ලොව ලොකුම බොරුකාරයා පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යැයි වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් චෝදනා නගයි.
පාකිස්තානයේ ආර්ථිකය කඩා වැටීමට හේතුව ඉම්රාන් ඛාන්ගේ ‘බොරු’ සහ ඔහුගේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති යැයි ද ඉම්රාන් ඛාන් වැඩි දුරටත් පවසා ඇත.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මෙසේ පැවැසුවේ ‘ද ගාඩියන්’ පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, දේශීය සහ විදේශීය වශයෙන් පාකිස්තානයට කළ හානිය අතිමහත් බව ද අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් එම සම්මුඛ සාකච්ඡාවේදී වැඩි දුරටත් පැවැසීය.
ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී දිගින් දිගටම කියා සිටියේ ඔහු බලයෙන් නෙරපා දැමීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් කුමන්ත්‍රණය කළේ ඇමෙරිකාව සමඟ හවුල් වෙමින් බවය.
ඉම්රාන් ඛාන් ලොව ලොකුම බොරුකාරයා යැයි අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් චෝදනා කරන්නේ මේ සම්බන්ධවය. එදා විශ්වාසභංගයකින් අග්‍රාමාත්‍ය ධුරයේ සිටි ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දමද්දී පාකිස්තාන විපක්ෂ එම දේශපාලන කණ්ඩායම්වලට නායකත්වය දුන්නේ විපක්ෂ නායක ධුරය හෙබවූ ෂෙහ්බාස් ෂරීෆ් ය.
එදා ඉම්රාන් ඛාන් බොරු කියමින් තම ප්‍රතිරූපය විනාශ කිරිමට උත්සාහ ගත් බවත්, මේ වනවිට ඉම්රාන් දිගින් දිගටම බොරු කියමින් පාකිස්තාන වැසියන් නොමඟ හැරීමට උත්සාහ ගන්නා බවත් ෂෙහ්බාස් ෂරීෆ් සම්මුඛ සාකච්ඡාවේදී වැඩි දුරටත් පැවැසීය.
(රොයිටර්)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලොව ලොකුම බොරුකාරයා හිටපු අගමැති ඉම්රාන් ඛාන්