X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


විවාහය පන්සලේ

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කිලෝමීටර් 150ක් දුරින් පිහිටි රෙයිගාඩ් ග්‍රාමයේ ජිවත්වන අමිත් මෝර් හා අක්ෂේයා පල්කාර් ඊයේ දින මුම්බායි පරෙයි බහුජන විහාරයේදී යුගදිවියට පිවිසුණේය.  බහුජන විහාරයේ විහාරාධිපති කොහිලවත්තේ ලංකානන්ද හිමියන්ගේ ආරාධනයෙන් එහි ගිය අපි මංගල උත්සවයේ විශේෂ අවස්ථාද ඡායාරූප ගත කළෙමු.

අවුරුදු 32ක් පුරා ඉන්දියාවේ ජීවත්වන ලංකානන්ද හිමියන් ඉන්දියා රජයේ අවසරය මත මෙවැනි විවාහ සිදුකරන බවත් දහස් ගණනක් මේ ආකාරයට උන්වහන්සේ විවහා කරදී ඇති බවත් පැවසූහ. ‘‘අද දවසට විතරක් විවාහ ලියාපදිංචි හතරක් තියෙනවා. පිරිත් ටිකක් ජයමංගල ගාථා කියවාගෙන  පිරිත් නුලක් බැදගන්න මේ අය හරිම ආසයි. මේ ඔක්කොම හරිම දුප්පත් අය මහත්තයෝ. අනිවාර්යෙන්ම මනමාලයත් මනමාලියත් සුදු ඇදුමෙන් සැරසී එන්න ඕනෑ. වයිවාරන ඇඳුම් අඳින්න මම දෙන්නේ නැහැ. විවාහයෙන් පස්සේ ඕනෑ ඇඳුමක් එයාලට අදින්න පුළුවන්.  මේ සියලු දෙනාම බෞද්ධයෝ.“ යනුවෙන්ද උන්වහන්සේ පැවසූහ.         

IMG_6924 IMG_6925 IMG_6933 IMG_6935 IMG_6936 IMG_6954 IMG_6970 IMG_6973               



අදහස් (0)

විවාහය පන්සලේ

රොකී Tuesday, 18 November 2014 01:41 AM

මම නම් බෞද්ධයෙක් හැටියට මේ කටයුත්තට විරුද්ධයි. (නි)

:       0       0

සමන් Thursday, 20 November 2014 04:22 AM

අතීතයේ ලංකාවෙත් ස්වාමීන් වහන්සේගේ අසිර්වාදය ඇතුව තමා විවාහය සිද්ද වුනේ :) එත් අද ?(අ)

:       0       0

සමන්ති Thursday, 20 November 2014 01:37 AM

ලංකාවේ විවාහය පොත්වල ලියාපදිංචිය පටන්ගත්තේ 1867 වසරේදී. අදින් වසර 147 කට පමණ පෙරදීය. (නි)

:       0       0

සමන්ති Thursday, 20 November 2014 01:09 AM

බුදුහාමුදුරුවෝ නීති පැනවූයේ නීති කැඩුවොත් විතරයි. සමහර අවස්ථාවල කාලයට උචිත පරිදි ඒවා වෙනස්කළා. දෙදෙනා අලුත් ජීවිතයකට යනවිට ආශිර්වාද ආගමානුකූලව ලබාගැනීම වරදක්ද?ලංකාවේ විවාහය දා ඡායාරූප ගන්න පමණක් පන්සල් යන බෞද්ධයන් ඉන්නවා නේද? (නි)

:       0       0

රොකී Wednesday, 19 November 2014 02:26 PM

පන්සල්වල විවාහ සිද්ධකර ගන්න කියලා බුදුන් වහන්සේ දේශනාකරලා තියනවාද? මේකසංඝයාට අයිති කටයුත්තක් නෙවෙයි. සමන්තිලා වගේ උපාසක අම්මලාගෙ දැනුම අපූරැයි. (අ)

:       0       0

සමන්ති Wednesday, 19 November 2014 12:43 AM

රොනී, බෞද්ධයෙකුට විවාහ වෙන්න තහනම් කරලා තියෙනවද?ඔයා බෞද්ධාගම හදාරලා නැහැ.විවාහය ගැන හොඳින්ම පෙන්වාදී තිබෙන්නේ බුද්ධාගමේ. (නි)

:       0       0

යොහාන්‍ Tuesday, 18 November 2014 11:42 PM

හරිම සුන්දර විවාහයක් (නි)

:       0       0

නිපුණ Tuesday, 18 November 2014 08:12 PM

විවාහය වැනි කටයුත්තකට තුණුරුවනේ ආශිර්වාදය බොහොම වටිනවා (නි)

:       0       0

නිර්මල Tuesday, 18 November 2014 08:12 PM

සමහරු මේ වගේ හොඳ කටයුත්තකත් දකින්නේ වැරදිමයි (නි)

:       0       0

ප්‍රියංක Tuesday, 18 November 2014 12:06 PM

අනේ රොකී, විරුද්ධ උනාට කමක් නැ. හොඳ සිරිත් ගරු කරන උදවිය කැමති උනාම ඇති. (ර)

:       0       0

දිනේෂ් Tuesday, 18 November 2014 10:57 AM

කොච්චර හොද වැඩක්ද?(හේ)

:       0       0

ප්‍රියංක Tuesday, 18 November 2014 05:30 AM

අනේ රොකී, විරුද්ධ වුණාට කමක් නැහැ. හොඳ සිරිත් ගරුකරන උදවිය කැමති වුණාම ඇති. (නි)

:       0       0

සමීර සාලින්ද Tuesday, 18 November 2014 05:22 AM

සියලුදෙනා මට සමාවෙන්න!!වැරැද්දක් වුණ පළියට ඔහොම කීම හරි නැහැ නේද (නි)

:       0       0

යසලාල් Tuesday, 18 November 2014 02:41 AM

හරිම ලස්සනයි (නි)

:       0       0

චමල් Monday, 17 November 2014 08:03 AM

විවාහය යනු හුදෙක්ම ලෞකික කර්තව්‍යයක් බැවින් පන්සල් වල විවාහ සිදුකිරීම සුදුසු නැත. (නි)

:       0       0

සමන්ති Monday, 17 November 2014 11:36 PM

සපත්තු හිස්වැසුම් නොපැළඳීම සම්ප්‍රදායක් පමණයි. පින හා පව යනු කරන ක්‍රියාව අනුව සිතේ ඇතිවන සිතිවිල්ලක්. රට රටවල සංස්කෘතිය අනුව ආගමික සම්ප්‍රදාය වෙනස් වෙනවා.උදාහරණයක් ගත්තොත් ජපානයේ සමහර පන්සල්වල කෑමට ගෙනෙන ආහාර පළමුව බුදුන්ට පුජාකරනවා. (නි)

:       0       0

උදේනි Monday, 17 November 2014 09:06 PM

සමීර සාලින්ද,ඔයාගේ ඇස්දෙක පෙනීමේ දුර්වලකමක් තියෙනවා නම් ඇස්දෙක පරික්ෂාකර ගන්න (නි)

:       0       0

කේ. සිරි Monday, 17 November 2014 08:01 PM

මේස් සහ සපත්තු හඳුනන්නේ නැති අයත් ඉන්නවා වගෙයි (නි)

:       0       0

භාග්‍යා Monday, 17 November 2014 06:59 PM

ලංකාවේ අපේ සමහර අය වැරදි හොයන්නමයි දන්නේ (නි)

:       0       0

ගයාන් Monday, 17 November 2014 05:22 PM

සුබ මංගලම්! පිරිසිදු සිතින් පිරිසිදු බැඳීමක්.පොඩි පොඩි අඩුපාඩු විවේචනය කරන්න එපා (නි)

:       0       0

ජයමාන්න Monday, 17 November 2014 03:59 PM

කොච්චර හොඳ වෙඩක් කෙරුවත්, එක එක ඇද හොයන මිනිස්සුත් ඉන්නවනේ.(හේ)

:       0       0

පීරිස් Monday, 17 November 2014 01:36 PM

සමීර සාලින්ද , පේනවා අඩුද සපත්තු කොහිද මේස් දාගෙන ඉන්නේ , ටිකක් සුබවාදීව බලන්න (අ)

:       0       0

සමීර සාලින්ද Monday, 17 November 2014 10:59 AM

බුදු පිලිමෙ ලඟ සපත්තු පැළඳ සිටීම පවක් නේද. (ර)

:       0       0

සිරිසේන Monday, 17 November 2014 10:38 AM

සියලු දෙනාගේම ආශීර්වාදය ලැබිය යුතු උතුම් ක්‍රියාවක්, සැම දෙනාටම තෙරුවන් සරණයි.(හේ)

:       0       0

දිලාන් Monday, 17 November 2014 09:53 AM

බුද්ද රූපයට පිටුපා ෆොටෝ ගැනීම අනුමත කල නොහැක. (ර)

:       0       0

සේන Monday, 17 November 2014 09:44 AM

පන්සල මිනිස්සුන්ට ලංකරන්න හොදම ක්‍රමයක්. එත් චාරිත්‍ර හිංදු සම්ප්‍රදායට අයත් වගෙයි පෙන්නේ. (ර)

:       0       0

ප්‍රියංක Monday, 17 November 2014 09:35 AM

සංකර සිරිත් විරිත් වලට වැඩිය කොච්චර වටිනවද මේ වගේ කසාද බඳිනවනම්. ඒ ස්වාමින්වහන්සේට මේ වගේ දේවල් කරන්න තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා කියා ප්‍රර්ථනා කරමි. (ර)

:       0       0

සරත් අතාවුද Monday, 17 November 2014 08:48 AM

කොචර හොද වැඩක්ද අපේ ස්වාමින් වහන්න්සේ කරන්නේ ඔබ වහන්න්සේට දීගායූ වේවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site