දරු උපතකදී මවක විලි රුදාවෙන් කරනා කෑගැසීම් වලට දඩයක් අය කරනා රෝහලක් ගැන වාර්තා වන්නේ සිම්බාබ්වේ වලිනි.
දුෂණයට එරෙහිව ක්‍රියාත්මක වන ඇමරිකා සංවිධානයක් වන ‘ට්රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් සිම්බාබ්වේ හිදී සිදුකළ විමරශනයකින් මේ රෝහල සොයාගෙන තිබේ.
දඩ අයකරනවාට අමතරව මෙම රෝහල දඩ ගෙවීමට ප්‍රමාද වන්නේ නම් ඊට පොළියක්ද අය කරන බවත් ඇතැම් අවස්ථාවන්හි දරුවා ලැබූ මව දඩය ගෙවන තෙක්ම බලහත්කාරයෙන්ම රෝහලේ රදවාතබාගන්නා බවත් මෙම විමර්ශනයේදී හෙළියැය. මෙය සිම්බාබ්වේහි රෝහල් බොහෝමයක දක්නට ඇති තත්ත්වයක් බවද ට්රාන්ස්පෙරන්සි ඉන්ටර්නැශනල් සංවිධානය කියයි.
එක් කෑගැසීමකට ඩොලර් 5 බැගින් අයකෙරෙන බව කියැවේ.සිම්බාබ්වේ හි සම්පූර්ණයෙන්ම පාහේ විනාශව ඇති ආර්ථීකයට නිසාවෙන් සාමාන්‍ය පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම ඩොලර් 150 ක් පමණ වේ.එයිනුත් ඩොලර් 5 බැගින් රෝහලට ගෙවන්න සිදුවේ නම් ඉතිරියක් නොමැති බව
දන්නා සිම්බාබ්වේ වැසියන් දරු උපතකදී රෝහලක් කරා යොමු වන අවස්ථාවක් ඇත්තේම නැති තරම් වන බව විමර්ෂණය සිදු කළ කණ්ඩායම කියයි.මේ නිසාම සිම්බාබ්වේහි නිසි වෛද්‍ය උපදෙස් නැතිව සිදුවන දරු උපත් නිසාවෙන් මියයන මවුවරුන් සංඛ්‍යාවේද ඉහළ යාමක්ද දක්නට ඇතැයි පැවසේ.
ආර්ථීක අර්බුදය නිසාවෙන් සිම්බාබ්වේහි සියලූ දෙනා උත්සාහ කරන්නේ කුමන කරුණක් ඉදිරිපත් කර හෝ මුදල් සොයා ගැනීමට බව විමර්ෂණ කණ්ඩායම කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විලිරුදාවටත් දඩ
සමන් Thursday, 18 July 2013 04:19 PM
මෙන්න නියම අයිඩියා එකක්. අපේ කඩා වැටෙන ආර්ථිකයට සල්ලි හොයන්න මාර ක්‍රමයක්.(නදී)
දර්ශන් Thursday, 18 July 2013 08:15 PM
අපොයි මොන අපරාදයක්ද, කසාද ගාස්තුව වැඩි නිසා නීතියෙන් විවාහ නොවී ජීවත්වන පවුල් හතරක් පමණ මම හදුනනවා. මෙහෙම දෙයකුත් ආවොත් නම් ඉවරයි.(නදී)
ගාමිණී-සිරි Thursday, 18 July 2013 08:49 PM
විලිරුදාව ,වගේම තමා අපේ බස් රුදාව, ස්වීප් රුදාව..කොන්දොස්තර මොනතරම් කෑගැහිල්ලක් ද කෑගහන්නේ උදේ සිට රෑවෙනකම්, එතකොට ස්වීප් වෙළෙන්දා ..පේමන්ට් වෙළෙන්දා ...දඩ තියා ඔවුන්ට ගානක් ගෙවන්න හිතෙනවා.පව් අනේ! අපි මොනවා කරන්නද ? (නි)
පහන් මඩුගල්ල Thursday, 18 July 2013 09:02 PM
මේ නීතිය දාපු අයට පස්ස පැත්ත මහල බඩයන්න බේත් දෙන්න ඕනේ එතකොට එයාලටත් විලිරුදාව තේරේවි (අ)
ශෙහාන් Thursday, 18 July 2013 10:47 PM
පේරාදෙණිය රෝහලේ අම්මලාට පහරදුන් දෙන්නා එහෙනම් සිම්බාබ්වේ ගිහින් වගේ. (නදී)
දනු Friday, 19 July 2013 03:36 AM
මොන ප්‍රශ්න තිබුනත් අපේ රට රත්තරන්. ඒක තේරෙන්නේ මේ වගේ කාලකන්නි රටවල් වලින් අහන්න ලැබෙන දේවල් එක්ක.(නදී)
මාපති Friday, 19 July 2013 05:15 AM
දනුගේ කතාව ඇත්ත, අපේ රට රත්තරන්. රට කාපාලුවෝ ටික දෙනෙක් හිටියට බොහොම දෙනෙක් මනුෂ්‍යත්වය හඳුනන උදවිය ඉන්නේ.(නදී)
රාජරත්න Friday, 19 July 2013 09:36 AM
අපි තාම සිම්බාබ්වෙ රටත් එක්ක රාජතාන්ත්‍රික සම්බන්ධතා පටන්ගත්තෙ නැහැ නේද? (නි)