ඉත්තෑවකු ගොදුරු කර ගැනීමට ගොස් දරුණු ප්‍රහාරයකට ගොදුරු වූ කොටියකු තම සිරුරේ ඇනී ඇති ඉත්තෑකූරු අසීරුවෙන් ඉවත්කරගන්නා ආකාරය කැමරාවේ සටහන් කරගැනීමට ඡායාරූප ශිල්පියෙක් සමත්ව සිටියි.
හෙල්ගාඩ් විලියිර්ස් නමැති ඔහු මේ ඡායාරූප ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික වනෝද්‍යානයේ දී ය.
ඉවසීමට නොහැකි අධික කුස ගින්න හේතුවෙන් ම මේ දරුණු කොටියා වැරදි සතකු ගොදුර කර ගැනීමට යන්න ඇතැයි ඔහු පවසයි. තමන් කොටියා දකින අවස්ථාවේ ඔහුගේ මුහුණ පුරාත් සිරුරේ ස්ථාන රැසකත් ඉත්තෑ කූරු ඇතුලට කිඳා බැස තිබූ බව ද ඡායාරූප ගත් විලියර්ස් පවසයි.
‘‘ මම එය දැක පුදුම වුණා. කොටියා දරුණු තුවාල වලින් දීර්ඝ කාලයක් පීඩා විදිනු ඇතැයි සිතුවා. නමුත් ඌ තම ඉදිරි ගාත්රා, පිටුපස ගාත්රා හා කටත් දිවත් උඵයෝගී කරගනිමින් මේ ඉත්තෑකූරු එකිනෙක ගලවා ගත්තා. බිම පෙරළෙමින්. තණ කොළ හා වෙනත් ගස්වල ඉත්තෑ කූරු පටලවමින් ඌ ඒවා ගලවාගත්තේ පුදුම ආකාරයෙන්. ඇතැම්විට කොටියා තම වලිගය පවා උපයෝගී කරගන්නා ආකාරය මා දුටුවා. “
තම සිරුරේ ඇනී තිබූ සියලු ඉත්තෑකූරු මහත් වෙහෙසකින් ඉවත් කර ගත් කොටියා වනයට වැදී නොපෙනී ගිය බව ඡායාරූප ශිල්පියා පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැරදි ගොදුරකට පැන්න කොටියා අමාරුවේ
බෙන්තර මහේෂ් Thursday, 19 November 2015 04:00 AM
ඉත්තෑවා වගේම කොටියාගේ ඇහැත් බේරුණෞ හොඳ වෙලාවට (ම)
ඉසුරන්දි Thursday, 19 November 2015 01:48 PM
අහලා තිබුණට ඉත්තෑවා මේ විදිහට පහරදෙනවා කියලා පළමු වතාවට දැක්කේ අද තමයි මේ පින්තුර රාමු තුළින්. (නි)
චන්න බුවනක Thursday, 19 November 2015 01:41 PM
වැරදි ඉලක්කයක් අරගෙන තියෙන්නේ (නි)
මහේෂ් Thursday, 19 November 2015 12:57 PM
සොබාදහමේ අපූර්වත්වය! (නි)
රූපවතී Thursday, 19 November 2015 11:48 AM
හොද දසුනක්.(හේ)
සොපි Thursday, 19 November 2015 08:56 AM
වැරදුණු කුරුමානම (බ)
දිල්ෂාන් Thursday, 19 November 2015 07:16 AM
කොටියට බඩගිනි වැඩිකමට කරන්න ඇත්තේ. පවු. මුවන්ව මිනිස්සු දඩයම් කරන කොට අසරණ කොටිය මොනවා කරන්නද? (ස)
රොහණ Thursday, 19 November 2015 04:46 AM
තමන්ට අයිති නැති දේවල් කන්න ගිහිල්ල ඔයින් බේරුනා හොඳටම ඇති (ම)
නන්දික තරින්ද Thursday, 19 November 2015 04:18 AM
මෙයා නම් ශිල්පීය දැනුමෙන් හා අත්දැකිමෙන් පරිපුර්ණයි. මෙයයි ස්වභාවධර්මයේ අපුර්වත්වය........... (ම)
ඉනෝකා-එංගලන්තය Wednesday, 18 November 2015 04:21 PM
අනේ පව්.! ඉවසන්නම බැරි ගින්න බඩගින්න නිසා මේ වැරදීම වෙන්න ඇත්තේ. එයාලා මිනිසුන් වාගේ නොවෙයි කරදරයකට පත් උනාම කාටත් කරදර නොකර එයින් වැළකෙන්නට දන්නවා. ඒ කොහොම උනත් ඉත්තෑවාගේ ආත්ම ආරක්ෂාව නම් හරිම අපුරුයි. (ර)
ප්‍රියන්ත Thursday, 19 November 2015 03:08 AM
ඉත්තෑ කූරු හරි විසයි (නි)
සියාඩ් Thursday, 19 November 2015 03:04 AM
මූ කොහොමහරි ඉත්තෑ කූරු ටික ගළවගෙන නේද? (නි)
කොස්වත්ත Thursday, 19 November 2015 01:17 AM
දක්ෂ ඡායාරූප ශිල්පියෙක් (නි)
හේමන්ත Wednesday, 18 November 2015 11:59 PM
කෝ ඉතින් ඔය චණ්ඩි ඉත්තෑවා? (නි)
ලියොන් ගුනවර්ධන Wednesday, 18 November 2015 08:39 PM
ඉත්තෙවගේ ඉත්තකුරු පිහිටෙන් තම ජීවිතය රැකගත් අයුරු මෙම ඉතා විරල දර්සනය රූපගත කල චයාරුප සිල්පි හෙල්සර්ඩ් විලියෙර්ස් මහතා සැමගේ ප්‍රසංසාවට ලක්වියයුතු අතර චය රුප ශිල්පීන් අතර ඔහුගේ නම ඉතිහාසගත වනවා නොඅනුමානය (රේ)
අබරන් Wednesday, 18 November 2015 08:00 PM
ගොදුර වැරදීම ඕනෑ කෙනෙකුට සිද්ධ වෙනවා.කොටියා මස් නොකා තණකොළ කන්නද ?(රේ)
ඉනෝකා-එංගලන්තය Wednesday, 18 November 2015 07:57 PM
අනේ.. ! .බඩගින්නට කරගෙන තියෙන හරියක්.....ආයෙත් නම් ඉත්තෑවෙකුට කිට්ටුකරන එකක් නැහැ.ඉත්තෑවා පෙන්න නැති උනත් පින්තුර ටික නම් හරිම ලස්සනයි. (රේ)
සශී Wednesday, 18 November 2015 06:15 PM
තමන්ටත් රිදෙනවා කියලා දැන් තේරෙයි මෙයාට.හැබැයි ගානක් නැහැ වාගේ .බඩගින්නටනේ ඔක්කොම කරන්නේ ..(රේ)