වයඹදිග පාකිස්තානයේ කුරාම් ගෝත‍්‍රික පිරිස් වැඩි වශයෙන් වෙසෙන ජොගී ප‍්‍රදේශයේ පෙරේදා (31) පාකිස්තාන හමුදාවන් හා ප‍්‍රචණ්ඩකාරීන් අතර හටගත් ගැටුම් නිසා සෙබළුන් 10 දෙනෙකු හා ප‍්‍රචණ්ඩකාරීන් 40 දෙනෙකු මියගිය අතර, සිවිල් වැසියෝ 32 ක් තුවාල ලැබූහ. නැවතත් හටගත් මෙම ගැටුම් නිසා, ප‍්‍රචණ්ඩකාරී පිරිස් හා පාකිස්ථාන රාජය අතර සාම සාකච්ඡා බිඳ වැටීමට ඉඩ ඇතැයි යුද නිරීක්ෂණ කණ්ඩායම් කියා සිටිති. මෙම ගැටුම් හට ගැනීමට හේතුවූයේ ප‍්‍රචණ්ඩකාරීන්, ජොගී හි ආරක්ෂක මුරපොළකට ප‍්‍රහාර එල්ල කිරීමයි. ජොගී ප‍්‍රදේශය පිහිටා ඇත්තේ ඇෆ්ගනිස්තාන මායිමේය. මියගිය ප‍්‍රචණ්ඩකාරීන්ගේ පිරිස ඉතා අඩු බව ඇෆ්ගන් තලෙයිබාන් සංවිධානය කියයි. රජයේ ආරංචි මාර්ග පවසන ආකාරයට පටහැනි ප‍්‍රකාශ හා මියගිය සංඛ්‍යා අඩුකර දැක්වීමට ප‍්‍රචණ්ඩකාරී සංවිධාන බොහෝ අවස්ථාවල ක‍්‍රියාකරති. අල්කයිඩා සංවිධානයට හා ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් සංවිධානයට සම්බන්ධ පාකිස්තානයේ තලෙයිබාන් සංවිධානයේ සාමාජික පිරිස්, වයඹදිග පාකිස්තානයේ ජොගී ප‍්‍රදේශය පුරා පැතිර සිටිති. මුරපොළට ප‍්‍රහාර එල්ලවූ අවස්ථාවේදී පාකිස්තාන හමුදා ඊට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළ අතර ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානාද කැඳවන ලදී. පාකිස්තාන රජය හා අල්කයිඩා සංවිධානයට සම්බන්ධ තලෙයිබාන් සංවිධානය අතර පැවැති ගවේෂණාත්මක සාම සාකච්ඡා මෙතෙක් ප‍්‍රතිඵල රහිත, ප‍්‍රගතියකින් තොරව අවසන්වී තිබේ. තවද මීට පෙර පැවැති සාම සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් ලෙස රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට රජය සමත් වී නොමැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වයඹදිග පාකිස්තානයේ රජයේ හමුදා ප‍්‍රචණ්ඩකාරී සංවිධාන අතර යළි ගැටුම්