X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


වානරයාටත් මානව හිමිකම්

මිනිසුන්ට ඇති මානව අයිතිවාසිකම් හා සමාන අයිතිවාසිකම් වානර කුලයේ සතුන්ටත්   දිය යුතුව ඇතැයි ඇමරිකාවේ සතුන් වෙනුවෙන් පෙනී සිටිනා ‘මිනිස් නොවන සතුන් සදහා වන අයිතිවාසිකම්‘ නම් ස්වේච්ඡා සංවිධානයක් කියයි.

මේ සදහා එම සංවිධානය නඩුවක්ද ගොනු කර ඇති අතර එය මේ වන විට පවතිනුයේ නිව්යෝර්ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමිනි.

මේ සියල්ලට මුල්ව ඇත්තේ ටොමීනම්  චිම්පන්සියෙකි. ඉතා දුක්ඛිත තත්ත්ව යටතේ කූඩු කර සිටි ටොමී දුටු මෙම සංවිධානයේ ක්‍රියාකාරීන් ටොමී මුදා ගැනීමට ඇරැඹූ   මෙහෙයුමක කොටසක් ලෙස වානර කුලයේ සතුන්ටත් අයිතිවාසිකම් ඇති කළ යුතුය යන මතය සමාජ ගත කිරීමටත් ඔවුහු උත්සාහ කරමින් සිටිති.

‘නන් හියුමන් රයිට්ස්‘ සංවිධානයේ මෙම කර්තව්‍යයට ලොව පුරා සත්ත්ව ලෝලීන්,සත්ත්ව සංරක්ෂකයින් ගේ ආධාරයද ලැබී ඇත.

කෙනෙකු චිම්පන්සින්,ගෝරිල්ලන් වැනි වානර කුලයේ සතුන් ඇසුරේ කාලය ගත කර ඇත්නම් ඔවුන් මිනිසුන්ට කෙතරම් සමානදැයි හදුනාගත හැකි වනු බව මෙම සංවිධානය කියයි.ආදරය,පරිත්‍යාගය,කැපවීම වැනි අප උසස් යැයි සළකන මිනිස් ගුණාංග මෙන්ම වෛරය, ඊර්ශ්‍යාව දැනවීම වැනි ගතිගුණත් මිනිසුන් සේම ඔවුන් අතරද හදුනාගත හැකි බව මේ  සංවිධානය පවසයි.

මෙනිසා මෙම සතුන්ට මිනිසුන් හා සමාන අයිතිවාසිකම් ලැබීමේ අයිතියක් ඇති බව නොන් හියුමන් රයිට්ස් සංවිධානයේ මතයයි.

සියලූ සතුන්ට තම තමන්ගේ අයිතිවාසිකම් ලබා දීම වෙනුවෙන් කටයුතු කරන බව පවසන එම සංවිධානය තම අරමුණ දිනා ගන්නා තෙක් සටන අත්නොහරින බව කියයි.



අදහස් (0)

වානරයාටත් මානව හිමිකම්

ගමගේ Tuesday, 10 December 2013 03:38 PM

වානරයන්ට පමණක් නොවේ මිනිසා මෙන්ම සියලුම ලෝක වාසී සත්වයන් හට සාධාරණ වු සමාන අයිතිවාසිකම් ලබා දිය යුතුයි.(නදී)

:       0       0

කුමාරන Tuesday, 10 December 2013 06:56 PM

වානරයන්ටත් තුවක්කු පුහුණුව දෙන්න. එතකොට දැන් රකිනවාටත් වඩා ලෝකේ මානව හිමිකම් රකින්න උදව් කරාවි (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 11 December 2013 08:01 AM

අනේ හරි ෂෝ්ක්. එතකොට අර අනුරාධපුරේ ඉන්න රිලවු ටිකත් අර අහවල් දිහාවට අරින්න පුළුවන්. අපේ රටත් මීට වඩා ස්වයංපෝෂිත වෙයි (නි)

:       0       0

සුමංගල ඇල්පිටිය Wednesday, 11 December 2013 06:36 PM

අපේ පනින රිලවුන්ට නම් ඕවා කලින්ම තිබුනා ඇමරිකාව කියන්නත් පෙර (නි)

:       0       0

අල්විස් Wednesday, 11 December 2013 06:59 PM

සත්තුන්ට මානව අයිතිය...? හා..හා..හා... සමාවෙන්න හිනා වුණාට. මම එච්චර ඉගෙනගෙන නම් නැහැ. නමුත් මානව කියන්නේ මිනිස්සුන්ට කියලයි මම නම් අහලා තියෙන්නේ. කනබොන දේවල් වලට බදු අඩු කළා. දැන් ඉතින් ඒවට ජිනීවා යන්න වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

ද සිල්වා Thursday, 12 December 2013 07:05 AM

ලංකාවේ ඉන්න දේශපාලකයෝ මිනිස් අපිටවත් අපේ මානව හිමිකම් භුක්ති විදින්න දෙන්නේ නැතිකොට වනරයන්ට මානව හිමිකම් දේවිද ? වදුරොත් ඉදලා ඉවරයි.වදුරොත් ගස් බැදලා , මරලා ප්‍රදර්ශනය කරාවී (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site