අවුරුදු 3 ක් වයසැති කකුල් 5 ක වසු පැටියෙක් ඉන්දියාවේ රායිපූර් නගරයේ සිටියි. ගැබිණි මවක් වසු පැටියාගේ පස්වන කුරය අල්ලා පුතෙක් බිහි වේවායි ප්‍රාර්ථනාවක් කළහොත් ඇයට පුතෙකු බිහිවෙතියි කියති.
මෙතෙක් පැමිණි මව්වරුන් සෑම දෙනකුම පුතුන් බිහි කළ බව කියති. දියණියන් 4 දෙනෙක් සිටින මවක් නිවුන් පුතුන් දෙදෙනෙකු බිහි කළාලු.
දස ලක්ෂයකට එකකු පමණක් උපත ලබන වස්සන් ඉතා වාසනාවන්ත බව අයිතිකරු රාජ් ප‍්‍රතාප් පවසයි.
මේ වන විට ඉන්දියාවේ ඉතා ජනපි‍්‍රය චරිතයක් බවට පත් වී ඇති මෙම වසු පැටියා ඇල්ලීමට පැමිණෙන සෑම මවකගෙන්ම රුපියල් 1000 ක පමණ මුදලක් අය කරීමට ඔහු වගබලා ගනී.
රාජු නම් තුන් හැවිරිදි වස්සා දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් වන මෙය කෙදිනක හෝ ලෝ වටා ගැබිණි මව්වරුන්ගේ පැතුම් ඉටු කිරීමට තමන් කටයුතු කරන බවත් ප‍්‍රතාප් සඳහන් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වස්සා පුතුන් වැහි වස්සයි
බමුණු Saturday, 28 December 2013 07:08 AM
ඉන්දියාවට ඕව තමයි තිබෙන්නේ කකුල් 5 සත්තු, එකට ඇඳුනු ගැහැණු මිනිස්සු, ඔලු 3 නේ බූරුවෝ. නැ නැ ඔලුතුනේ බූරුවෝ ඉන්නේ ලංකාවේ මම නොවෙයි කීවේ අරයා.(නදී)
තේජා Monday, 30 December 2013 10:48 AM
එහෙනම් ලංකාවේ ඉන්න මිනිස්සු ඉන්දියාවට යවන්න ඕනා.(නදී)
ශානිකා බුද්ධි Monday, 30 December 2013 10:28 AM
ඒක පිළිගන්න බැරි කතාවක්නේ මම ඔය කතාව බොරුවක් කියලා හිතනවා.(නදී)
තරංග අබුඩාබි Saturday, 28 December 2013 09:12 PM
එකනේ මන් ඉන්දියාවේ අය එක්ක ඈහෙන්න යන්න නැත්තේ (අ)
ප්‍රේමකුමාර Saturday, 28 December 2013 09:11 PM
හම්බෙන ළමයින්ට අන් දෙකක් වලිගයක් එහෙම තියෙනවද දන්නේ නෑ (අ)
ප්‍රභාත් Saturday, 28 December 2013 04:36 PM
ලංකාවේ හිටියා නම් කැස්බෑවට උන දේ තමා ඔය වස්සාටත් වෙන්නේ. උගේ පිනකට ඉන්දියාවේ උපන්නේ.(නදී)
දුමින්ද Saturday, 28 December 2013 04:27 PM
මිත්‍යා විශ්වාස සෑම සමාජයකම තිබෙන දෙයක්. එය නැතිවන්නේ ලෝක විනාශය දිනයටයි.(නදී)
අෂිනි Saturday, 28 December 2013 03:48 PM
දැන් එතකොට පිරිමි ළමයි විතරද දෙන්නේ.ගැණු ළමයි ප්‍රාර්ථනා කරන්න බැරිද? (අ)
ලක්ෂ්මන් ජයවර්ධන Saturday, 28 December 2013 02:06 PM
ඒ ඉපදෙන දරුවන් මොනවගේද ?
සරත් Saturday, 28 December 2013 09:48 AM
දරුවෙකුගේ ගැහැණු පිරිමි බව තීරණය වෙන්නේ ගැබ් ගන්නා අවස්තාවෙදිමයි. ගැබිණි මව් වරු වසු පැටියා අතගෑවා කියලා ඒක වෙනස් කරන්න බැහැ. මේකෙන්ම පෙනෙනවා මේක බොරු මිත්‍යාවක් කියලා. අඩුම ගනනේ ගැබ් ගැනීමට පෙරවත් කිව්වා නම් යම් තරමකට හරි විශ්වාස කරන්න තිබුනා. ඉන්දියාවේ විතරක් නෙමෙයි අපේ අතර ඉන්නවා මෙහෙම හිතන අය.(නදී)
අබ්දුල් Friday, 27 December 2013 02:57 PM
ලෝකෙ පිරිමි ජනගහණය වැඩි වෙයි වගේ. (ස)
ෂේන් Saturday, 28 December 2013 02:38 AM
දැන් අපේ අයත් ඉන්දියාවේ යන්න පටන් ගනී (අ)
කුමාර් Saturday, 28 December 2013 02:13 AM
ඉන්දියාවේ තාම වැඩිපුර ඉන්නේ ගස් ගල් අදහන වස්සො තමා. කුමාර් (අ)
ලීල් ගුණවර්ධන Saturday, 28 December 2013 12:53 AM
අරුණගේ කතාව හරි. ලංකාවෙත් ඕකම තමයි වෙනසක් නැහැ. (නදී)
ශාන්ත හෝමාගම Friday, 27 December 2013 04:56 PM
ඉන්දියාවේ තියෙන්නේ ඔහොම වැඩ තම , (අ)
අරුණ සිරිවර්ධන Arachchige Friday, 27 December 2013 04:35 PM
ඇයි ලංකාවෙත් ඕකම තමා
සුමනසිරි Friday, 27 December 2013 04:21 PM
මේකා වසු පැටියෙක්යැ. (ස)
සිරිල් Friday, 27 December 2013 04:16 PM
අනේ මෙහෙම මෝඩ මිනිස්සු ඉන්නවනෙ. (ස)
මෙන්ඩිස් Friday, 27 December 2013 03:30 PM
ඔන්න ඕකයි ඉන්දියාවේ තත්ත්වේ! (ස)