වසර 40කට පසුව මුල්ම වතාවට ජපානය සිය බලශක්ති උත්පාදන කටයුතු සඳහා න්‍යෂ්ටික බලය භාවිත කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ අනුව මෙතෙක් කි‍්‍රයාත්මක වූ අවසන් න්‍යෂ්ටික බලාගාරය ලෙස සැලකෙන හොකයිඩෝ දුපතේ පිහිටි ටොමාරි න්‍යෂ්ටික බලාගාරයේ වැඩකටයුතු සියල්ල නවතා දමා ඇතැයි ද වාර්තා වේ. ඉකුත් වසරේදී ජපානයට බලපෑ ප‍්‍රබල භූකම්පනයෙන් අනතුරුව හට ගත් සුනාමි රළ හේතුවෙන් ටෝකියෝ නුවරට නුදුරින් පිහිටි ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ කාන්දුවීමේ බරපතළ අවදානමක් ඇති විය. ඒ හේතුවෙන් ජපන් ජාතිකයන් තුළ න්‍යෂ්ටික බලශක්ති භාවිතය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මතුවිය. මෙකී තත්ත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස වසර 1970න් පසුව පළමු වතාවට පරමාණු ශක්තිය බලශක්තියක් ලෙස යොදා ගැනීම මුළුමනින්ම අත්හිටුවනු ලැබූයේ මේ වතාවේදීය. අවසන් වතාවට ජපානය මෙවන් කි‍්‍රයාමාර්ගයක් ගනු ලැබූයේ 1970 මැයි 4 වැනිදාය. ඒ න්‍යෂ්ටික බලය නඩත්තු කිරීමේ කටයුත්තක් සඳහාය. මේ අයුරින් න්‍යෂ්ටික බලය භාවිතයට ගැනීමෙන් වැළකීමට ජපානය කි‍්‍රයාකිරීමත් සමඟ එරට සතුව තිබෙන න්‍යෂ්ටික ප‍්‍රතිකි‍්‍රයාකාරක 50ම භාවිතයෙන් ඉවත් කර ඇති බව ජපාන බලධාරීහු පැවසූහ. ජපානය ගත් මේ පියවරත් සමඟ ලොව න්‍යෂ්ටික බලවතුන් හට න්‍යෂ්ටික බලය භාවිත කිරීම සම්බන්ධයෙන් දෙවරක් සිතීමට බල කෙරෙන තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ ඇති බව විදෙස් විශ්ලේෂකයෝ පවසති. ජපානයේ න්‍යෂ්ටික අවදානම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එරට සිටින සුප‍්‍රකට සාහිත්‍යධරයකු වන හරුකි මුරකමි මෙසේ පැවසීය. ‘‘මේ වතාවේදී කිසිවකු ජපානයට බෝම්බයක් හෙළුවේ නැත. ඊට පසුබිම සකසා ගත්තේ අප විසින්මයි. අපි අපේ අතින්ම මේ අපරාධය සිදු කළා. අප අප විසින්ම භූමිය විනාශ කළා. අපේ ජීවිත අප විසින්ම විනාශ කර ගත්තා.’’ මෑත කාලයේ න්‍යෂ්ටික බලය භාවිතයට ගැනීමේදී මුහුණ පෑ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමෙන් පැහැදිලි වන කරුණක් වන්නේ න්‍යෂ්ටික බලය මිහිතලය මත ජීවයේ පැවැත්මට අභියෝගයක් එල්ල කර ඇති බව යැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වසර 40කට පසුව ජපානය න්‍යෂ්ටික බලය අත්හරී
ධම්මා Monday, 07 May 2012 10:05 PM
ජපන්නුන්ට පුළුවන් නම් ඇයි අනිත් අයට බැරි?
රවී Wednesday, 09 May 2012 08:12 AM
බොහොම හොද දෙයක්. එරට සතුව තිබෙන න්‍යෂ්ටික ප‍්‍රතිකි‍්‍රයාකාරක 50ම භාවිතයෙන් ඉවත් කිරීම නිසා ඒවා ලංකාවට ගෙනෙයිද? සාමාන්‍ය ක්‍රමය ඒකනේ.
ටී.එම් සංජීව Monday, 14 May 2012 11:48 AM
හොඳ අදහසක්,අවධානමින් මිදීමක්, මොකක්ද විකල්පය?