ඉරාක කැබිනට් මණ්ඩලයට නව සාමාජිකයින් පත්කරගැනීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට වත්මන් කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් නැවත වරක් අපොහොසත්වීම නිසා කෝපයට පත් ෂියා මුස්ලිම් කි‍්‍රයාධරයින් සියයකට අධික පිරිසක් ඉරාක පාර්ලිමෙන්තු ගොඩනැගිල්ල ආක‍්‍රමණය කර ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් ඉරාක අගනුවර හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.
ඉරාක පාර්ලිමෙන්තුව හා රාජ්‍ය තාන්ති‍්‍රක ගොඩනැගිලි පිහිටා තිබෙන බැග්ඩෑඩයේ හරිත කලාපයේ තැන් තැන්හිද විරෝධතාකරුවන් රැස්ව සිටින බව එම වාර්තා වල වැඩිදුරටත් සඳහන්ය.නමුත් ගැටුම් කිසිවක්ම මේ දක්වාම වාර්තාවී නොමැත.
නව කැබිනට් මණ්ඩලයකට වගකීම් පැවරීමට ඉරාක අගමැති හයිඩර් අල් අබාඩි සැළසුම් කර තිබෙන මුත් දැනට කැබිනට් මණ්ඩලයේ සිටින ප‍්‍රබල දේශපාලන පක්ෂවල නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ අනුමැතිය ඊට නොලැබිණ.
දැනට සිටින ඇමැතිවරුන් වෙනුවට පක්ෂ නියෝජනය නොකරන,තාක්ෂණ දැනුම අතින් උසස් පිරිසක් කැබිනට් මණ්ඩලයට පත්කර ගැනීම අගමැතිවරයාගේ වුවමනාවයි.
ගැටලූව නිරාකරණය කරගැනීමට පසුගිය සමය මුළුල්ලේම විවිධාකාරයේ සාකච්ඡා පැවැති අතර ඒ කිසිවක ප‍්‍රගතියක් දැකගත නොහැකි විය.
ඉරාක රජයේ මෙම නොහැකියාවට එරෙහිව ජනතාව විරෝධතා පවත්වන්නේද කලක සිටය.මෙම විරෝධතා වල පෙරමුණේ සිටින්නේ ෂියා මුස්ලිම් ජනතාවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විරෝධතාකරුවෝ ඉරාක පාර්ලිමෙන්තුව ආක‍්‍රමණය කරති
ටෙනිසන් Saturday, 30 April 2016 07:24 PM
ගහ මරාගැනීම් ලොව පුරා දිනෙන් දිනම වැඩිවෙනවා! (නි)