X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 02 වන බදාදා


විරෝධතා මැද ජී 8 සමුළුව උතුරු අයර්ලන්තයේදී ඇරබේ

ලෝකයේ ප‍්‍රධානතම ආර්ථිකශක්තිය හිමි කියන රටවල් අටේ එකමුතුව හෙවත් ‘ජී8’ සමුළුව, විරෝධතා මැද ඊයේ (17) උතුරු අයර්ලන්තයේ එනිස්කිලන් නුවරදී ආරම්භ විය.

එනිස්කිලන් නුවර පිහිටා ඇත්තේ බි‍්‍රතාන්‍ය අයර්ලන්ත දේශසීමාවට යාබදව සුන්දර විලක් අසළය. සමුළුව පැවැත්වෙන බව වාර්තා වීමත් සමඟ විරෝධතාකරුවන් 2,500 කට වැඩි පිරිසක් එනිස්කිලන් බලා පැමිණි බව වාර්තා විය.
සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 8,000 යෙදවීමට, උතුරු අයර්ලන්ත රජය පියවර ගෙන තිබුණි. ඊට අමතරව තවත් දහසක පමණ පොලිස් බලඇණියක් ද සීරුවෙන් තැබුණි. කලහකාරීව හැසිරුණු 12 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ද වාර්තා විය.
ජී 8 සමුළුව සෑම වසරකට පැවැත්වෙන අතර ඊට සමඟාමීව විරෝධතා ද පැවැත්වෙයි. මීට වසර කිහිපයකට පෙර ජී8 සමුළුවට සහභාගී වූ විරෝධතාකරුවන්ගේ ගණන 10,000 ක් විය. එහෙත් අද එය 2,000 තෙක් අඩු වී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. කෙසේ නමුත් බාධාවකින් තොරව සමුළුව ඊයේ දිනයේ පැවැත් වුණු අතර එය අද (18) අවසන් වෙයි.
සමුළුවට ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා, බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්, චීන ජනාධිපති සිං ජියැපින්, රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ජර්මනියේ චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල්, ප‍්‍රංශ ජනාධිපති ෆ‍්‍රන්සුවා  ඕලන්ද්, ජපන් අගමැති ෂෙන්සෝ අබේ සහ තුර්කි අගමැති එන්රිකෝ ලෙටා සහභාගී වෙති.
ජී 8 නායකයන්ගේ සාකච්ඡුාවට බඳුන් වූයේ සිරියානු අර්බුදය, ගෝලීය ආහාර අර්බුදය සහ ආර්ථික අර්බුදය ගැනය. සිරියානු අර්බුදයේ දී ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටී.
ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය සහාය දෙන්නේ සිරියා කැරැුලිකරුවන්ටය. මේ වනවිට ඇමෙරිකාව උත්සහ ගන්නේ සිරියා කැරැුලිකරුවන්ට ආයුධ දී ශක්තිමත් කිරීමටය.
සෙසු ලෝක බලවතුන් වන රුසියාවත් චීනයත් සහාය පළ කරන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයටයි.
2011 වසරේ මාර්තු මාසයේ ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයෙන් මියගිය ගණන මේ වන විට 93,000 තෙක් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කරන්නේ සිරියානු අර්බුදය මුල්කොට ගනිමින් තෙවැනි ලෝක මහා සංග‍්‍රාමය නිර්මාණය වනු ඇතැයි කියාය.



අදහස් (0)

විරෝධතා මැද ජී 8 සමුළුව උතුරු අයර්ලන්තයේදී ඇරබේ

නිල්මිණි Tuesday, 18 June 2013 01:57 PM

කොහොමද තුර්කිය ආර්ථික ශකිත්ය තිබෙන හොදම රටවල් අතරට එන්නේ? මීට වැඩිය කොච්චර ආර්ථික දියුනු රටවල් ඕනෑ තරම් තියනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site