ජපාන සත්ව උද්‍යානයක අලූත උපන් වැඳිරි පැටියකුට ‘චාලට්’ යන නම යෙදීම බි‍්‍රතාන්‍ය රජ පවුලේ අලූත් කුමරියට කරන අපහාසයක් යැයි දොස් අහන්න සිදුවීමත් සමඟ එම නම වෙනස් කිරීමට සත්ත්ව උද්‍යාන බලධාරීන්ට සිදු වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
බි‍්‍රතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් කුමරියට උපන් සිඟිති දියණියට යොදා ඇත්තේ චාලට් එලිසබෙත් ඩයනා යන නමය. එහෙයින් මෙම වැඳිරි පැටියාට චාලට් යන නම යෙදීම රජ පවුලට කරන අපහාසයක් බවට චෝදනා එල්ල විය.
වැඳිරි පැටියා උපන් මොහොතේ සිට සත්ව උද්‍යාන බලධාරීන් සතුන් වත්තට පැමිණෙන අයගෙන් ඇයට සුදුසු නමක් යෝජනා කරන්නැයි ඉල්ලා ඇත. එම අවස්ථාව වෙද්දී, රජ කුමරිය උපත ලබා සිටි අතර ‘චාලට්’ යන නම ද අතිශයින් ප‍්‍රකට වී තිබුණි.
සත්ව උද්‍යානයට පැමිණි බොහෝ දෙනා පවසා ඇත්තේ ‘චාලට්’ යන නම සුදුසුයි කියාය. ඒ අනුව චාලට් යනුවෙන් වැඳිරි පැටියාට යෙදීමට සත්ව උද්‍යානයේ බලධාරීන් කටයුතු කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැඳිරි පැටියාට නමත් අහිමි වෙයි
චින්තක Friday, 08 May 2015 01:32 AM
චාලට් හොඳ නැත්නම් ජුලියට්, ඇග්නස්, මේබල්, අයිරින්, ජෝසෆින්, කැතරින් ... ඔය ඕනෑතරම් නම් තියෙන්නේ (නි)
හංසි Friday, 08 May 2015 05:58 AM
චාලට් හොද නැත්නම් තව ඕනෑ තරම් නම් තියෙන්නේ දාන්න (ත)
පිටබැද්දර ජයා Friday, 08 May 2015 01:28 PM
ඉස්සර අපේ ගෙදර හිටිය බලු පැටියට පැටි කියල දාල මිනිමරා ගන්නවා තව ඩිංගෙන්. උඩ ගෙදර කොල්ලෙක් හිටිය පැටි මහත්තය කියලා , පස්සේ බල්ලාගේ නම වෙනස් කලා(නදී)
රෝහිත් Friday, 08 May 2015 06:56 PM
චින්තක කිව්වට චාලට් හරි කැතරින් හරි වගේ නම් කියනවට වැඳිරි පැටිය කැමති වෙයිද දන්නේ නැහැනේ. ඌ හිතුවොත් ඒක ඌට කරන අගෞරවයක්ය කියලා? නරකද ජපානයේ එවැනි සුරතලෙකුට කියන නමක්ම කිව්වනම්? (බ)
ද සිල්වා Saturday, 09 May 2015 09:16 PM
ජපානේ උපන්න වැදිරි පැටවියට ජපන් නමක් දැම්ම නම් හොඳයි නේද ? (හේ)