X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


වර්ජින් ගුවන් නියමුවා මගීන් 400ක් බේරයි

හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී ගොඩබැසුම් ගියරය කි‍්‍රයාවිරහිතව ගියද මනා නිපුණත්වයකින් යුතුව ගුවන්යානයේ පාලනය තමන් අතට ගෙන රෝද නොමැතිවම එය ගොඩබස්වා යානයේ සිටි මගීන් 400 දෙනා සුරක්ෂිත කිරීමට පසුගියදා ඇමරිකාවේ වර්ජින් ගැලැක්ටික් ගුවන්සේවයේ සේවය කරනා ගුවන්නියමුවෙක් සමත් විය.

‘යානයේ උදරය මත ගොඩබැස්වීමක්‘ (බෙලී ලෑන්ඩින්ග්) නම් වන මේ කි‍්‍රයාවලිය මනා සංයමයකින් යුතුව සිදුකළ යුත්තක් වන අතර කලබල වුවහොත් විනාශයක් අත්විය හැකි බව සඳහන්ය.

ලන්ඩනයේ සිට ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර බලා පියාසර කරමින් තිබූ මෙම ගුවන්යානයේ දෝෂයක් ඇති බව හෙළිව තිබෙන්නේ ගුවන්ගතවී විනාඩි 30 ක පමණ කාලයක් ගතවූද පසුවය. දෝෂ සහිතව ඇමරිකාව බලා ගමන් කිරීම අනතුරුදායක හෙයින් වහා නැවත හැරී බි‍්‍රතාන්‍යය බලා පැමිණෙන්නැයි පාලක මැදිරියෙන් ලද උපදෙස් මත යානයේ නියමුවා වූ ඩේවිඩ් විලියම්ස් නැවත ලන්ඩනය බලා පැමිණ ඇත.

ආපසු එන ගමනේදී මගීන්ට උද්ගතවී ඇති තත්ත්වය සැකෙවින් විස්තර කරදී තිබෙන ඔහු තමන් කෙරෙහි විශ්වාසය තබන්නැයි කියා තිබේ.

ගුවන්පථය ආසන්න වෙද්දී යානයේ වේගය නියමිත පරිදි අඩු කළ ගුවන් නියමු තැන යානයේ උදරය ගුවන්පථය මත ගැවී නොගැවී යන සේ මද දුරක් පියාසර කොට අවසානයේ සම්පූර්ණයෙන්ම යානය බිමට පහත් කළ බව ගුවන්තොටුපළ සේවකයින් පවසයි. ගිනි පුපුරු විසිවුවද ගින්නක් ඇති නොවූ බවත් වහාම යානය වෙත ගොස් එහි සිටි මගීන්ව පිටතට ගත් බවත් ඔවුන් කියයි.

තම ජීවිත ගලවාගැනීම සම්බන්ධයෙන් ගුවන් නියමුවාට තම ස්තූතිය පුද කිරීමට මගීන් ඔහු සෙවුවද ඔහු ඒ වන විට සිටියේ ගුවන්පාලක මැදිරිය වෙත ගොස් තම වාර්තාව ලබාදෙමින්ය.

පසුව මාධ්‍ය වෙත කෙටි අදහස් පළ කිරීමක් කළ ඩේවිඩ් කීවේ තමන් කළේ තම රාජකාරිය බවයි. ඊට එහා දෙයක් තමා සිදුනොකළ බවත් මගීන්ගේ ස්තූතිය නිහතමානීව භාරගන්නා බවත් ඔහු පැවසීය.

යානයේ දෝශයට හේතුව මේ වන විට අනාවරණයවී තිබෙන අතර යානයේ රෝද කට්ටල වලින් එක් කට්ටලයක් පිටතට ආ නොහැකිව සිරවීම නිසා මෙසේ ගොඩබැසුම් ගියරය හරිහැටි කි‍්‍රයාත්මකවී නැති බව සඳහන්ය.

24512C9200000578-2890093-Close_up_This_image_shows_how_three_quarters_of_the_landing_gear-a-24_1419876808294 24517EA100000578-2891527-Crying_passengers_on_board_a_transatlantic_Virgin_flight_have_ha-a-9_1419963122458 245543B300000578-0-image-m-23_1419961588435 2451455900000578-2891527-Back_on_the_ground_This_is_the_Virgin_Atlantic_jet_during_its_ri-a-8_1419963122433



අදහස් (0)

වර්ජින් ගුවන් නියමුවා මගීන් 400ක් බේරයි

සමුද්‍ර Thursday, 01 January 2015 09:28 AM

මෙය වර්ජින් අත්ලංතික්. වර්ජින් ගැලැක්ටික් කියන්නේ අභාවකාශයට යන්න හදන රොකට් එකට. (හේ)

:       0       0

සංඛ Thursday, 01 January 2015 09:42 AM

ඔබ වීරයෙක්. (ර)

:       0       0

කපිල Thursday, 01 January 2015 11:49 AM

කලේ රාජකාරිය වුනත්, මේ පිනම ඇති. (ර)

:       0       0

විනීතා Thursday, 01 January 2015 04:26 PM

ඔබ සැබෑම වීරයෙක්.(හේ)

:       0       0

ප්‍රියශාන්ත Thursday, 01 January 2015 04:28 PM

ඇත්තටම නියම දක්ෂ නියමුවෙක් ගොඩක් ආඩම්බරයි.(හේ)

:       0       0

නිරංජන් Thursday, 01 January 2015 05:23 PM

ඔබ මේ කළ පින හේතුවෙන් ඔබේ සංසාරයේ කවදාවත් අකල් මරණයට ගොදුරු නොවේවා යන්න මගේ පැතුමයි (නි)

:       0       0

කැළුම් Thursday, 01 January 2015 07:07 PM

හොඳ පුවතක් (නි)

:       0       0

රජින්ද Thursday, 01 January 2015 10:22 PM

මෙය කියවනවිට මීට දින කිහිපයකට පෙර අපේ ගුවන් නියමුවා ඇතුළු පිරිස කළ ජීවිත පුජාව සිහියට නැඟුනු අතර, මෙවන් නිහතමානී උතුම් මිනිසුන් තවදුරටත් අප අතර රැඳීසිටීම ගැන උදක්ම සතුටු වෙමු. (නි)

:       0       0

තරිඳු Friday, 02 January 2015 02:15 AM

සතුටුදායක පුවතක් (නි)

:       0       0

සෝලියස් Friday, 02 January 2015 02:37 AM

වර්ජින් අත්ලන්තික් එක ගැන මීටපෙරත් ලිපියක් ගියා නේද ලෝකයේ සේවයකයන්ට ‍හොඳින්ම සළකන ආයතනය හා හාම්පුතා ඉන්න ආයතනය කියලා. ඉතින් මෙහෙම වෙන එක පුදුමයක් නොවේ. සිටියොත් හොඳට හැදී‍ දෙවියොත් නමව වඳී... (නි)

:       0       0

ඕෂධ Friday, 02 January 2015 06:13 AM

මේ අවුරුද්ද ගුවන් ගමන්වලට ආරක්‍ෂිත සුබදායි වසරක් කියලයි පෙන්නුම් කරලා තියෙන්නේ .(හේ)

:       0       0

මහානාම Friday, 02 January 2015 02:26 PM

මේක ඇමෙරිකාවේ හදන බෝයින්ග් යානයක් බව වසන් කරන්න හදන්නේ මොකද ?(හේ)

:       0       0

කුමාර Sunday, 04 January 2015 01:37 PM

මලයාසියාවේ මේ වගේ අය හිටියානම් නිකරුනේ මිනිස්සු මැරෙන්නේ නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site