යුරෝපයේ සංචාරයක නිරත මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී වසර 24කට පසු ඊයේ(19) බි‍්‍රතාන්‍යයට පැමිණියාය.
ඈ බි‍්‍රතාන්‍ය බලා පැමිණියේ ඩබ්ලින් නුවරදී සිය 67 වැනි උපන්දිනය සැමරීමෙන් අනතුරුවය. ඒ සඳහා විශේෂ උත්සවයක් ද සංවිධානය කෙරුණු අතර විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සූකීට මෙවර බි‍්‍රතාන්‍ය සංචාරය පෞද්ගලික වශයෙන් ද අතිශය වැදගත් වේ. ඇය මෙවර බි‍්‍රතාන්‍යයට පැමිණියේ වසර ගණනාවකින් නුදුටු ඇගේ පුතුන් හා මෙතෙක් කිසිදාක දැක නැති ඇගේ මුණුබුරු මිනිබිරියන් ද බලන්නටය.
බි‍්‍රතාන්‍යයට පැමිණි සූකී ලන්ඩන් ආර්ථිකවිද්‍යා පාසලේ ඊයේ පැවැත්වුණු සංවාදයකට ද සහභාගී වූවාය. අනතුරුව සවස්භාගයේදී ඇය අධ්‍යාපන කටයුතු සඳහා වසර ගණනාවක් ගත කළ ඔක්ස්ෆර්ඞ් නගරයේ සිටින සිය පවුලේ සාමාජිකයන් හමුවීමට ගියාය.
සූකී සිය බි‍්‍රතාන්‍ය සංචාරයේ වැදගත් සන්ධිස්ථානයකට පැමිණි අද(19) දිනයේදී තමා දේශපාලන විද්‍යාව, දර්ශනය සහ ආර්ථිකවිද්‍යාව උගත් ඔක්ස්ෆර්ඞ් සරසවියෙන් සිවිල් නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් පිරිනැමීමට නියමිතය.
මෙවර බි‍්‍රතාන්‍ය සංචාරය ඇයට දේශපාලනික වශයෙන් වැදගත් වනුයේ අනිද්දා(21) බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඇමතීමට සූදානමින් සිටින නිසාය.
සූකී මියන්මාරයට යාමට පෙර විසිවසරක් මවක සහ බිරිඳක ලෙස ගත කළේ බි‍්‍රතාන්‍යයේය. 1988 වසරේදී සිය මවගේ අසනීප තත්ත්වය හේතුවෙන් මියන්මාරයට ගිය සූකීට නැවත බි‍්‍රතාන්‍යයට පැමිණීමට වසර 24ක් ගත වනු ඇති බවට ඇය කිසිසේත්ම නොසිතන්නට ඇති බව විදෙස් විශ්ලේෂකයෙකු සඳහන් කළේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වසර 24කට පසු සූකී බි‍්‍රතාන්‍යයට පැමිණේ
සේනානායක Wednesday, 20 June 2012 10:55 PM
තමන්ගේ සාධාරණ අරමුණු වෙනුවෙන් අරගලයේ නියුතු උදාර කාන්තාවකි.සුභ පැතුම්!
සුභාෂිණි Thursday, 21 June 2012 04:29 AM
ආදරණීය සුකී, ඔබේ ජීවිතය අපට ආඩම්බරයකි