප්‍රදේශයේ සිටින තල්මසුන් ප්‍රමාණය සාර්ථකව ගණනය කැර තිබේ. පර්යේෂකයන් පවසන්නේ ඉදිරියේ දි මෙම ක%මය ලෝකය පුරාම ව්‍යාප්ත කිරීමෙන් පෘථිවි සාගරයේ සිටින තල්මසුන් සංගණනයක් කළ හැකි බවයි.
මෙම පර්යේෂන කණ්ඩායමේ ප්‍රධානි පිටර් ෆ්‍රිට්වෙල් පවසන්නේ තල්මසුන් ගහනය කොපමණ සිටිදැයි සාම්ප්‍රදායික ක්‍රමයෙන්ද තක්සේරු කිරීම ඉතාමත් අසීරු බවයි. එමෙන්ම එසේ ගණනය කිරීම වියදම් අධික සහ නිවැරදි නොවන බවද ෆ්‍රිට්වෙල්ගේ මතයයි. ලොව සිටින තල්මසුන් ප්‍රමාණය මෙතෙක් නිවැරදිව නොදීන. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ තල්මසුන් පැටවුන් මියයාම ඉහළ ගොස් තිබෙන බවයි. බ්‍රිතාන්‍යයේ ග්‍රීන්පීස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥ විලී මැකෙන්සි මෙම නව තාක්ෂණික ක්‍රමයට සුබ පතමින් පවසන්නේ තල්මසුන් ගණනය කිරීමට සහ ඔවුන්ගේ ව්‍යාප්තිය ගැන සොයාබැලීමෙන් මුහුදු ක්ෂිරපායීන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත මෙන්ම ඔවුන්ට දැනට ඇති තර්ජන වලටද මෙ මගින් පිළිතුරු සොයා ගත හැකි බවයි. දේශගුණික විපර්යාස, සාගරයේ ආම්ලිකබව වැඩිවීම සහ සාගර දූෂණය මෙන්ම විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්‍රම හේතුවෙන් මෙම ක්ෂිරපායින් ගේ පැවැත්මට තර්ජන එල්ල වී තිබේ."
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලොව දැවැන්තයන් සොයයි
අල්විස් Thursday, 27 February 2014 03:02 PM
ඉතාම හොද වැඩක්, එත් ඔය වියදමින් දුප්පතුන් ගැන සොයලා ඒ අයව, ගොඩ දා ගන්න පුලුවන්නම් කොච්චර වටිනවාද (අ)
අමිල කටුනායක Thursday, 27 February 2014 10:17 PM
මම හිතුවේ දකුනෙයි බස්නාහිරයි මේ දවස් වල එළි බැහැලා ඉන්න තල්මසුන් කියලා.(නදී)
දිසා Saturday, 01 March 2014 06:18 PM
දුප්පතුන් නැති වෙන්නත් ඕනි අපි මිනිස් වර්ගය ගැන විතරක් හිතන එක වැරදි නේද.සත්තු වෙනුවෙන් හිතන්න පුළුවන් අපෙන් වෙන්න ඕනි යුතුකමක් මේක (දිල්)