වසර සිය කෝටියකට වඩා පැරණි යැයි සැළැකෙන දිය උල්පතක් සොයා ගැනීමට කැනඩාවේ විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.
උල්පතේ ජලය යොදාගෙන සිදුකළ පරීක්ෂණ වලින් මේ බව තහවුරු කර ගැනීමට හැකිවූ බව ඔවුන් කියයි.උල්පත හමුවී ඇත්තේ කැනඩාවේ තඹ පතලක පොළව මට්ටමේ සිට කිලොමිීටර 2.4 ක ගැඹුරක තිබියදීය.පරීක්ෂණ වලට අනුව මෙය මෙතෙක් හමුව ඇති පැරණිම දිය උල්පතද වේ.
උල්පත් ජලයේ පෘථිවියේ ජීවය ඇතිවීමට මුල්වූ සංඝටක පවා තිබෙන බව පර්යේෂණ කටයුතු සිදුකළ විද්‍යාඥ පිරිස පවසයි.තව දුරටත් අධ්‍යනය කිරීමෙන් ජීවය ඇතිවීමට හේතු වූ තවත් කරුණු සොයාගත හැකි වේයැයි ඔවුන් විශ්වාස කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වසර සිය කෝටියක් පැරණි උල්පතක්
සම්පත් Wednesday, 22 May 2013 02:12 PM
ඕක වැරදිලාවත් අරාබියේ මතු වුණා නම් කනක් ඇහෙන්න බැරි වෙනවා. (නි)
සංජු Wednesday, 22 May 2013 02:22 PM
පෘථිවියේ ජීවය ඇතිවීමට මුල්වූ කාරනා හොයාගෙන යන විට. දෙවියන් මවපු කට්ටිය මොකක් කියයිද ?(නදී)
ගාමිණී- සිරි Wednesday, 22 May 2013 03:09 PM
එහෙනම් බොලේ, අපේ බලන්ගොඩ මානවයාට තැනක් ඇත්තෙම නැද්ද? වසර සිය කෝටියක් පරණ උල්පතක් නිසා උප්පැන්න සහතිකය ජලයට දියවෙලා ඇති සමහර විට !! (නි)
දයා අළහකෝන් Wednesday, 22 May 2013 03:27 PM
පුදුමයි මේ සොයාගැනීම (නි)
නිශා Wednesday, 22 May 2013 04:18 PM
මොනවා පරීක්ෂෘ කරන්නද? මේ සියල්ල සර්වබලධාරී දෙවියන් වහන්සේ මැවූ දේවල්. (නි)
සදරුවන් Wednesday, 22 May 2013 06:20 PM
ජීවයේ අගක් මුලක් හොයන්ඩ බෑ. සියල්ල දත් බුදුරජාණන් වහන්සේත් විවට්ට කල්ප ගණන් ආපස්සට බැලුව තමා ගැන. එතකොට පෙනුන කොහේ හරි තමා ඉපදිලා තියෙන බව. කල්පයක් කියන්නේ යොදුනක් උස,දිග,පළල මහා ගල් පර්වතයක් අවරුදු සියයකට වතාවක් සිනිදු සළුවකින් පිහිදනවා. එහෙම පිහිදලා පිහිදලා ගල් පර්වතය බිමට සමතලා වුනු කල කල්පයයි. අරාබියේ හමු නොවුන එක ලොකු දෙයක්. එහෙම උනානම් දෙයියන්ගේ වතුර කියල බෝතලේ රියාල් 5000 කටවත් විකුණයි.(නදී)
අනුර Wednesday, 22 May 2013 06:40 PM
තවමත් පරීක්ෂණ ඉවැර නැහැනෙ. ඇයි ඔයගොල්ලෝ කලබල වෙන්නේ? මැවුම්කාරයගේ භූමිය අරාබිය විතරක් නෙමෙයි මුළු ලෝකයම.ඔහුට ඕනෑ දෙයක් ඕනෑ තැනක කරන්න අයිතිය තියනවා (නි)
අමරසේන Wednesday, 22 May 2013 08:27 PM
සදරුවන් කියන්නේ පිස්සෙක් කියලා අද තමයි දැන ගත්තේ.(නදී)
ලේක්කෝ ගලබඩ Wednesday, 22 May 2013 08:31 PM
අනුර....ඔය මනුස්සය කොහෙද ඉන්නේ? (නදී)
දම්මි Wednesday, 22 May 2013 08:37 PM
ඔය මැවුම්කාරයා කොච්චර මෝඩයෙක්ද ? නැත්නම් අපි වගේ එයාව විශ්වාස කරන්නෙ නැති අය මවාවිද? (නි)
ෆර්සාන් Wednesday, 22 May 2013 09:31 PM
කිලෝමීටර 2.4 ක් ගැඹුරින් ඔක්සිජන් නැහැ, බැක්ටීරියා නැහැ, දැන් භූගත ජලය නරක් නොවී තියෙන්නේ ඒ වගේ තමයි මේකත්. නමුත් පොළව මතුපිට නිසල ජලය වැඩිකාලයක් තියෙන්නේ නැහැ පල් වෙනවා. නමුත් අරාබියේ තියෙන විශේෂිත ලිඳේ වතුර කොච්චර කල් තිබ්බත් පල් වෙන්නේ නැහැ. ඒකයි වෙනස. අපේ ගෙවල් වල අවුරුදු ගනන් තියෙනවා ඔය වතුර. (නි)
සදරුවන් Wednesday, 22 May 2013 11:32 PM
අමරසේන අන්‍යආගමිකයෙක්. බොරු නමක් දාල මුණ දෙන්න බැරුව.(නදී)
සදරුවන් Wednesday, 22 May 2013 11:39 PM
අමරසේන, බුදු බණ ඇහෙනකොට කරපුව මතක් වෙනවා. කරපුව මතක් වෙනකොට පිස්සු වගේ තමා. ඒකයි ධර්මයෙහි හැසිරෙන්නා ධර්මයෙන් රකී කියන්නේ.(නදී)
ෂෙරිෆ් Thursday, 23 May 2013 12:43 AM
වර්තමාන බහුතර මෝඩ හෙළයා හැමදේටම අදින්නේ අරාබිකරය. අද කාලේ හෙළයට පිහිටට ඉන්නේ අරාබිකරය තමයි. ළිං මැඩියන් දන්නේ ලිඳ ඇතුලේ දේවල් පමණයි. (නි)
තිළිණ Thursday, 23 May 2013 12:06 PM
ෂෙරිෆ් අරාබිකරය අපිට උදව් කරනවා. ඒක ඇත්ත. ළිං මැඩියෝ වගේ නම් ගොඩක් ඉන්නේ ඔයාලගේ කට්ටිය කියන එක නම් අවංකව පිළිගන්න (නි)