කුවේට් අගමැති ශීක් නසාර් මොහොම්මද් අල් අහමද් අල් සාබාට ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින් අගමැති නිල නිවස ඉදිරිපිට පැවැත්වුණු විරෝධතා රැලියකට ආරක්ෂක අංශ පහර දීමත් සමඟ විරෝධතාකරුවෝ දහස් ගණනින් ඊයේ (17) කුවේට් පාර්ලිමේන්තුවට කඩා වැදුණහ.
කුවේට් රාජ්‍යයේ විරෝධතා ආරම්භ වූයේ ද බටහිර රටවල් ‘අරාබි වසන්තය’ යනුවෙන් හඳුන්වන විරෝධතා රැල්ල ආරම්භ වූ අවස්ථාවේදීය. රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කරන බව අගමැති ශීක් නසාර්ට චෝදනා එල්ල වෙමින් පවතින අතර විරෝධතාකරුවන් එක හඬින් කියා සිටින්නේ අගමැතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවය. විරෝධතාකරුවන්ට නායකත්වය දෙන්නේ එරට විපක්ෂ කණ්ඩායම්ය.
විරෝධතාකරුවන් දෙදහසකට ආසන්න පිරිසක් ඊයේ අගමැති නිල නිවස ඉදිරිපිටට රැස්වී අගමැතිවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරන්න වූ අතර කුවේට් රජය එම විරෝධතාකරුවන් පලවා හැරීමට කැරැලි මර්දන පොලිසියත් හමුදාවත් යෙදවීය. විරෝධතාකරුවන්ට බැටන් පොලූවලින් සහ කඳුළු ගෑස්වලින් පහර දීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.
එහිදී විරෝධතාකරුවන් 20 දෙනකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර පොලිසිය එල්ල කළ ප‍්‍රහාරවලින් පස් දෙනෙක් තුවාල ලැබූහ.
විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වට කර ඊට ඇතුළු වූයේ ඉන්පසුවය. ඇතැම් විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුව ඉදිරිපිට කඳවුරු බැඳ ගත්හ.
විරෝධතාකරුවන් කියා සිටින්නේ අගමැතිවරයා පමණක් නොව පාර්ලිමේන්තුවේ තවත් ඇමැතිවරුන් 16 දෙනකුම අල්ලස් සහ දූෂණ වලට සෘජුව සම්බන්ධ බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විරෝධතාකරුවෝ කුවේට් පාර්ලිමේන්තුවට කඩා පනිති