ලෝක බැංකු අධිපති පදවියට කෙනකු පත් කර ගැනීම සඳහා ඇමෙරිකාව ඉමහත් දුෂ්කරතාවකට මුහුණ දී සිටියි. ලෝක බැංකුවේ වත්මන් අධිපති රොබට් සූලික්ගේ නිල කාලය මේ වසරේ ජූලි 30 වැනිදා අවසන් වේ. තම නිල කාලය තවත් දීර්ඝ කර ගන්නේ නැතැයි සූලික් පවසා ඇත. සාම්ප්‍රදායික ලෙස ලෝක බැංකු අධිපති පදවියට පත් කෙරෙන්නේ ඇමෙරිකා රජයේ හිතවාදියෙකි. ඔබාමා පරිපාලනය එම තනතුරට තිදෙනකු නම් කර ඇති නමුත් ඔවුහු තිදෙනාම එම තනතුර ලබා ගැනීමට මැලිවෙති. ඔවුන් තිදෙනාගෙන් එක් අයකු වන්නේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ධුරය වෙනුවෙන් තරඟ කිරීමට සැරසෙන සූසන් රෝස්ය. අනෙකා ඇමෙරිකා ආර්ථික විශේෂඥයකු වන ලොරන්ස් සමර්ස්ය. කෙසේ නමුත් ඇමෙරිකා රජයට ගැටලූවක් වී ඇත්තේ නතතුරු භාර ගැනීමට ඇමෙරිකාවේ විපක්ෂ හිතවාදී ජෙෆ්රි සැෂේ කැමැත්ත පළ කර තිබීමය. සැෂේට සංවර්ධනය වෙමින් පවතින රටවල සහාය ලැබෙන අතර ඔහුට එම තනතුර හිමි වුවහොත් ඇමෙරිකා රජයට, ඔහුට බලපෑම් කිරීමට නොහැකි වේ. එක්සත් ජාතීන්ගේ සහස්ර සංවර්ධන අරමුණු වැඩසටහන්වල ද නායකත්වය දැරූ ජෙෆ්රි සැෂේට, මැලේසියාව, ජෝර්දානය, නැගෙනහිර ටිමෝරය සහ කෙන්යාව වැනි රටවල සහාය දැනටමත් හිමි වී ඇත. ලෝක බැංකු අධිපති පදවිය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම එළැඹෙන 23 වැනිදා අවසන් වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලෝක බැංකු මුල් පුටුවට තවමත් සුදුස්සකු නැහැ