විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ගේ රෝහල් ගත කිරීමට ඉක්වදෝරය බි‍්‍රතාන්‍යය රජයෙන් අවසර ඉල්ලයි. ඉක්වදෝරය මේ ඉල්ලීම කර ඇත්තේ ලෝක ප‍්‍රසිද්ධියට පත් පරිගණක හැකර්කරුවා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින්ය. ජුලියන් අසාන්ගේ ස්වීඩන ජාතිකයෙකි.නමුත් ඔහු ජීවත් වන්නේ බි‍්‍රතාන්‍යයයේය.ඇමරිකා එක්සත් ජනපදය ඇතුලූ රටවල් රැසක අතිශය රහස්‍ය තොරතුරු ලෝකයා හමුවට ගෙන ඒමට හෙතෙම සමත් විය. ලෝක සාමය උදෙසා යැයි කියමින් තම ක‍්‍රියාකලාපය සාධාරණීකරණය කර ගැනීමට සමත් වුණු අසාන්ගේට ඔහු ස්වීඩනයේ සිටියදී සිදුකළේ යැයි කියන ලිංගික අපවාර සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා නැ`ගිණි. තමා නිවැරදි කරු බව ප‍්‍රකාශ කරයි. අසාන්ගේ සිය උපන් රට වන ස්වීඩනයට පිටුවහල් කිරීමට බි‍්‍රතාන්‍යය තීරණය කරන්නේ අපරාධය සිදුව ඇත්තේ එරටදී බැවිනි අසාන්ගේ ස්වීඩනයට පිටුවහල් කළහොත් ඇමරිකාවට ඔහු සිරභාරයට ගැනීමේ හැකියාව ඇත. ඒ ස්වීඩනය හා ඇමරිකාව අතර ඇති ගිවිසුම් හරහාය. මේ බව තේරුම් ගන්නා අසාන්ගේ බි‍්‍රතාන්‍යයයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැුකවරණය පතන්නේ ඉක්වදෝරය ඇතැම් අන්තර්ජාතික සම්මුතීන්ට එළැඹ නොමැති බැවින් කිසිවෙකුටත් බලපෑම් එල්ල කළ නොහැකි වීම හේතු කරගෙනය.ඔහු එහි රැදී සිටින්නේ පසුගිය ජූනි මාසයේ සිටය. එවක පටන් බි‍්‍රතාන්‍යය පොලිසිය ඉක්වදෝර තානාපති කාර්යාලය ඉදිරිපස නිරන්තර සෝදිසියේ යෙදී සිටී.ඒ අසාන්ගේ එළියට පැමිණෙන අවස්ථාවක් වේ නම් ඔහු වහා අල්ලා ගැනීමටය. කෙසේ වුවද ඉක්වදෝරය අසාන්ගේ ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිඹද තමන් දැනුවත් කර නැතැයි පවසන බි‍්‍රතාන්‍යය බලධාරීහු තත්ත්වය බරපතල නම් අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීමට පියවර ගත හැකි බව පවසති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විකිලීක්ස් හැකර්කරු ලෙඩවෙයි
බුද්ධි ඕස්ට්‍රේලියා Thursday, 25 October 2012 02:28 PM
ඹහූ ඕස්ට්‍රේලියා ජාතිකයෙකි..(නු)
අසිත Thursday, 25 October 2012 03:07 PM
හොද මනුස්සයෙක් අප්පා. (නි)
නජිත් Thursday, 25 October 2012 08:50 PM
ඇමරිකාවට ආවැඩුවා නම් ඔය මුකුත්ම ප්‍රශ්න නැහැ. (නි)
සතිෂ් Thursday, 25 October 2012 10:01 PM
ඔවු අප්පා. නියම කෙනෙක්. (නි)
බමුණුසිංහ Friday, 26 October 2012 07:51 AM
මේ වගේ අය ලෝකයට අවශ්‍යයි. (නි)
ජීවා Friday, 26 October 2012 08:32 AM
ඔහු ඕස්ට්‍රේලියානුවෙක්. (නි)
ශලිනි Friday, 26 October 2012 10:20 AM
හරි දැන් මෙතන අදහස් දමන අය කියන්නෙ එයා වීරයෙක් කියලනෙ,එතකොට එයා ලංකාව ගැන හෙළිකරපු යුධ රහස් ගැන කියන්නෙ මොනවද? දන්නෙ නැත්තම් හෙළි කරපු රහස් වාර්තා වල ලංකාව සර්ච් කරන්න. ඕනෑම රටකට තමන්ට කියලා පුද්ගලිකත්වයක් තියෙනවා. (නි)