X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ලොව බලවත්ම පුද්ගලයා පුටින් : ඔබාමාට දෙවැනි තැන

ලොව බලවත්ම පුද්ගලයා ලෙස රුසියානු ජනපති වැලැඩිමියර් පුටින්  (61)  ඉදිරියෙන් සිටින බව නව  ලෝ ප්‍රකට ෆොබ් සඟරාව කියයි.

සිරියාව සම්බන්ධ ගැටලුවේදී ඔහුගේ මැදිහත්වීම මෙන්ම කේ ජී බී බුද්ධි අංශය, න්‍යෂ්ටික අවි සතු හමුදාව, එක්සත් ජාතීන්ගේ කවුන්සිලියේ ස්ථිර සාමාජිකත්වය මෙන්ම  තෙල් සහ ගෑස් හිමි රටක නායකයා වීම ඔහු මුල්තැනට ඒමට හේතුවී ඇත.

පෝබ් සඟරාවේ නවතම සමීක්ෂණයට  අනුව ඇමෙරිකාවේ ජනපති බරක් ඔබාමාට බලවත්ම පුද්ගලයන් අතර දෙවැනි තැනත්, චීන ජනපති ෂී ජිං ට තෙවැනි තැනැත් හිමිව ඇත.

 



අදහස් (0)

ලොව බලවත්ම පුද්ගලයා පුටින් : ඔබාමාට දෙවැනි තැන

ලක්සිත ෆ්‍රංසය Friday, 01 November 2013 01:35 AM

ඔව් ඔව් ඔව් ඔව් (නදී)

:       0       0

රූපවතී Friday, 01 November 2013 11:15 AM

ගුනේ මාමේ ..ලෝකය අතින් බැලුවොත් ..ශක්තිමත්ම මිලිටරිය සහ යුද ආම්පන්න සමඟ යුද බලවතා සෞදි අරාබියාවයි ..? දෙවැනි තැන රුසියාව සහ තුන් වෙනි තැනට ඉන්නේ ඇමරිකාවයි ..ඇමරිකාවේ ..ගුවන් යානා සහ ආම්පන්න වැඩි උනාට මිලිටරියට පණ දෙන්නේ ..යුද්දයකදී ..අනිකුත් බලවත් රටවල් ..එකතුවකින් නිසා ..ඔවුන්ට එම තත්වයට ඒමට ටිකක් අමාරුයි ...?හැම එකටම පැනල හොට දමන නිසා ..ලෝකයම ඇමරිකාවට බයයි ..ඒත් ..එය පුස්සක් පමණි ..??? (ස)

:       0       0

ගගුල් ලපලු අබේසිංහ. බින්ගිරිය Friday, 01 November 2013 08:13 AM

මම කවද හරි ලෝකයෙම් බලගතුම පුද්ගලයා වෙනවා. දැනටමත් ඒ සදහා වටපිටාව සකස් කරගෙන යන්නේ. මගේ සිහිනය එකම තමා. මේ " සැලසුමේ" වැදගත්ම ජයග්‍රහණය මම මෑතකදී ලැබුවා. මොකද දැන් මගේ "බිරිද" මට හරිම බයවෙලා ඉන්නේ. ඔබාමලා, පුටින්ලා මම ඉස්සරහ නිකන්ම නිකන් "හිස් බෙලෙක්ක" විතරනේ.(නදී)

:       0       0

ගුණේ Friday, 01 November 2013 07:38 AM

නමුත් යුද ශක්තියෙන් ඉහළින්ම ඉන්නේ ඇමරිකාවයි. ඔවුන් ළග තිබෙන යුද උපකරණ ඕනෑම රටකට සාපේක්ෂව ඉතා ඉහළයි. මුලු ලෝකයේම තිබෙන යුද ගුවන් යානා එකතුකළත් ඇමරිකාව සතු යුද ගුවන් යානා සංඛ්‍යාව ඉතා ඉහළයි. (නි)

:       0       0

උපාලි Friday, 01 November 2013 06:57 AM

එක අගවිනිසුරුතුමෙක් ශ්‍රේෂ්ටාධිකරණයේ තිබුන උත්සවයකදී කිව්වා "කෙනෙකුට කිසියම් ඉහළ තැනකට එන්න පහසුයි, හැබැයි ඒ ආ තැන රැකගන්න නම් ඉතාම දුෂ්කරයි. ඒකට අඛණ්ඩ පරිශ්‍රමයක් දරන්න වෙනවා" කියලා. ඇමෙරිකාව අඛණ්ඩ පරිශ්‍රමයක් නම් දරනවා. ඒත්? (නි)

:       0       0

දර්ශන් Friday, 01 November 2013 06:49 AM

බලවත් පුද්ගලයෙක් වුණාට ඒ රටින් 50%වත් මිනිස්සු එයාට කැමති නැතිලු (නි)

:       0       0

ලුම්බිණි Friday, 01 November 2013 05:58 AM

නමුත් රුසියාවේ සඟරාවක් කිවුවා නම් ඔබාමා තමා බලගතුම පුද්ගලයා කියලා එම සඟරාව පළකරපු මිනිහා දැනටමත් හිරේ. (නි)

:       0       0

විජිත ඕස්ට්‍රේලියාව Friday, 01 November 2013 04:52 AM

අප සැමගේ සුභ පැතුම්! (නි)

:       0       0

අල්විස් Friday, 01 November 2013 04:29 AM

ඔබාමා කොහොමද දෙවැනි තැනට එන්නේ? අමෙරිකාවට කවමදාකවත් තනියම යුද්ධ කරන්න බැහැ. (නි)

:       0       0

යු. එස්. ඒ Friday, 01 November 2013 01:47 AM

යුරි ගොර්බචේෆ් සෝවියට් දේශය පාවාදී රට බටහිර වාදීන්ට නටන්නට සුර පුරක් කරදී ගියා. පසුව ආ යෙල්ස්ටින් තනිකරම ඇමරිකන් නැට්ටුවකු වෙමින් රට ආගාදයට ඇද දෙම්මා . පසුව බලයට ව්ලේදිමීර් පුටින් රුසියාව නැවත රට බටහිර වාදීන්ගෙන් බේරා ගෙන රට දියුණු කරගෙන ආර්ථිකය ගොඩ නගා ගත්තා.. මුළු බටහිර ලෝකය සහ ඇමරිකාව ආර්ථික පරිහානියට වැටිමෙන් තිබියදී රුසියාවේ ආර්ථිකය ආපසු නගා සිටුවා ගත්තේ පුටින් ඔහුගේ යහළුවා කලින් සිටි මෙද්වෙ දෙව් ඔහු සමගම සිටි.(නදී)

:       0       0

ඉන්දික ගම්පහ Thursday, 31 October 2013 08:45 PM

අපේ සුබ පැතුම්! (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Friday, 01 November 2013 01:20 AM

මම කැමතිම නායකයා පුටින් (නදී)

:       0       0

පෙටී Thursday, 31 October 2013 11:49 PM

සුබපැතුම්...අපට මුකුත් නැතිද?(නදී)

:       0       0

කුමාරන Thursday, 31 October 2013 11:25 PM

මම දන්නේ නැහැ ශ්‍රි ලංකාවේ යුද්ධය නිමා කරන්න ඇමෙරිකාව සහය දුන්නද නැද්ද කියලා.නමුත් යුධ බය,මර බිය අපේ රටෙන් තුරන් කරන්න අපිට ප්‍රසිධියේ සහය දුන් චීන සහ රුසියන් නායකයා හැමදාමත් ඉදිරියෙන්ම සිටිය යුතුයි.කොහොමත් චින නායකයා,රුසියන් නායකයා,සහ ඇමෙරිකානු නායකයා යන තුන්දෙනා අතරේ බලය බෙදි යාම හොඳයි. (නි)

:       0       0

ලක්මාල් Thursday, 31 October 2013 11:10 PM

මගේ සුභ පැතුම්! (නි)

:       0       0

නිමල් රණසින්ග්හේ Thursday, 31 October 2013 11:09 PM

පුරසාරම් වලින් වැඩක් නැහැ. මට නම් එක දවසක්වත් රුසියාවේ ඉන්න බැහැ.ඒකට ඇමරිකාව? (නි)

:       0       0

සනත් Thursday, 31 October 2013 10:48 PM

නියමයි. අපේ මිතුරෙක්. (නි)

:       0       0

කුමාර් Thursday, 31 October 2013 10:27 PM

ඒ වුණාට අපේ රටේ ව්‍යවස්ථාව අනුව, රටේ ජනාධිපතිතුමා තමයි බලවත්ම. (නි)

:       0       0

පෙත්තා Thursday, 31 October 2013 08:57 PM

මට තැනක් නැහැ එහෙනම්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site