X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ලෝකයේ උසම බුදුපිළිමය චීනයේ

දැනට ලෝකයේ ඉදිකර ඇති උසම ප්‍රතිමා දෙක ලෙස ගැනෙන්නේ බුදු පිළිම දෙකකි. ඉන් පළමුවැන්න චීනයේ ෂඔකුන් නගරයේ "දිය බුබුලේ පන්සලෙහි" බුදු පිළිම වහන්සේය. ෂඔකුන් නගරය පිහිටියේ ලුෂන් ප්‍රාන්තයේ. මෙම පිළිමයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ 1997 වන අතර අවසන් කර ඇත්තේ 2008 දිය. මීටර් 40 ක් ( අඩි 131) උස නෙළුම් මලක් මත ඉදිකර ඇති මෙම හිටි පිළිමයේ උස මීටර් 208 කි.( අඩි 682)

මෙම පිළිම වහන්සේ ඉදිකිරිම සඳහා වැයවී ඇති සම්පුර්ණ මුදල රුපියල් කෝටි 2376කි. පිළිමය නිර්මාණය කිරීම සඳහා තඹ තහඩු 1100 ක් යොදාගෙන ඇති අතර සම්පුර්ණ නිර්මාණය ටොන් 1000 කට වඩා බර බව ඇස්තමේන්තු කර ඇත. 

මෙම පිළිමය ඉදිකර ඇත්තේ දර්ශනීය පරිසරයක පිහිටි දැවැන්ත විහාරස්ථානයක වහල මතුපිටය.

මෙම විහාරස්ථානයට " දිය බුබුලේ පන්සල" යන නම වැටි ඇත්තේ අසල පිහිටි උණුදිය උල්පත නිසාය.මෙහි මුල් විහාරස්ථානය ඉදිවී ඇත්තේ "ටැන් රජ පරපුර" බලයේ සිටි කාලයේය. බුදුපිළිම වහන්සේ ඉදිකිරීමට පෙරාතුව මෙම පන්සල ප්‍රසිද්ධියට පත්ව තිබුණේ එහි ඇති ටොන් 116 ක් බර සෞභාග්‍යය උදාකරන දෙයක් ලෙස විශ්වාසයක් සහිත විශාල ඝණ්ඨාරයක් නිසාය.

ලෝකයේ දෙවැනි උසම ප්‍රතිමාව වන්නේ ද බුදු පිළිමයකි. එය ගොඩ නඟා ඇත්තේ මියන්මාර් රටේ "ටවුන්ග්" නම්වූ ගමෙහිය. එයද හිටි පිළිමයකි. මෙම පිළිම වහන්සේගේ උස මීටර් 116 කි. ( අඩි 381) මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ 1996 දිය. ඉදිකිරීම් අවසන් කළේ 2008 දිය. "ලේක්යුන් සාක්‍ය බුද්ධ" නමින් හැඳින්වෙන මෙම පිළිම වහන්සේ ඉදිකරන ලද්දේ එම විහාරස්ථානයේ විහාරාධිපති නාරද හිමියන්ගේ අනුසාශනාවෙනි.

මේ අතර ජපානයේ උෂිකු නගරයේ ඉදිකර ඇති " උෂිකු දයිබුට්සු" බුදු පිළිම වහන්සේ මීටර් 120 ක් ( අඩි 390) උසවෙයි. 1993 දී ඉදිකර ඇති මෙයද ලෝකඩ ප්‍රතිමාවකි.මෙම පිළිම සමඟ සලකා බැලිය හැකි අනෙකුත් ප්‍රතිමා වන්නේ නිව්යෝක් නඟරයේ මීටර් 93 ක් ( අඩි 305) උස සුප්‍රකට ලිබර්ටි ප්‍රතිමාව, රුසියාවේ වොල්ගොග්රාඩ් නගරයේ ඉදිකර ඇති මීටර් 92 ක් ( අඩි 301 ) උස " මව්බිමේ ඇමතුම" නම්වූ ප්‍රතිමාව සහ බ්‍රසීලයේ රියෝ නුවර කොර්කවාඩෝ කඳු මුදුනේ ඉදිකර ඇති මීටර් 38 ක් උස ( අඩි 125 ) ක්‍රිස්තුස් වහන්සේගේ පිළිමයයි.

laykyun_setkyar1[2] Lszydfyj_4 Spring-Temple[5] Ushiku_Daibutsu_2[3]Height_comparison_of_notable_statues_(vector)



අදහස් (0)

ලෝකයේ උසම බුදුපිළිමය චීනයේ

විශ්ව Friday, 04 September 2015 04:03 PM

ඉනෝකා හොඳින් සිංහල දන්නවා නේද? (නි)

:       0       0

සචික Thursday, 03 September 2015 02:52 PM

නියම බෞද්ධයන් හැටියට අපට පුලුවන්ද සෙකන්ඩ් වෙන්න ? චීනෙට ණය වෙලා හරි අපි ඒ වගේ දෙකක් වත් උස පිළිමයක් හදමු.!.(බ)

:       0       0

ගුණසිරි Thursday, 03 September 2015 04:08 PM

මනෝජ්ගේ අදහසට ඌණ පුර්ණයක් එක්‌කරමි. බුදුදහම කියන්නේ ලෝක ධර්මතාවයකට. එය වෙනස් කළ හැකි කෙරුමෙක් සක්වල කොහේවත් ඒකාන්ත වශයෙන්ම නැත. මේ උත්තම පුරුෂයා මතුකර දුන් ලෝක ධර්මතාවය තේරුම් ගැනීම අහස උසට දහසක් පිළිම නෙළුවා වැනියි (නි)

:       0       0

විද්‍යා Thursday, 03 September 2015 06:25 PM

බුදු සසුන බැබළේවා! එම දහමෙන් ලෝක සත්වයාට කරුණාව, මෛත්‍රිය,දයාව ඇතිවේවා! (නි)

:       0       0

යසරත්න Thursday, 03 September 2015 07:10 PM

සාධු සාධු!! (නි)

:       0       0

රජීව් Friday, 04 September 2015 07:44 AM

මම හින්දු ඒත් මම බුදු දහමට ගරුකරන, අදහන කෙනෙක්, ඉපදුන පලියට බෞද්දයෙක් වෙන්නේ නැහැ ධර්මය පිළිපැදීමෙනුයි බෞද්ධයෙක් වෙන්නේ (අ)

:       0       0

මංජු කරුණාරත්න Friday, 04 September 2015 08:14 AM

මේක දැක්කම අපේ ආගම ලොකු ගෞරවයක් ඇතිවෙනවා.(අ)

:       0       0

අමිල-ඩුබායි Friday, 04 September 2015 11:45 AM

බුදු සසුන බැබලේවා!!! මේ ලොව තුල... (අ)

:       0       0

ඉනෝකා Friday, 04 September 2015 12:22 PM

මමත් හින්දු.ඒත් බුදු දහම ගැන මගේ හිතේ තියෙන්නේ විශාල පැහැදීමක්.බුදු දහමෙන් කියැවෙන අනිත්‍ය ගැන මම වටහා ගනිමින් ඉන්නවා.අසහනයට පත් හිත් සුව කිරීමට ඇති එකම මග බුදු දහමයි.....එය මම අත් දැකීමෙන් දන්නවා.......බුදු සමිදුගේ පිළිරුවක් දකින හැම මොහොතකම මගේ සිත පහන් වෙනවා. (අ)

:       0       0

ඉනෝකා Friday, 04 September 2015 12:47 PM

ඉඩ ලද හැම විටෙකම මා ලන්ඩන් නුවර පිහිටා තිබෙන, අතිශයෙන්ම දකුම්කළු වුත් නිසංසල පරීසරක පිහිටා තිබෙන අමරාවතී පන්සලට යන්නේ විඩාබර සිත මොහතකට හෝ සසුන් කර ගැනීමටයි. (අ)

:       0       0

ගජේන්ද්‍ර Thursday, 03 September 2015 02:15 PM

දකිනකොටත් සිත නිවෙනවා (නි)

:       0       2

අමිල Saturday, 05 September 2015 01:10 AM

නමුත් ලෝකයේ කීදාහක් කන්න නැතුව දුක්විඳිනවද? (නි)

:       0       0

ලාල් Saturday, 05 September 2015 01:31 AM

බුදුදහම තුළ ඕනෑම ගින්නකට පිළිතුරු තිබෙන බව දන්නවුන් මෙවන් විශ්මිත නිර්මාණ කිරීම අරුමයක් නොවේ. (නි)

:       0       0

නාලක Saturday, 05 September 2015 04:39 AM

සම්මා සම්බුදු ගුණ ලොව පැතිරේවා. මටත් ලොව සිටින සියලු මනුෂයන්ට බුදු ගුණ මහිමය දැනේවා. සැමට සම්මා සම්බුදු සරණයි (නදී)

:       0       0

අරුණ Saturday, 05 September 2015 04:56 AM

බෞද්දයන් ගේ සිත්වල ඇති අප දහමෙන්ම පෝෂණය උන නිදහස් නිර්මාණශීලිත්වය ලොව වැදගත්ම නිර්මාණ වලින් ඉදිරියෙන්ම තිබීම මනාවට පිළිබිඹු කරයි (නදී)

:       0       0

රවින්ද්‍ර ලක්මාල් Saturday, 05 September 2015 05:02 AM

දැනෙන සතුට කියල නිමකරන්න බැහැ. භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා (නදී)

:       0       1

ජයරත්න Saturday, 05 September 2015 06:27 AM

සමහරු නම් කන්නම ඉපදිච්ච අයනේ. ලෝකයේ වෙන කිසිදෙයක් ඕනෑ නැහැ. කෑවාම විතරක් ඇති (නි)

:       0       0

ඉනෝකා Saturday, 05 September 2015 06:31 AM

විශ්ව,මම ඉගෙනගත්තේ මහනුවර බාලිකා විදුහලක. සිංහල මිනිසුන් සමඟ තමයි වැඩිපුර ගැවසුනේ. එයාලගෙන් වෙන්ව දුර රටක ජීවත්වීම මහත් දුකකි. බුදු සමිදුන් වදාළා නේද ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි කියලා..........! (නි)

:       0       0

ඉනෝකා Saturday, 05 September 2015 10:17 AM

විශ්ව,ඔබට ප්‍රහේළිකාවක් වෙලා ඇති,හින්දු වෙලා මගේ නම ඉනෝකා වුණේ කොහොමද කියල. එහෙම නේද? යහළුවන් අතරේ මගේ නම උච්චාරණය කිරීමට එයාලට අපහසු වුණ නිසා මෙනමින් ඔවුන් මාව ඇමතුවා.මමත් කැමැතියි මේ නමට (නි)

:       0       0

නිමේෂා කලපනී Tuesday, 19 July 2016 03:05 PM

ගොඩක් වටිනා ලිපියක් (අ)

:       0       0

පහන් Thursday, 03 September 2015 08:11 AM

බඩ සහ අබය වැඩි වෙනසක් නැහැ අතුල. (නි)

:       0       0

ටිරෝන් Thursday, 03 September 2015 06:52 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

දිනේෂ් Thursday, 03 September 2015 06:53 AM

බෞද්ධාගම ගැන තියෙන්නේ කියන්න බැරිතරම් ආඩම්බරයක්. (නි)

:       0       0

දර්ශ Thursday, 03 September 2015 06:57 AM

ඇයි බටහිරයන් චීනයට එරෙහි? (නි)

:       0       0

අබය Thursday, 03 September 2015 07:30 AM

ආරියසේන,ඔය අසරණ ගම්මාන මැද ඕවා කරන වෙලාවේ අසරණයින්ට කන්න ටිකක් දුන්නා නම් මොකද වෙන්නේ? (නි)

:       0       0

ගුණසිරි Thursday, 03 September 2015 07:35 AM

භාග්‍යවතුන් වහන්සේගේ වාසනා ගුණයට නමස්කාර වේවා! (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 03 September 2015 07:38 AM

බුදුන් අනුගමනය කරන රටක් චීනය කියන්නේ.ලෝකයේ උසම බුදු පිළිමය හදනවයි කියන්නේ කොච්චර ආඩම්බරයක්ද සිංහල බෞද්ධ වන අපටත්.(හේ)

:       0       0

අරියසේන Thursday, 03 September 2015 07:42 AM

ඒ පන්සල නිසා දැනට ඒ ප්‍රදේශයේ අය අධ්‍යත්මික හා සදාචාර්ය වශයෙන් හොද තත්වයක ඉන්නවා..ඒක හරිම සතුටක්..(හේ)

:       0       0

බුද්ධික Thursday, 03 September 2015 07:43 AM

ඇත්තටම අපි මේ ගැන සතුටු විය යුතුයි.(හේ)

:       0       0

අතුල Thursday, 03 September 2015 08:00 AM

අබය,කෑවම විතරක් හරිද? (නි)

:       0       0

ආරියසේන Thursday, 03 September 2015 05:53 AM

මමත් මැදිහත්වෙලා අසරණ ගම්මාන කිහිපයක් මැද කන්දක පන්සලක් හදනවා. මේ දවස්වල ධර්ම ශාලාවේ වැඩ. ඒත් අපිටත් හරි ආසයි ධර්ම ශාලා හදලා බුදු පිළිමයක් හදන්න.ඒ අවට ඉන්න අයගේ වියදමින් තමයි දැනට ඒ කරන ලද වැඩ ටික හරි කරගත්තේ. (නි)

:       0       0

පහන් Thursday, 03 September 2015 08:14 AM

ජපානයේ ඇති බුදු පිළිමය දැක බලාගන්න මම කීප වතාවක්ම ගියා. (නි)

:       0       0

මහේෂ් Thursday, 03 September 2015 08:17 AM

සාදු සාදු සාදු!!! (නි)

:       0       1

කමල් Thursday, 03 September 2015 08:21 AM

සබ්බ දානං ධම්ම දානං ජිනාති - සියලු දාන අතර ධර්ම දානය උතුම්ම වේ.චත්ත මානවක කතාව අනුව බුදුන් වහන්සේ චත්තගේ කුණු කය ගැන නොසිතා ඔහුගේ සිත තිසරණයෙහි පිහිටුවීමෙන් ඔහු තිරිසන් ආදී නරක උපත් නොලබා දෙවි සැපම ලබන්නට යෙදුනි. එමනිසා කන බොන සහ නොකන නොබොන අප සියල්ලන් උතුම් බුදුදහමට අනුව අසරණයන්ම බව අබය ආදී මහතුන්ටත් නොපමාව අවබෝධ වේවා. (නි)

:       0       0

ඉනෝකා Thursday, 03 September 2015 09:08 AM

අපිට දැකල පුරුදු බුදු පිළිම වලට වඩා වෙනස් සුන්දරත්වයක් පෙනෙන්නට තිබේ.(හේ)

:       0       0

ආරියසේන Thursday, 03 September 2015 09:43 AM

බුදු දහමට අනුව ජීවත්වනවා නම් ඇත්තටම කිසිම ප්‍රශ්නයක් පුද්ගලයා තුළ හෝ පවුල තුළ හෝ ගමක් තුළ සිදු වන්නේ නැහැ.කොච්චර හොද මාර්ගයක් අපට බුදු දහම කියල දෙනවද..(ම)

:       0       0

උදය Thursday, 03 September 2015 09:48 AM

අසරණයින්ට කන්න දීම විතරද කරන්න ඕනේ. මෙවැනි අධ්‍යාත්මික දියුණු කරන වැඩත් කරන්න අවශ්‍යයි. අනෙක අසරණයින්ට කන්න දීමට වඩා වැදගත් වන්නේ ඔවුනට ජීවත් වන්නට වැඩපිළිවලක් සැකසීමයි. (ම)

:       0       0

සඳුන් Thursday, 03 September 2015 11:59 AM

බුදුදහම ලෝක වාසියා දන්නේ නම් ලොව ඇතිවෙන බොහෝ විනසකාරි ප්‍රශ්නවලට විසදුම් ලැබෙනවා .සුඛෝ බුද්ධානං උප්පාදෝ ! බුදු කෙනෙකු ලොව පහළවීම සැපයකි .(හේ)

:       0       0

මනෝජ් Thursday, 03 September 2015 02:13 PM

බුද්ධාගම දර්ශනයක්. ලෝකයේ අවසානයට ඉතිරි වන්නේ මෙය විතරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site