බටහිර රටවල ජනයා තම මළපහ කිරීමේ ක්‍රමය සම්පුර්ණයෙන් වැරදි බව ජර්මානු ක්ෂුද්‍ර ජීව විද්‍යාඥවරියෙක් වන ගිවුලියා එන්ඩර්ස් පවසන්නීය. වැසිකිළයක වාඩිවී මළපහ කිරීම වෙනුවට ඇණ තියාගෙන එම කාර්යය කිරීම සුදුසුයැයි පර්යේෂණකින් තහවුරු වී ඇත.
මේ සම්බන්ධයෙන් ඇය විසින් ලියා ‘රමණීය බඩවැල්‘ නමැති පොත ජර්මනියේ සති කිහිපයකින් විකිණී අවසන් විය. එමගින් අන්ත්‍රයෙහි සෞඛ්‍ය සම්බන්ධ කරුණු ගණනාවක් ගවේෂණාත්මකව ඉදිරිපත් කැර තිබේ. මලබද්ධය සහ බැක්ටීරියාවන් ගැන එහි විස්තැර කැර ඇත.
ඇය පවසන්නේ ජීර්ණක සෞඛ්‍යය මොළයේ පණිවිඩ වඩාත් හොඳින් පවත්වාගෙන යාමටත් මානසික සෞඛ්‍ය මට්ටම පවත්වාගැනීමටත් හේතුවන බවයි. මේ සඳහා මළ පහකිරීමේ ප්‍රායෝගික කරුණු ද වැදගත් බව පර්යේෂණ කණ්ඩායම පවසයි.
ක්ෂුද්‍ර අණුක විද්‍යාව විෂය කරගනිමින් ෆ්‍රැන්ක්ෆර්ට් හි තම ආචාර්ය උපාධිය සඳහා සුදානම් වන එන්ඩර්ස් පවසන්නේ ඉඳගනිමින් මළපහ කිරීම සම්පූර්ණයෙන් වැරදි සහගත බවයි. ඉඳගනිමින් මලපහ කිරීමේ හේතුවෙන් ආසියා රටවලට වඩා බටහිර රටවල වැසියන්ගේ බඩවැල්වල අර්ශස් ඇතිවීමේ ප්‍රවණතාව වැඩි බව ද ඇය පෙන්වා දෙයි.
පර්යේෂණයට අනුව ඉඳගෙන මෙම ක්‍රියාව කිරීම හේතුවෙන් අන්ත්‍රයේ කෙලවර පටක මිරිකි මළපහ පිටවීම සෞඛ්‍යයට හිතකර නැත. ඒ අනුව නිවැරදි ක්‍රමය වන්නේ ඇණ තියාගෙන මළපහ පිට කිරීමයි.
අපගේ අන්ත්‍රය බොකුටුව පිහිටා තිබීම හේතුවෙන් ඉඳගෙන සිටින විට සහ නැගිට සිටින විට එය සම්පූර්ණයෙන් විවෘත නොවේ. ඇණ තියාගෙන මළපහ කිරිමේදී යෙදිය යුතු පීඩනය ස්වාභාවිකවම අවම වීමෙන් පහසුවෙන් අන්ත්‍රයේ අවසන් කොටස තුලින් බාහිරට නිකුත් වන බවයි. ඉඳගෙන මෙම කාර්යය කිරීම වඩා ශිෂ්ඨ සම්පන්න බව බටහිර ජාතීන්ගේ සිත්තුළ කාවැදී තිබෙන කරුණකි.
පර්යේෂකයන් පවසසන්නේ වාඩිවී මළ පහ කිරීමට පුරුදු වූ අයට ඇණ තියාගෙන මළ පහ කිරීම අසිරු කරුණක් බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැසිකිළි යන ක්‍රමයත් වෙනස් කරන්න වෙයි
කොතලාවල Thursday, 21 May 2015 10:47 PM
ප්‍රියන්ති,කොමඩ් එක උඩට නඟින්න.එවිට පුලුවන් ඇන තියාගන්න (නි)
නිමාලි Thursday, 21 May 2015 09:22 AM
සුද්දා කිව්ව නිසා දැන් හරියට කරන්න ගනියි (නදී)
කුමාර් මල්වත්ත Thursday, 21 May 2015 09:37 AM
ඇන තියන් කරන්න ලැජ්ජයි. කොමඩ් එක තමයි හොඳ. (නදී)
එරංග Thursday, 21 May 2015 09:44 AM
"රමණීය බඩවැල්" මම හිතන්නේ මෙම පොතේ ඉංග්‍රීසි නාමය මෙතෙන්ට යෙදීම වඩා උචිතයි (නදී)
හංසි Thursday, 21 May 2015 09:53 AM
මලපහටත් නව වෙනසක් (ම)
කිරි ගමරාල Thursday, 21 May 2015 10:41 AM
ඒ කාලේ උක්කුටික පෝච්චි කියල විකිණුවේ ඔය වාඩිවෙලා මල පහ කරන වැඩේට සනීපාරක්ෂාව සහිත වැසිකිලි පෝච්චි. දැන් ජාල හිඟයෙන් පෙලෙන ප්‍රදේශ වලට ඩ්‍රයි ටොයිලට් කියල හඳුන්වාදෙන වැසිකිලි වලට නිර්මාණය කරලා තියෙන්නේ මාස 6 න් 6 ට පැත්ත මාරු වෙලා උක්කුටිකයෙන් ඉඳගෙන මල සහ මුත්‍ර පහ කරන්න පුළුවන් පෝච්චි. මේ පිළිබඳව වැඩි විස්තර ප්‍රැක්ටිකල් ඇක්ෂන් කියන රාජ්‍ය නොවෙන සංවිධානයෙන් ලබා ගන්න පුළුවන්. අවුරුද්දක් ගතවෙනකොට මුල් 6 මාසෙදි පහ කරපු මල කොම්පෝස්ට් බවට පත්වෙලා ඉවරයි. ඒවා පොහොර සඳහා භාවිතා කල හැකියි. මුත්‍ර වෙනම ගලාගෙන යන්න සලස්වලා තියෙන්නේ. සිදුරු කල ප්ලාස්ටික් බටයක් මතට පස් දමා පලාවර්ග, මිරිස්, තක්කාලි වැසිකිලියට ආසන්නයේම වගා කරන්න පුළුවන් මුත්‍ර වලින් පෝෂණය කරලා. මුත්‍ර එකතු කරලා විකිණීම ඉන්දියාවේ හොඳ ව්‍යාපාරයක් බවට පත්වෙමින් තිබෙනවා. (නදී)
සමන්ති Thursday, 21 May 2015 01:21 PM
කිරි ගමරාල, උක්කුටික පෝච්චිය දැනුත් බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා . කොහොමටත් සත්ව අසුචි (මස් මාළු නොකන අලි,ගව ,එළු,සා ආදී සතුන්ගේ) පොහොර වශයෙන් පාවිච්චි කරනවා. මිනිස් මලපහ යුරියා වලට ගන්නවා. (නදී)
ඉසුරන්දි Thursday, 21 May 2015 01:38 PM
අපේ සමහර මිනිසුන්ට මේකත් විහිළුවක්. මෙයින් ගතයුතු යමක් ඇත්නම් අරගන්න.(හේ)
බාලසුරිය Thursday, 21 May 2015 01:40 PM
දැන් ඒකටත් ක්‍රමයක් එනවා අනේ මන්දා?(හේ)
රිචි බාලසුරිය Thursday, 21 May 2015 01:39 PM
ඔය ඇණ තියලා ඒවා උඩ ඉඳගත්තම පස්ස පැත්තේ ඔය ඇණ වැදිලා තුවාල වෙලා කරදර වෙනවා.(හේ)
ෂිහාන් Thursday, 21 May 2015 03:38 PM
අයියෝ ඕකත් ඔච්චර දෙයක් ද, කොමඩ එක උඩ ඇන තියාගත්තනම් ඉවරනෙ(නදී)
සල්ගාදු ප්‍රන්සය Thursday, 21 May 2015 05:10 PM
මම කිහිප වතාවක් සෞදි ගුවන් සේවයෙන් ලාබ නිසා ගුවන් බලපත් අරන් ලංකාවට ආවා ගියා. මං ගුවන් යානයේ දී දැක්ක දෙයක් තමයි කලින් වැසිගිලි ගිය සෞදි පිරිස වාඩිවී නැති බව. මොකද කොමඩයේ සපත්තු සලකුණු තිබුණා. (ත)
සෙලිනා Thursday, 21 May 2015 05:41 PM
නිහාල් ඔයාගේ කමෙන්ට් එක තමයි හොදම කමෙන්ට් එක.., රෝලම ඉවරයි ''ඒත් '' වැඩක් නැහැ (ත)
පෙරේරා Thursday, 21 May 2015 07:19 PM
එතකොට ඔය කියන විද්‍යාඥවරිය එම කාර්යය කරන්නේ ඇණ තියාගෙනද? (නි)
ලංකාසිරි Thursday, 21 May 2015 09:21 AM
තදියම් උනාම හිටගෙන උනත් කරන්න පුළුවන් වැඩක්නේ ඕක. (නදී)
නිමාෂා Friday, 22 May 2015 01:16 AM
පැරණි පුරා විද්‍යාත්මක ගවේෂණ වලින් ඉතුරු වී ඇති පරිදි අපේ සම්ප්‍රදාය උක්කුටික ක්‍රමය වෙනවා. බටහිර පර්යේෂකයන් කියනකල් අපගේ අයට මේවා දන්නෙන්නේ නැහැ. දැන්වත් බුද්ධිය පහල වේවා(නදී)
සම්පත් Friday, 22 May 2015 03:12 AM
මේක ලංකාවේ මිනිස්සු දන්නවා කතාව සහ මුලින්ම ඇත්ත පේශීන් තද වීම ඉහිල් වීම වෙන්නේ (ම)
සම්පත් Friday, 22 May 2015 03:15 AM
කොමඩ් එකඋඩ ඉන්න එක භයානකයි. එ්ක කරන්න එපා. එ්ක ඉතා භයානක දෙයක්. කොමඩ් එකේ වාඩිවෙන්න ශක්තිය තිබුනට උඩ නැග්ගම ශක්තිය මදි වෙලා කැඩන්න ඉඩ තියෙනවා. (නදී)
මහේෂ් Friday, 22 May 2015 04:32 AM
පැරැන්නෝ කල හැම දේම හරි කියලා නැවත නැවතත් තහවුරු වෙනවා. දියුනු ලෝකයක් කියලා අපි බදාගෙන කරන්නේ අපේ විනාශය සැමරීමක්.(නදී)
සොපී Friday, 22 May 2015 06:44 AM
ආසියානුවෝ නිවැරදි ක්‍රමය අතීතයේ සිටම අනුගමනය කළා.මෑතකදී තමයි බටහිරට ඕක තේරුනේ (නි)
තුසිත Friday, 22 May 2015 07:45 AM
දන්න කෙනෙක් උක්කුටික ක්‍රමය පැහැදිලි කරන්න. දන්නේ නැති නිසයි අහන්නේ. (ස)
චන්න බුවනක Friday, 22 May 2015 08:48 AM
අපි මලපහ කරන විට වාඩිවී සිටින ආකාරයට සිංහලෙන් කියන්නේ "උක්කුටික " ක්‍රමය කියලයි. අප භාවිතා කරන ඉන්ග්ලිෂ් වලින් කියන "ස්කොටින්ෆාන්" එකට කියන්නේ "උක්කුටික පෝච්චිය " කියලයි. ප්‍රේමතිලක මහතාගේ ලිපියට මේ ආකාරයෙන් වචන ටික එකතු වෙලා තිබුනානම් හරබර ලිපිය තවත් අගය වැඩි වෙනවා.(ම)
රනිජා Friday, 22 May 2015 10:20 AM
හොදි නැතිව පාන් කනවා වගේ වැඩක්! මෙලෝ රහක් නෑ. (ස)
පියල් වීරසිංහ Friday, 22 May 2015 12:10 PM
බලාගෙන ගියාම අපේ මුතුන් මිත්තෝ අනුගමනය කළ දේවල් තමයි අද ලෝකයට හරියන්නේ .. (නි)
ලොකුගේ Friday, 22 May 2015 12:23 PM
අහලා තියනවා සමහර බටහිර අය කොමඩ් එක ළඟ පොඩි බංකුවක් තියාගන්නවා කියලා, කකුල් ඉහළට එසවී උක්කුටික ඉරියව්ව හැදෙන විදියට (නි)
රුවන් Friday, 22 May 2015 01:07 PM
භාග්‍යවත් අප බුදුරජාණන් වහන්සේ මීට වසර දහස් ගණනකට පෙර දේශනා කර වදාරන වග නම්.... විනය පිටකයේ මෙය සඳහන් වෙනවා,ශරීරකෘත්‍ය සිදුකළ යුත්තේ කෙලෙසද කියන වග.එය ගිහි පැවිදි සියලුම දෙනාට පොදු වන දෙයක්. ඒ ධර්මය ඇසුරු කරන්නෙකුට මේ සොයාගැනීම් අමුතු දෙයක් නොවෙයි.එමෙන්ම මට බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම දේශනා කර ඇත කියා උදම් ඇනීමට කිසිත් උවමනාවක් නැති බවද සඳහන් කළයුතුය. (නි)
නිහාල් Friday, 22 May 2015 03:46 PM
යුරෝපිය රටවල වර්ග දෙකේම වැසි කිලි තියෙනවා. වැඩිපුර තියෙන්නේ කොමඩ්. වැඩේ කොහොම කලත් රුපියල් 300 ක මුදලක් ගෙවිය යුතුයි. කොහොමත් කාසි දැම්මොත්නේ දොර ඇරෙන්නේ (නදී)
කැළුම් Thursday, 21 May 2015 03:50 AM
පරණ ක්‍රමයට කැලේට ගිහිල්ල ආවනම් ඔය මොකවත් වියදමක් නැහැ.(ම)
මොනිකා Wednesday, 20 May 2015 01:59 PM
මොන විනයක්ද මේ.(හේ)
චන්ද්‍රසිරි Wednesday, 20 May 2015 02:25 PM
මෙය සත්‍යයක්
කුමාර Wednesday, 20 May 2015 02:47 PM
මේක චීනයක් නොවෙයි, එ්ක තමයි සත්‍යය.(බ)
එරංද Wednesday, 20 May 2015 02:50 PM
මේ මොකක්ද මේ? ලක්ෂ 1.20ක් විතර වියදම් කලා කොමඩ් හයිකරලා බාත්රූම් එක හදන්න. දැන්ද මේක කියන්නේ.මේක කලින් කීවානම් වයිෆ්ට පෙන්නලා ෂේප්වෙන්න තිබුනා.(හේ)
වෙදා Wednesday, 20 May 2015 04:26 PM
තමුන්ට පුළුවන් ලේසිම ක්‍රමයට කරන්න. (ර)
පියලාල්. Wednesday, 20 May 2015 05:42 PM
ඔන්න අපේ පරණ ක්‍රමයට තැනක්.පිහිදාන, හෝදන එක ගැන එතුමිය ගේ අදහස ලියල නැද්ද? (නදී)
තිස්ස Wednesday, 20 May 2015 05:54 PM
ඔන්න අපේ ක්‍රම වලට ඉල්ලුම හා පිලිගැනීම එනවා. වීරවංශ මොකද කියන්නේ? විදේශ කුමන්ත්‍රණයක්ද? (නදී)
නුවන් Wednesday, 20 May 2015 06:50 PM
දැන් තමයි විද්‍යාව ටික ටික අතීතයේ සිටි අපේ මුතුන් මිත්තන්ගේ, සුවිශේෂ දැනුම සොයාගන්නේ. මමත් කොමඩ් සවිකළා තමයි. මේක කියවලා කළ මෝඩකම ගැන පසුතැවුණා මිසක්, නමත් ඉංග්‍රීසි කරගත් එක්කෙනා කියුව වගේ බොරු සෝභන පාට් දැම්මේ නැහැ. අන්න ඒ බටහිර සෝබන කෑල්ල තමයි අපට හැමදාම "විනයක්" වුණේ. (නි)
හේවාවිතාරණ Wednesday, 20 May 2015 07:26 PM
තව ටික කලකින් මේ ක්‍රම දෙකම හරි නැහැ කියලා මොනවිදියේ ක්‍රමයක් සොයා ගනීවිද? (නි)
හේවාවිතාරණ Wednesday, 20 May 2015 07:43 PM
කොමඩ් නිෂ්පාදකයන්ට හොඳටම තරහා ගිහිල්ලා ඇති (නි)
සඳුන් Thursday, 21 May 2015 02:51 AM
නුවන්ගේ කතාව අගය කරනවා. ඉස්සර පොඩි කාලේ අපි වැසිකිළි ගියේ ඇණතියාගෙන තමයි. නමුත් පසුකාලීනව වෙනස් වුණා. සුද්දන්ගේ වැඩ අනුකරණය නිසාම. මම මේ කතාව ඇහුවේ මීට අවුරුදු 20 කට පමණ පෙර. නමුත් පවුල තුළවත් වෙනසක් කරන්න බැරිවුණා (නි)
සුනිල් Thursday, 21 May 2015 03:11 AM
අනේ මන්දා මෙහෙම යනකොට...? (නි)
සමන් Wednesday, 20 May 2015 01:59 PM
හා අපි ඕව දන්නා නිසා තමා ඇණ තියාගෙන එම කාර්යය කරන්නේ .(හේ)
පුබුදු Thursday, 21 May 2015 04:19 AM
එරන්ද, ඔයාට මම එකඟයි. අපරාදේ වෙන වැඩකට යොදවන්න තිබුන සල්ලි. (ස)
දුමින්ද Thursday, 21 May 2015 04:20 AM
බටහිරට හැම දේම පුදන අපට නැවත සිතන්න මොහොතක් (නදී)
රෙජි-සිඩ්නි Thursday, 21 May 2015 05:06 AM
කාලා බීලා අන්තිමට කරගන්න වැඩේටත් නිදහසක් නැද්ද දෙයියනේ?(නදී)
රිස්වි අන්වර් Thursday, 21 May 2015 05:09 AM
මේ පමණක් නොව මුත්‍රා කරන විටත් වාඩිවී කිරීම නිවැරදි ක්‍රමයයි (නදී)
කල්පනී Thursday, 21 May 2015 05:25 AM
අහන්නත් සතුටුයි. අපේ පුංචි ශ්‍රී ලංකාව ආදර්ශයට ගෙන තව ටික කාලයක් යනකොට කියයි අතින් අනල කෑම කන එක තමයි හොඳ කියල. (ස)
සදහම් Thursday, 21 May 2015 06:13 AM
මේක හොයාගන්න මෙච්චර කල් ගියානේ. (නි)
රෝහණ Thursday, 21 May 2015 06:39 AM
පර්යේෂකයෝ කියන්නත් කලින් අපි ඕව ගෙන පර්යේෂණ කරලා තියෙනවා කියල දැන් පැහැදිලි නේද? (ම)
හීන්මැණිකා Thursday, 21 May 2015 07:14 AM
කොහොමත් තව අවුරුදු ලක්ෂයක් විතර ගියාම අපේ අන්ත්‍රයත් බොකුටු කොමෝඩ් වලට ගැළපෙන විදියට සකස්වෙයි. (නි)
රවි බණ්ඩාර Thursday, 21 May 2015 07:18 AM
අපේ අයට ඉතින් සුද්දගේ ක්‍රමයනෙ අගේ. අපේ පරණ විධිය හෑල්ලුවට ලක්කරලා බටහිරට ආවඩපු එකේ වරද තාම අපි අවබෝධ කරගෙන නැහැ (නි)
ප්‍රියන්ති Thursday, 21 May 2015 07:19 AM
බටහිර හැම රටකම කොමඩ් .කොමඩ් එකේ ඇනතියාගන්නේ කොහොමද? (නි)
නිහාල් Thursday, 21 May 2015 07:36 AM
සුද්දන්ට ඇන තියාගෙන පහකරන ක්‍රමයෙන් පත්තරත් පිරිමැහෙනවා.හෝදන ක්‍රමයත් වෙනස්වුණ දවසට කාටත් හොඳයි. රෝලම ඉවරයි. ඒත් වැඩක් නැහැ (නි)
ප්‍රසාද් Thursday, 21 May 2015 09:10 AM
මේක ඇත්ත කරලා බලන්න (නදී)