පෘථීවියෙන් එපිට ජනාවාස තැනීමේ තවත් පියවරක් ලෙස සඳ මත ඉදිකළ හැකි නිවහනක සැළැස්මක් ඉදිරිපත් කිරීමට යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය කටයුතු කර තිබේ.
අභ්‍යාවකාශ ඒජන්සියේ පර්යේෂකයින් පවසන්නේ තවත් වසර 40 ක් වැනි කාලයකදී සඳ මත ජනාවාස ඇතිකළ හැකි වනු බවයි.
ඉදිරිපත් කර ඇති මෙම නිවහන තැනීමට යොදාගැනීමට සැළසුම් කර ඇත්තේද සඳ මතින් ලබාගන්නා අමුද්‍රව්‍යයන්ය.ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ආධාරයෙන් නිවස තැනීමට අවශ්‍ය කොටස් නිපදවා ගන්නා බව පර්යේෂකයින් කියයි.
සඳ මත ශුන්‍ය ගුරුත්වය මගහැරවීමට, නිරන්තරයෙන් පතිත වන උල්කාපාත වර්ශාවන්ගෙන් ගැලවීමට, විකිරණශීලී කිරණයන්ගෙන් ඇතිවිය හැකි හානි වළක්වාගැනීමට උපක්‍රමයන්ද මෙම නිවහනේ භාවිතා වනු ඇත.
සිව් දෙනෙකුට පමණ පහසුවෙන් ලැගුම් ගැනීමට හා දෛනික කාර්යයන්හි යෙදීමට තරම් නිවස ප්‍රමාණයෙන්ද විශාල බව සඳහන්ය.
ඉතා සරල අයුරින් සැළසුම් කෙරී තිබුණද නිවස සවි ශක්තිය අතින් ඉහළින්ම සිටින බවද පර්යේෂකයින් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වසර 40කින් හඳේ ජනාවාස
ජයසෝම වෙල්ලම්පිටිය Saturday, 08 November 2014 12:32 PM
පෘතුවිය සහ පෘතුවි තලයත් දුෂණය කරලා, හඳත් දුෂණය කරන්න. ගමේ සිටින අපිට රෑට එ්කේ එළියත් නොලැබෙයි. මිනිසා දියුණු උනා කිව්වට ඔය දියුණුවෙන් උනේ ආයුෂ කොට කර ගන්න එක (නදී)
සිරිමන් වර්ණකුලසුරිය Wednesday, 12 November 2014 06:59 PM
ඔය යන හැමෝටම හඳේ කන්න දෙයක් නැහැ. හාවාගෙන් ඉල්ලලා කිරිපැණි තමයි කන්න වෙන්නේ. (නදී)
ධනුෂ්ක දිසානායක Wednesday, 12 November 2014 02:05 PM
මටත් කතා කළා. අනේ ඒත් මම බෑ කිව්වා (නදී)
හියාරා Tuesday, 11 November 2014 10:11 AM
මෙයාලට පිස්සු. කන්න, බොන්න.. හැම දෙයක්ම විසදෙයද? (ස)
ලලීන් Tuesday, 11 November 2014 09:45 AM
ලෝකයේ මෙච්චර ඉඩ තියෙද්දි හදේ පදිංචියට යන්නේ මොන දේකටද?(හේ)
සම්පත් Tuesday, 11 November 2014 09:40 AM
මම හිතන්නේ දැන් අවුරුදු 40ක් තිස්සේ මේ කතාව කියවනවා.(හේ)
ගුණරත්න Monday, 10 November 2014 03:37 PM
අපේ අයත් යයි.(හේ)
උයන්ගොඩ Sunday, 09 November 2014 05:41 PM
ඔය හඳ තරණය කිරීමට ඉන්දියාවත් දැන් පොරකනවා. (නි)
මධු Sunday, 09 November 2014 10:27 AM
නොමිලේ එක්ක ගියත් මමනම් යන්නේ නෑ.(හේ)
දසුන් Sunday, 09 November 2014 07:40 AM
ජය වේවා.(හේ)
පෙරේරා Sunday, 09 November 2014 07:09 AM
ඇත්තටම හොද අදහසක්.(හේ)
අමිළ Sunday, 09 November 2014 06:24 AM
පිස්සු හැදේ සද බැබලේ (නදී)
පුෂ්පසිරි අල්විස් Saturday, 08 November 2014 05:18 PM
දුමින්ද කිව්වා වාගේ අපේ ලංකාවේ අය හඳ මතුපිට ගමන් කළේ ඔය බටහිර රටවල් ඇමරිකාව කරන්නට කලින්. දැනටත් කුඩු ගහලා,කසිප්පු ගහලා හඳ මතුපිට ගමන් කරන අපේ අයියලා ඉන්නවා (නි)
දමින්ද Saturday, 08 November 2014 01:37 PM
කොහොමත් අපේ අය හදට යයි.(හේ)
සිල්වා Saturday, 08 November 2014 01:31 PM
මිහිමත හිසට නිවහනක් නැති කොපමන මිනිසුන් ඉන්නවාද? විද්‍යාව කොතරම් දියුණු වුවත් සෑම මිනිසෙකුට එයින් ප්‍රයෝජනයක් ලැබී නැත.(හේ)
ජෙහාන් Friday, 07 November 2014 06:54 AM
අනේ දැන්මම හදන්න බැරිද? (නි)
ඉසුරන්දි Saturday, 08 November 2014 11:53 AM
අනේ පුලුවන්නම් ඔය ඩයස්පෝරාවේ කට්ටියවයි ලලිත අක්කගේ නඩේවයි ඔහාට කොහොමහරි පිටත් කරලා යවන්න බලන්නකෝ.එයාලට එහෙනම් ඕනෑතරම් නිදහස තියෙනවා එයාලගේ වැඩ කටයුතුවලට අපේ රටෙන් බාධාවකින් තොරව. (අ)
සෙව්මිණි Saturday, 08 November 2014 11:53 AM
මේ ලොකේ ඉන්න බැරි අය යයි.(හේ)
රමේෂ් Saturday, 08 November 2014 11:53 AM
අනේ පුලුවන්නම් අපිවත් එක්කන් යන්න.(හේ)
සේනක Saturday, 08 November 2014 11:53 AM
හදේ කී දෙනෙක්ට පදිංචි වෙන්න පුළුවන්ද (හේ)
රජින්ද Saturday, 08 November 2014 10:33 AM
ඔව් ඉතින් කරුමයක් තියෙයි නම් ඒක ගෙවන්නත් එපැයි.. ඉතින් එහෙම කට්ටියට කියාපු තැන.. විශේෂයෙන්ම ගස්-කොළන්, සතා-සීපාවුන්, ගංගා-මුහුද දකින්න අකමැති කට්ටියට හොදයි.(හේ)
සෝමරත්න Saturday, 08 November 2014 10:25 AM
සල්ලි තියෙන අය යයි.(හේ)
පසිදු Saturday, 08 November 2014 09:25 AM
මටත් හඳට යන්න කතා කරා.(හේ)
මාර්ටින් Saturday, 08 November 2014 07:42 AM
දැන් ඔය හදන්නේ පෘතුවිය කාලා කාලා ගිහින් හදත් කාලා දාන්න.(හේ)
අමිල Saturday, 08 November 2014 05:39 AM
අපි වගේ අයට හුලං තමයි.(හේ)
සඳරුවන් Saturday, 08 November 2014 02:34 AM
හඳේ හාවාටත් යනඑන මං නැතිවෙන වැඩක් ඔය කරන්නේ (නි)
චන්දන Friday, 07 November 2014 02:53 PM
සල්ලි තියෙන මිනිස්සු යයි.(හේ)
විමල් Friday, 07 November 2014 01:25 PM
අයියෝ සල්ලි ! (නදී)
හසිත Friday, 07 November 2014 10:01 AM
මේවාට තමයි සිහින මාලිගා කියන්නේ.(හේ)