තායිවානයේ නාවික හමුදා කදවුරක සිට වැරදීමකින් නිකුත් වූ සුපර්සොනික් මිසයිලයක් වැදී අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම මිසයිලය චීනය සහ තායිවානය අතර පිහිටි පෙන්ගු දුපත අසල සංචාරයේ යෙදුණු බෝට්ටුවක වැදී තිබෙන අතර ඉන් මිය ගොස් ඇත්තේ තායිවාන ජාතිකයෙකු වන එම බෝට්ටුවේ කපිතාන් වරයා බව සදහන් වේ.
එම මිසයිලය කිලෝමිටර 100ක පරාසයකට එල්ල කළ හැකිය. එය වැදෙන අවස්ථාවේදී බෝට්ටුව නාවික හමුදා කදවුරේ සිට කිලෝමීටර් 75ක දුරකින් තිබී ඇත.
මිසයිලය බෝට්ටුවේ වැදුණු නමුත් පුපුරා නොගිය අතර මුහුදට වැටි අතුරුදහන් වී තිබේ. මෙම සිදුවීම නාවික කදවුරේ සිදුවූ මානව දෝෂයක් හේතුවෙන් ඇති වූ බව සැක කරයි. මිසයිලය නිකුත් වී තිබෙන්නේ චීනය දෙසට වීම විශේෂත්වයකි.
මෙම ප්‍රහාරය දේශපාලනමය සිදුවීමක් ලෙස සැලකීම වැරදි බවට තායිවාන නාවුක හමුදාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැරදීමකින් සුපර්සොනික් මිසයිලයක් නිකුත් වෙයි
රිචි බාලසුරිය Saturday, 02 July 2016 07:57 PM
තායිවානය පෙරහුරුවක් කළාද දන්නේ නැහැ. (නි)