X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


වඳවීමට සිතුවාටත් කලින් එයි

මිනිස් ක්‍රියාකාරකම් නිසා පෘථීවිය මත සිදුවීමට යන 6 වන මහා වඳවීම සිතුවාටත් වඩා කලින් ආරම්භ වී ඇති බව විද්‍යාඥයෝ කියති.

‘සයන්ස්‘ සගරාවට අදහස් දක්වමින් මේ සම්බන්ධව පර්යේෂණයක් කර ඇති ලොව විවිධ රටවල් නියෝජනය කරන විද්‍යාඥ කණ්ඩායමක් පවසන්නේ දැනටමත් සතුන් විශේෂ 320 කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම වද වී යෑමට මිනිස් ක්‍රියාකාරකම් හේතුවී ඇති බවයි.

තවත් සතුන් විශේෂ බොහෝ ගණනක් තර්ජිත හෝ වදවී යමින් සිටින තත්ත්වයේ සිටින බව ඔවුහු කියති.

පෙර පෘථීවියේ සිදුවී මහා නෂ්ඨවීම් සියල්ලකටම පාහේ හේතුවූයේ ඇස්ටරොයිඩයක් කඩා වැටීම,මහා ජල ගැලීම්,කාලගුණ විපර්යාස වැනි ස්වභාවික හේතූන් වුවද මෙවර සිදුවීමට යන මහා නෂ්ඨවීමේ සම්පූර්ණ වගකීම මිනිසා මත පැටවෙන්නේයැයි පෙනෙන්නට ඇති බව විද්‍යාඥ පිරිස පවසති.

තත්ත්වය මෙසේ වෙද්දී මිනිස් ගහණය නම් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලි වන කරුණකි.

වදවී යෑමේ තර්ජනය වඩාත් එල්ලවී ඇත්තේ අලි ඇතුන්, රයිනෝසෝරයන්, හිම වලසුන්, වැනි ප්‍රමාණයෙන් විශාල සතුන්ට බව හදුනාගෙන ඇත.

මෙයට හේතු ලෙස විද්‍යාඥ පිරිස පෙන්වා දෙන්නේ මෙම සතුන් ප්‍රමාණයෙන් විශාල වීම නිසා දඩයම්කරුවන්ගේ ගොදුරු බවට පහසුවෙන් ලක්වීමත්, වරකදී පැටවුන් අඩු ගණනක් බිහි කිරීම නිසා මියයන ජීවීන් සංඛ්‍යාවට හා සමානව නව ජීවීන් නොඉපදීමත්, පැතිර සිටීමට විසල් ඉඩකඩක් අවැසි වුවත් මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා එවැන්නක් සපයා ගැනීමට අපහසුව තිබීමත් වැනි කරුණුය.

මෙම සතුන් හා අපගේ කිසිදු ගනුදෙනුවක් නැතැයි ඔවුන්ගේ විනාශය ගණනකට නොගෙන නොසිටිය හැකි බවත් ඔවුන් විනාශ වීම යනු මිනිසුන් වන අපගේ විනාශයද නුදුරේදීම ළගාකර ගැනීම වනු ඇති බවත් විද්‍යාඥ පිිරිස අනතුරු අගවති.

මෙයට උදාහරණයක් ලෙස ලෝකයේ ඉහළ නගමින් තිඛෙන මිීයන් වැනි කෘන්තකයින්ගේ හා වෙනත් පරපෝෂිතයින්ගේ ගහණය ඔවුන් පෙන්වා දෙති.

මෙම සතුන්ගේ ගහණයේ ඉහළ යෑමට වෙනත් සතුන්ගේ ගහණයේ අඩුවීම හේතුවී ඇතැයිද විවිධාකාරයේ රෝග කාරක වල ප්‍රවාහකයින් ලෙස කි්‍රයාකරන මෙම සතුන් මිනිසාගේ විනාශය ළගා කරනු ඇතැයිද ඔවුහු පවසති.

ලෝකයේ පැවැත්මට සියලූ ජීවීන්ගේ දායකත්වය අවශ්‍ය බව ඔවුහු අවධාරණය කරති.

එහිදී එක් ජීවියෙකුට වැඩි තැනකුත්,තවත් ජීවියෙකුට අඩු තැනකුත් හිමි වන්නේ නැතැයි ඔවුහු පවසති.



අදහස් (0)

වඳවීමට සිතුවාටත් කලින් එයි

චන්ද්‍රා වීරසිංහ Monday, 28 July 2014 10:50 PM

උපත් පාලන පෙති හා කොපු වහා විනාශ කර දමන්න .විවාහ වීමේ වයස අවුරුදු 14 දක්වා අඩු කරන්න. බහු විවාහ වලට රාජ්‍ය අනුග්‍රහය දෙන්න. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 29 July 2014 04:00 AM

මේ පරික්ෂකයන්ට අපි ගෞවරව කරනවා වගේම මේ කියන සංහිඳියාව අපේ මුතුන්මිත්තෝ අපුරුවට විස්වාස කළා. ඒ අනුව ක්‍රියා කලා. කවදාවත් හේනකට ගිනි තිබ්බේ නැහැ සතුන් දැනුවත් නොකර කලින් දවසේ හැන්දෑවේ ගිනිහුලක් අරගෙන මුළු හේන වටේම කෑ ගහනවා සතුන්ට ඇහෙන්න පහුවෙනිදට තමයි හේන ගිනි තියන්නේ , ගහකට අත තිබ්බේ තමන්ගේ අවශ්‍ය තාවයටකට මිසක් මුදල් ඉපයීමේ තෘෂ්ණානාවෙන් නෙවෙයි. එ්කත් ගහට කොළට වැඳලා තමයි කැපුවේ . සොබාදහම , සතා සීපාවා , එක්ක තිබුන එ් සැබඳියාව නිසාම අපිට හොඳ සහජීවනයක් තිබුනා. බල ලෝබි මුදල්ම පරමාර්ථය කරගත් ආත්මාර්ථකාමී මිනිසුන් නිසා අද හැම දේම උඩු යටිකුරු වෙලා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site