වියරු වැටුණු ඇමෙරිකන් හමුදා සෙබළකු පෙරේදා (11) ඉවක් බවක් නැතිව වෙඩි තැබීම නිසා, කුඩා දරුවන් නව දෙනකු ඇතුළු ඇෆ්ගන් සිවිල් වැසියෝ 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වන්නේ ප්රචණ්ඩත්වය රජයන දකුණු දිග ඇෆ්ගනිස්තානයේ කන්දහාර් ප්‍රාන්තයට අයත් පන්ජවායි දිස්ති‍්‍රක්කයේ ඇල්කෝසායි නමැති ගම්මානයේදීය. පන්ජවායි දිස්ති‍්‍රක්කය යනු ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන්ගේ නිජ භූමියයි.
ඇමෙරිකන් සෙබළුන් කණ්ඩායමක් පෙරේදා අලූයම දෙකට පමණ පන්ජවායි දිස්ති‍්‍රක්කයේ ඇල්කෝසායි ගම්මානයට පැමිණ එහි සෑම නිවසකටම බලහත්කාරයෙන් ඇතුළු වී තලේබාන් සටන්කාමීන් සිටිත් දැයි සෝදිසි කළ බව ගැමියෝ පවසති.
එම සෙබළ කණ්ඩායමේ සිටි සෙබළකු හිටිහැටියේම වියරුවෙන් මෙන් සිවිල් වැසියන්ට වෙඩි තබා ඇත්තේ එම සෝදිසි මෙහෙයුම අතරතුරේදීය. ඔහු නිවාස තුනකට කඩා වැදී වෙඩි තබා ඇත. පළමු නිවසට කඩා වැදී ඔහුකළ වෙඩි තැබීමේදී 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය පිරිස අතර කාන්තාවෝ තිදෙනෙක් ද සිටිති.
සෙබළා වහා අත්අඩංගුවට ගැනීමට හමුදාව කටයුතු කර ඇත. ඔහු හමුදා භට ඛණ්ඩ භාර සාජන්ට්වරයකු බවත්, විවාහකයකු මෙන්ම දියණියන් තිදෙනකගේ පියකු බවත් වාර්තා වේ. තමා සිදු කළ ඝාතන ගැන පසු තැවෙමින් සෙබළා පසුව හමුදාවට යටත් වූ බව ඇතැම් විදෙස් පුවත් සේවාවලින් වාර්තා විය.
සෙබළාගේ අනන්‍යතාව හෙළි වී නැති අතර ඔහු ඉරාක යුද්ධයට ද සම්බන්ධ වූවෙකැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එහෙත් ඔහු ඇෆ්ගනිස්තානයේ හමුදා සේවයට පැමිණි පළමු අවස්ථාව වී ඇත්තේ මෙය යැයිද වාර්තා වේ.
මේ සෙබළාට තවත් සෙබළුන් තිදෙනකුගේ සහාය ලැබුණු බව ගම්වැසියෝ පවසති. එහෙත් ඇමෙරිකා හමුදාව අවධාරණය කර ඇත්තේ එම සිදුවීමට සම්බන්ධ එක් සෙබළකු පමණක් බවය.
මේ වෙඩි තැබීමෙන් තවත් සිවිල් වැසියන් බොහෝ දෙනකු තුවාල ලැබූ බවත් ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන් සමඟ සටන් වදින නේටෝ හමුදාවේ ප්‍රකාශකයෙක් පැවැසීය.
ඝාතන සිද්ධිය සැලවීමත් සමඟ ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි ඇමෙරිකා හමුදාවටත් ජනපති ඔබාමාටත් තදින් දොස් පැවැරූ බව කාබුල් නුවරින් වාර්තා වේ. මේ සිද්ධියෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත් වූයේ යැයිද ඇෆ්ගන් ජනපතිවරයා පවසා ඇත.
මේ ඝාතන ඉතා ‘අවාසානාවන්ත සිද්ධියක්’ යැයි පවසමින් කනගාටුව පළ කිරීමෙන් පළක් නොවන බව ද ජනපති කර්සායි ඇමෙරිකාවට දොස් පවරයි.
ඇමෙරිකා ජනපති ඔබාමා ජනපති කර්සායිට දුරකතනයෙන් අමතා පවසා ඇත්තේ සිද්ධිය ගැන තමා දැඩි ලෙස කනගාටුවන බවත් ඒ ගැන ඇමෙරිකා රජය ඇෆ්ගන් රජයෙන් සහ සිවිල් වැසියන්ගෙන් සමාව ඉල්ලන බවත්ය. කෙසේ නමුත් මේ වනවිට හමුදා අත්අඩංගුවේ පසුවන ඇමෙරිකන් සෙබළාට නීති මගින් කටයුතු කර දඬුවම් ලබා දීමක් ගැන ඇමෙරිකා හමුදාව හෝ ජනපති ඔබාමා හෝ කිසිවක් ප්‍රකාශ කර නැත. ඇමෙරිකාව පවසා ඇත්තේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බව පමණි. ඇමෙරිකා සෙබළුන් වියරු වැටී සිවිල් වැසියන් ඝාතනය කළ පළමු අවස්ථාව මෙය නොවේ යැයි විදෙස් පුවත් සේවා මතක් කර දෙයි.
ඇමෙරිකා සොල්දාදුවා සිවිල් වැසියන් ඝාතනය කිරීම ද තලේබාන් සංවිධානයේ දැඩි කෝපයට හේතු වී ඇති අතර ඔවුන් ඊයේ (12) අනතුරු ඇඟවීමක් කළේ ‘මනස විකෘති වූ ඇමෙරිකන් තිරිසනුන්ට’ හොඳ පාඩමක් උගන්වන බවටය.
මේ අතර ඇමෙරිකන් සෙබළා සිදු කළ ඝාතනයට විරෝධය පළ කරමින් ගම් වැසියන් සියයකට ආසන්න පිරිසක් ඊයේ ඇල්කෝසායි ගම්මානය අසල පිහිටි ඇමෙරිකන් හමුදා කඳවුර ඉදිරිපිට රැස්ව සිටිනු දකින්න ලැබුණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වියරු වැටුණු ඇමෙරිකන් සෙබළා ඇෆ්ගන් වැසියන් 16 ක් මරා දමයි