ලොව වටිනාම මුද්දරය දැන් ලන්ඩන් නගරයේ ප්‍රදර්ශනයට තබා ඇත. එය තව නොබෝ දිනකින් ඇමෙරිකානු ඩොලර් මිලියන විස්සකට පමණ අළෙවි වනු ඇතැයි ද පැවසේ.
මේ මුද්දරය 1856 දී දකුණු ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය ජනපදයක මුද්‍රණය කරන ලද්දකි. එහි වටිනාකම ශතයකි. දම්පැහැති කඩදාසියක එය මුද්‍රණය කැර ඇත.
මේ මුද්දරය අවසන් වරට ප්‍රදර්ශනය කරන ලද්දේ 1986 වර්ෂයේ දී ය. අවස්ථා තුනකදී පමණක් මෙම මුද්දරය ප්‍රසිද්ධ වෙන්දේසියේදී විකුණා ඇති අතර එම අගය මුද්දරයක් සඳහා වු ඉහළම අගය සඳහා ලෝක වාර්තාවක් තබා තිබේ.
නිව්යෝර්ක් හි ජුනි 17 වෙනිදා පවත්වන වෙන්දේසියේදී මෙම විශිෂ්ඨ තැපැල් මුද්දරය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන විස්සක මිලක් ලැබේ යැයි බලාපොරොත්තු තබා ඇත..
1873 දි දකුණු ඇමරිකාවේ ඇති බ්‍රිතාන්‍ය කොලනියක් වු බ්‍රිතාන්‍ය ගයානා හි වාසය කරණ ස්කොට්ලන්ත ජාතික ළමයෙකුට තම පවුලේ තොරතුරු සටහන් ව ඇති කඩදාසි අතර තිබී හමුවි ඇති මෙම කදිම මුද්දරය ඔහුගේ මුද්දර එකතුවට එක්කරගෙන තිබේ. නමුත් මෙම මුද්දරය දුර්ලබ ගනයේ එකක් බව ඔහු දැන සිටියේ නැත.
පසුව මෙම ළමයා විසින් එම වසරේදී ම අඩු මුදලකට මුද්දරය විකුණා ඇති අතර වසර පහක් තුල ඕස්ට්‍රෙලියානු වංශාධිපතියෙක් හා කීර්තිමත් මුද්දර එකතුකරන්නකු වු පිලිපේ ලා රෙනොටයිරේ වොන් ෆිරරෙ ගේ මුද්දර එකතුවට ගෙන තිබේ.
මෙම වංශාධිපතියා තම මුද්දර එකතුවේ උරුමය බර්ලින් කෞතුකාගාරයට පවරා දීමෙන් පසුව 1920 දී පළමු ලෝක යුද්ධයේ ජර්මනියේ වන්දි ලෙස ප්‍රංශයේ සන්තතියට පත්ව ඇත. ඔවුන් මුද්දරය නිව්යොර්ක් හි ධන කුවේරයෙකුට විකුණා ඇත.
අවසානයේදී 1980 දී රසායන ද්‍රව්‍ය සමාගමක අයිතිකරුවෙක්වු ජෝන් ඩු පොන්ට් විසින් වාර්තාගත මිලක් වු පවුම් 560,000 ක මුදලකට මේ මුද්දරය ලබාගෙන තිබේ.
දැන් සෝතිබිස්ගේ වෙන්දේසි කරුවන් විසින් මුද්දරය යළි වෙන්දේසි කිරීමට සූදානම්ව ඇත. එම සමාගමේ අධ්‍යක්ෂ වන ඩේවිඩ් රෙඩන් පවසන්නේ ඔහුගේ වෘත්තීය ජීවිතයේ හමුවු විශ්මය ජනක දෙය නම් මෙම මුද්දරය බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලොව වටිනාම මුද්දරය යළි වෙන්දේසියේ
තිලක් Thursday, 12 June 2014 08:33 AM
කොච්චර වටිනා මුද්දරයක් වුණත් වැඩක් නැහැනේ. මොකද යටපැත්තේ කෙළ ගාලා, හොඳ පැත්තේ කළු පාට සීල් එකක් ගහනවානේ (නි)
චන්දි Saturday, 14 June 2014 03:17 AM
බලන්න අත් මේස දාල අල්ලන්නේ. අපේ රටේ නම් කොහෙද (දී)
ඉන්ද්‍රජිත් Saturday, 14 June 2014 11:04 AM
ඒක හරියටම ශ්‍රී ලංකාවේ ඉඩම් විකුනනවා වාගේ තමා. (දී)
සිතිජ Saturday, 14 June 2014 01:31 PM
කැත මුද්දරයක්.පෙනුමෙන් කිසි වටිනාකමක් පෙන්නේ නැහැ.(අ)
ඔලීනා Sunday, 15 June 2014 10:51 AM
බලමුකෝ ඒකට කොපමණ වටිනාමක් ලැබෙයිද කියලා (නි)