එළිමහනේ මළ පහ කිරීමේ පුරුද්ද මඟ හැරවීමේ සහ වැසිකිළි භාවිතය හුරු කරවීමේ අරමුණින් ඉන්දියාවේ ගුජරාඨ ප‍්‍රාන්තයේ අහමදාබාද් නුවර පොදු වැසිකිළි භාවිතා කරන්නන්ට ඉන්දීය රුපියලක්(ශ්‍රී ලංකා රුපියල් 2) ලබා දීමට අහමදාබාද් නගර සභාව පෙරේදා (10) තීරණය කළේය.
මෙම නව වැඩපිළිවෙළට අහමදාබාද් ස්ථාවර කාරක සභාවේ ද අනුමැතිය හිමිවී ඇති අතර, ඉදිරි දින කිහිපයේදී එය කි‍්‍රයාවට නැංවෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය අගමැති මෝදි උපන් ප‍්‍රාන්තය වන්නේ ද ගුජරාඨයයි. අගමැති මෝදි ඉන්දියාව පිරිසුදු තැනක් කිරීමේ අරමුණින් ආරම්භ කර ඇති ‘ස්වාච් භාරත්’ වැඩසටහනට අනුව මෙම නව වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වන බව පුරපතිනී මීනක්ෂි පටෙල් පවසා ඇත.
‘නගරයේ පොදු වැසිකිළි 315 ක් තිබෙනවා. නමුත් ඒවායින් 120 ක් පමණ භාවිතයට ගැනෙන්නේ නැහැ. වැසිකිළි යෑමට මුදල් ගෙවීම සිදුවන්නේ මෙම වැසිකිළිවලයි.’ යනුවෙන් අහමදාබාද් ස්ථාවර කාරක සභාවේ සභාපති ප‍්‍රවීන් පටෙල් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත.
ඉන්දියානුවන් බොහෝ දෙනා වැසිකිළි පාවිච්චි නොකරන හෙයින්, එය සෞඛ්‍ය ගැටලූ රැසකට හේතුවක් වී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීහු නිරන්තරයෙන් මැසිවිලි නගති.
වැසිකිළි භාවිතා නොකරන බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ එළිමහනේ නිදහසේ මළ මුත‍්‍ර පහ කිරීම සුව පහසු කි‍්‍රයාවලියක් කියාය. සනීපාරක්ෂණය සම්බන්ධයෙන් කොතරම් දැනුම්වත් කළත් මෙවැනි ආකල්ප වෙනස් කිරීම ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ට ගැටලූවක් වී ඇත.
ඒ සඳහා පිළියමක් ලෙස වැසිකිළි භාවිතා කරන්නන්ට මුදල් දීමට අහ්මදාබාද් නගර සභාව ගත් තීරණය ප‍්‍රසංශනීය යැයි අගමැති මෝදි පවසා ඇත.
(ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැසිකිළි යන අයට මෝදිගෙන් සල්ලි
චමිලා Friday, 12 June 2015 09:06 PM
හොඳම දේ පොදු වැසිකිළි ඇතුළේ කෙටි චිත්‍රපටියක් පෙන්වීම (නි)
පිවිතුරු යහපාල Friday, 12 June 2015 05:06 AM
අනේ අපේ ඩුබායි තිලක්ටත් කවුරු හරි වැසිකිලියක් හදල දෙන්න.. මේ මනුස්සය එසැන පුවත් වල මලපහ කරන එක පුරුද්දක් කරගෙන දැන් ..ගන්දස්සාරේ බැහැ..(ම)
බන්දුල Friday, 12 June 2015 05:27 AM
ඉන්දියාවේ ජංගම දුරකතන ගණන වැසිකිළි ගණනටත් වඩා වැඩිලු නේද? (නි)
ශාන සෞදි Friday, 12 June 2015 06:09 AM
නාරද, අපි ඒකට පිවිතුරු යහපාලව දාමු. වැඩේ නියමෙටම කරයි (නි)
පහන් Friday, 12 June 2015 08:31 AM
වැසිකිලි යාමෙන් පසු සබන් ගා අත් සෝදන්න කිව්වහම වැසිකිලි ගිහිල්ල අත් විතරක් හෙදුවලු (ම)
සනත් ඉන්දික Friday, 12 June 2015 08:54 AM
නාමල් කාටද ඔය වහල් කම කලේ .අනේ අපින කාටවත් වහල් කම කලේ නැහැ අපි හොයාගත්ත අපි කෑවා (ම)
ද සිල්වා බෙර්ලින් Friday, 12 June 2015 11:25 AM
පසුගිය අවුරුදු 10 තුල ලාංකිකයන්ගේ සෞඛ්‍ය පුරුදු ගොඩක් දියුණු වී ඇති බව පෙනේ , එළිමහනේ සහ මුහුදු වෙරළවල මල පහ කිරීම විශාල ලෙස අඩු වී ඇත , කොහොම නමුත් අපේ රටේ පොදු වැසිකිලි වල තත්වය ගැන සැහීමකට පත් විය නොහැක , කරුණාකර රජය මේ ගැන මිට වඩා අවධානය යොමු කල යුතුය ,(හේ)
නදුන් Friday, 12 June 2015 11:48 AM
අපොයි ඉන්දියාවේ තත්ත්වේ.(හේ)
සුනිල් ගිකියනගේ Friday, 12 June 2015 03:09 PM
වැසිකිලියට ගිහින් බොරුවට එන අයව බලන්න තව කෙනෙක් තියන්න වෙනවා. ගමන් පහක් ගියානම් රුපියල් දහයක් නේ.(අ)
සුනිල් ගිකියනගේ Friday, 12 June 2015 03:11 PM
ඔවා ඔය කියන හැටියටම විශ්වාස කරන්න හොදත් නැහැ. සමහර වෙලාවට ඔය රුපියල් දෙක ගන්න දවස් කීයක් තවත් පෝලිමක ඉන්න ඕනද දන්නේ නැහැ. (අ)
බණ්ඩාර Friday, 12 June 2015 04:31 AM
එදා උතුම් ගාන්ධිතුමා උගන්වපු ලෝකයට හොදම තියරිය නේද ?වෙනසකට මුල පුරමු ජය හේ ....... .........(ම)
ජෙහාන් Saturday, 13 June 2015 05:55 AM
අර පචවංශ වේදිකාවක කරන කතාවක් ඉන්දියාවේ පෙන්නුවානම් මේ අගමැති ලොකු අමාරුවක වැටෙනවා. (ස)
ශාන සෞදි Saturday, 13 June 2015 07:24 AM
මේකෙදි අපේ රටට බලපාන ලොකුම ප්‍රශ්නය තමයි ඉන්දියන් ජාතිකයන් ලංකාවට ආපුවම මොනම කාරණාවකටහෝ ඔවුන්ගේ ශරීර කෘත්‍යයන් කරගැනීමට පෙර ශ්‍රීලංකා රජයට ඔවුන්ට ගෙවීමක් කරන්න වේද කියන එකයි. මොකද නොගෙවුවා කියල මානව හිමිකම් එකට පැමිණිලි කරන්නත් බැරි නෑ. (ස)
නනදලාල් ප්‍රංශය Saturday, 13 June 2015 11:05 AM
වැසිකිළි යන අයට මෝදිගෙන් සල්ලි.... වැසිකිලි හෝදන්න යන අයගෙන් අපේ රටට සල්ලි. (අ)
පිවිතුරු යහපාල Saturday, 13 June 2015 02:27 PM
නන්දලාල් මහත්තය මොකද මේ ශාන් මහත්තයට අනම් මනම් කියන්නේ.. එතුමා වැසිකිලි හෝදන්නේ නැහැ..එතුමා යන ඒවා බැන බැන හෝදන්නේ වෙන ඈයෝ..පෙන්නේ නැද්ද මේ තිරුවෙන්ම..(බ)
ශිරන්ති Saturday, 13 June 2015 05:33 PM
මේ ව්‍යාපාරය දකුණේත් පටන්ගත්තොත් නරකද?කවුරුත් දන්නවා දකුණේ අය මුහුදු වෙරළට යනවා කියලා.දකුණෙන් තමයි ලංකාවේ දේශපාලනයට වැඩිපුරම දුෂකයන් වැඩිපුරම තෝරා පත්කරගෙන තියෙන්නේ.දකුණට විශේෂ අධ්‍යාපන වැඩසටහනක් අවශ්‍යයි (නි)
නන්දලාල් - ප්‍රංශය Saturday, 13 June 2015 09:02 PM
[පිවිතුරු යහපාල 2015-06-13 14:27:47 නන්දලාල් මහත්තය මොකද මේ ශාන් මහත්තයට අනම් මනම් කියන්නේ.] මම කාටවත් අනම් මනම් කියලත් නැහැ, කියන්නෙත් නැහැ. මම මෙහේ ලියන්නේ මගේ පුද්ගලික මත පමණයි. ඒ වගේම මගේ කෘති වලින් කාගේ හරි හිත් රිදීමක් ඇති උනා නම් මා ඊට සමාව අයැද සිටිනවා. (නදී)
සමන්ති Saturday, 13 June 2015 10:20 PM
චමිලා,හොඳම දේ පොදු වැසිකිළි ඇතුළේ කෙටි චිත්‍රපටියක් පෙන්වීම නිසා තමයි අර කොළඹ මන්දිරයක රූපවාහිනි තිරයක් දාලා තිබුණේ.කෝ එ්කත් වැරදි විදියට පෙන්නුවානේ. (නි)
ඉසුරන්දි Sunday, 14 June 2015 01:51 PM
මුහුදු වෙරල තිරය ගත්තම තනිකරම එළිමහන් වැසිකිලියක් තමයි අපේ රටෙත්. (බ)
කපු Monday, 15 June 2015 07:45 AM
රැපියල දෙන්නේ කොහොමද ? ඇතතටම ගියාද කියලා කොහොමද දන්නේ (ම)
පිවිතුරු යහපාල Thursday, 11 June 2015 03:59 PM
ඉතින් නාමලුත් ඕක පහු ගිය අවුරුදු දහයේ ඔය දේ එලි පහලියේ කළානම් ඔයාටවත් ඒ වහල් කමෙන් මිදෙන්න තිබුනනේ..අපරාදේ කට්ට කෑවේ..හෙට අනිද්දට ආයේ පාරක් කට්ට කන්න වෙනවා අවුරුදු ගානකට ..එතකොටවත් උත්සහ කරලා බලන්න..(බ)
ගුණපාල Thursday, 11 June 2015 11:26 AM
ඔය තමිල්නාඩුවේ දේශපාලුවනුත් අපේ රටට කෙනහිලිකන් කරන්නේ නැතුව ඔය මළපහ කරන තැන් ටික හදාගත්ත නම් ඉවරයි නොවැ (බ)
පිවිතුරු යහපාල Thursday, 11 June 2015 11:30 AM
අනේ අපේ ඩුබායි තිලක්ටත් කවුරු හරි වැසිකිලියක් හදල දෙන්න ..(බ)
මහේෂ් Thursday, 11 June 2015 11:35 AM
ගෝටාභය මහත්තයා ඉන්දියාවෙන් ඇරයුමක් අවේ නැද්ද දන්නෙ නැ..... ලබන පාර ඉන්දියාවට එක ගන්න තිබුණ. (ම)
ආනන්ද Thursday, 11 June 2015 11:38 AM
වැසිකිලි ඉස්සරහ පෝලිම් තියෙයි.මුදල් අවශ්‍යතාවයට. පරණ පුරුදු එහෙමම තියයි.(ම)
දිලිප් Thursday, 11 June 2015 11:54 AM
අපි ඕවට යන්නැත්තේ අපෙන් සල්ලි ගන්න හින්ද. (ස)
නාමල් Thursday, 11 June 2015 01:13 PM
ඉන්දියාව කියන්නේ නූගත් මිනිස්සු කොට්ඨාශයක් තියාගෙනත් වේගයෙන් දියුණුවුණ රටක්.ලංකාවෙ මිනිස්සු 95% සාක්ෂරතාවය තියාගෙනත් අවුරුදු 10ක් වහල්ලු වෙච්ච රටක්. (නි)
වනිගසේකර Thursday, 11 June 2015 01:44 PM
ඔහු දුරදක්නා නුවණක් ඇති නායකයෙක් (නි)
සමන්ති Thursday, 11 June 2015 03:18 PM
ඉන්දියාවේ ඉස්සර මේ ක්‍රමය ඇතිකළේ සුද්දා එලවන්න. අපේ රටේ පොදු වැසිකිලියට යනවාට අපෙන් රුපියල් 10ක් ගන්නවා. ඒ අපිව දුගඳට පුරුදු කරන්න. හැබැයි පොදු වැසිකිලියට යනවාට අපට රුපියල් 100ක් වත් දෙන්න ඕන. (ර)
කින් බෙනට් Thursday, 11 June 2015 03:35 PM
හැබැයි ඉතින් පොදු වැසිකිලියක් පාවිච්චි කරනවට වඩා එළිමහනේ නිදහසේ ඒ කාරිය කරන එකනම් හොඳයි තමයි, මොකද ඔය ලංකාවේ ඉන්දියාවේ තියෙන පොදු වැසිකිලි ටික දවසක් පාවිච්චි කලොත් ලෙඩ කියක් හැදිලා නවතියිද දන්නේ නෑ. (ර)
නුවන් Thursday, 11 June 2015 11:10 AM
ඔන්න ඕක තමා මහා ලොකු ඉන්දියාවේ තත්වේ!! (ම)
දුමින්ද Thursday, 11 June 2015 04:39 PM
ආකල්ප මුදලින් වෙනස් කිරීම අසීරුවේ (නි)
පහන් Thursday, 11 June 2015 04:42 PM
පාරේ මළපහ කරනවා විතරක් නෙමෙයි යන කෝච්චියෙන් පවා පිටතට මළපහ කරනවා. (නි)
නොයෙල් Thursday, 11 June 2015 04:47 PM
මේක කරන්න පුලුවන් වැඩක්ද? (නි)
ලලිත් Thursday, 11 June 2015 05:22 PM
ඉන්දියාවේ භාණ්ඩාගාරයේ තිබෙන සල්ලි සියල්ල බෙදුවත් ඔය කට්ටිය වැසිකිළියකට යවන්න බැහැ. රේල් පාරවල් වල හැඩේට වැසිකිළි හැදුවොත් නම් පෝළිමට යයි. (නි)
හේවාවිතාරණ Thursday, 11 June 2015 05:23 PM
දිලිප් මහත්තයත් ඉන්දියාවේ ක්‍රමයට වැසිකිළි යන්න ආසයි වගේ (නි)
නාරද Thursday, 11 June 2015 07:57 PM
බොරුවට වැසිකිළි ගිහින් රුපියල හොරට ගන්න අය නිරීක්ෂණයට නිලධාරියෙක් පත්කළ යුතුයි (නි)
සමන් Friday, 12 June 2015 03:05 AM
ෆිල්ම් හෝල් හැඩේට වැසිකිළි හැදුවනම් හරි (බ)
සතිෂ් Friday, 12 June 2015 03:59 AM
අපේ රටේ මේකේ අනිත් පැත්ත නිසා අපේ කට්ටිය වැසිකිළිය තිබෙද්දී පාරට පුරුදුවෙයිද කියන්න බැහැ (නි)
බටන්ගල Friday, 12 June 2015 04:08 AM
යහපාල වගේ අය කොච්චර මොළ සෝදලද කියල දැනෙන්නේ ඊළඟ මැතිවරණයේ ප්‍රතිපල ගැන තියෙන දහසකුත් එකක් බලාපොරොත්තු දැක්කම. ඔය වගේම අවුරුදු දහයක් අපිත් ඒගොල්ලන්ට තමයි ඡන්දෙ පාවිච්ච් කළේ. ජනවාරි 8 සිදුවුනේ වැරදීමක් හෙම කියල හිතන්න එපා මොහොතකටවත්. ඒ තරමට එපාවෙන දේ සිද්ද වුනා කියලවත් අඩු තරමින් පිළිගන්න. (බ)