අධි ප්‍රෝටීන් අඩංගු ආහාර වැළදීමෙන් වකුගඩු රෝග ඉහළ යන බව නවතම පර්යේෂණයක් මගින් සොයාගෙන තිබේ. ස්පාඤඤ විද්‍යාඥයින්ද පවසන්නේ අධිප්‍රෝටීන අඩංගු ආහාර මගින් වකුගඩුවල ගල් හටගැනීමේ රෝගයද ඉහළ යෑමේ අවදානමක් පවතින බවයි. මෙයට හේතුව වන්නේ ශරීරයේ පවතින මුත්‍රාවල සිට්රේට් ලවනය අඩුවිමයි. මෙම ලවනය මගින් කැල්සියම් ලුණු ස්ඵටික වීම එනම් ගල් බවට පත්වීම වළක්වයි.
කැල්සියම් වකුගඩුවල ගල් සැදීමේ ප්‍රධාන සංඝටකය වෙයි. එමෙන්ම කැල්සියම් මගින් මුත්‍රාවල පී.එච්. අගය ඉහළ දමනු ලබන අතර ඒ හේතුවද වකුගඩු ගල් ඇතිවීමේ ප්‍රධාන සාධකයකි. ග්‍රැනඩා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් මීයන් යොදාගනිමින් කරණ ලද පර්යේෂණයකදි ඔවුන්ට ප්‍රෝටීන අධික ආහාර දෙනු ලැබුහ. මෙම මීයන්ගෙන් දස දෙනෙකුට සියයට 45ක් ප්‍රෝටීන් ප්‍රතිශතයකින් යුත් ආහාර දෙන ලදී. එමෙන්ම තවත් මීයන් දස දෙනෙකුට සාමාන්‍ය ආහාර වේල් දෙන ලදී.
පර්යේෂකයන් පවසන්නේ මේ පරීක්ෂණය සති දොළහක කාලයක් කළ බවයි. මීයකු හා මිනිසකු සැසදීමේදී මීයාගේ සති දොළහ මිනිසකුගේ වසර නවයකට සමාන වෙයි. මෙහිදී සොයාගනු ලැබුවේ අධිප්‍රෝටීන ආහාර ලබාදුන් මීයන්ගෙන් ශරීරයේ බර සියයට දහයක පමණ අඩුවී ඇති බවයි. කෙසේ නමුත් මෙම මීයන්ගේ රැධිරයේ අඩංගු කොලෙස්ටරෝල් ප්‍රමාණයේ හෝ රැධිරයේ මේද ප්‍රමාණයේ අඩුවක් නොවීය. එමෙන්ම සොයාගෙන ඇත්තේ මෙම මීයන්ගෙන් සියයට 88 ක් මුත්‍රාවල සිට්රේට් ලවන ප්‍රමාණය අඩුවී තිබූ අතර සියයට 15 ක් ප්‍රමාණයක් මුත්‍රාවල ආම්ලිකතාවය ඉහළ ගොස් තිබිණි. මෙහි තේරුම නම් වකුගඩුවල ගල් හටගැනීමේ අනතුර ඉතාමත් ඉහළ බවයි. මෙම පර්යේෂණයේ ප්‍රතිපල අනුව පර්යේෂකයන් යෝජනාකර සිටින්නේ අධිප්‍රෝටීන ආහාරයට ගන්නා මිනිසුන් ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි.
වෛද්‍ය වර්ජිනියා ඇපරිසියෝ මේ සම්බන්ධයෙන් පවසන්නේ මෙම ආහාර හේතුවෙන් ඇතිවන සමහර සෞඛ්‍ය ගැටළු පලතුරු සහ එළවළු ආහාරට ගැනීමෙන් මඟහරවා ගත හැකි බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වකුගඩු ලෙඩකරන ප්‍රෝටීන
අසංක Monday, 17 February 2014 08:33 PM
මේ ලෙඩරෝග අපි විසින්ම වැළඳ ගන්න ඒවා. මිනිස්සුන්ට අපේ කම අමතක වෙලා අපේ ආදී මුතුන් මිත්තන්ට මේ ලෙඩ කිසිවක් තිබුනද? ඒ මිනිස්සු කිසිම කරදර යක් නැතුව අවරුදු 80- 100 විතර ජිවත් උනා. ඒ මිනිස්සු ඔය විසේශ කෑම කෑවේ නැහැ. හොද සනීපෙට හිටියා.(නදී)
සස්කා Tuesday, 18 February 2014 09:15 AM
අසංක, මොනවා කලත් ඉස්සර හිටිය කිසිම කෙනෙක් දැන් ඉන්නවද? මොනවා කෑවත් මැරෙනවමයි.(නදී)
ලතා පලිහේන Tuesday, 18 February 2014 11:35 AM
පළතුරු එළවළු ගැනීම අපේ ඇගට කොපමණ හොඳද? (නදී)
රංජිත් Tuesday, 18 February 2014 11:50 AM
අඩුම තරමේ මොන වගේ කෑමද ගතයුතු කියලා නැහැ.(නදී)