විදෙස් ආධාර ලෙස සෝමාලියාවට ලැඛෙන මූල්‍යමය හා ද්‍රව්‍යයමය ආධාර සියල්ලම එරට රජය එරට ක්‍රියාත්මක අල්කයිඩා සංවිධානයට අනුබද්ධිත අල්ෂබාබ් නම් ත්‍රස්ත සංවිධානය වෙතට ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.
රජයේ දේශපාලඥයයින් අල්ෂබාබ් ත්‍රස්තයින් වෙත අවි ආයුද පවා ලබා දෙන්නේයැයි සදහන්ය.තම තමන්ගේ වාසිය තකා සිදුකෙරෙන බව පැවසෙන මෙවැනි දෑ වලින් සෝමාලියාව තව තවත් අදුරටම ඇදවැටෙමින් පවතින බව විචාරකයෝ කියති.
සෝමාලියාවේ කි්‍රයාත්මක සහන සේවා කණ්ඩායම් බොහෝමයකට ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අල්ෂබාබ් ත්‍රස්තයින් වෙත කප්පම් ගෙවීමට පවා සිදුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
1991 වසරේදී එවක සිටි ජනපති සියාඩ් බාරේ බලයෙන් නෙරපනු ලැබුණු පසු සෝමාලියාව පාලනය වන්නේ අත්තනෝමතික පාලකයින් පිරිසක් අතිනි.රටේ නිසි නීති පද්දතියක්ද නොමැති අතර ඇති නැති පරතරය අහසට පොළව මෙන්වේ.
සෝමාලියාව අන්තවාදී කණ්ඩායම් හා ත්‍රස්ත කණ්ඩායම් අතට පත්වී තවත් ඇෆ්ගනිස්ථානයක් බවට පත්වනු ඇතැයි ලෝක බලවතුන් බිය පළ කරයි.මෙනිසා සෝමාලියාවට එම රටවල් ආධාර ලබාදෙන්නේ ඩොලර් ලක්ෂ ගණනිනි.
නමුත් එම උත්සාහයන් සියල්ල ගගට කැපූ ඉණි මෙන් වී ඇතැයි විචාරක අදහසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විදෙස් ආධාර සෝමාලියා ත්‍රස්තයන් අතට
සත්‍යා Tuesday, 25 February 2014 04:36 PM
අපේ රටට ලැබෙන ආධාර ගසා කන්නත් මෙහෙ ත් අල්-කයිඩා වක් තියෙන වානේ.(දී)
Joy Godrey Mahatelge Dias Wednesday, 26 February 2014 11:06 PM
සමහර රටවල ත්‍රස්තවාදයත් දෙශපාලනයත් දම්වෑලක පුරුක් වගේ.අවු.30ක් අපේ රටේ ආර්ථිකය හා ජන ජීවිතය විනාශ කරපු ත්‍ර්ස්තවාදය ලක් පොලවෙන් අතුගා දමපු ආදරනීය රණවිරුවන්ටත් දෙශපලන නායකත්වයටත් ගරුකලයුතුයි. මෙවා බලනකොට.(අ)