විශ්වයේ බිහිවීම සම්බන්ධයෙන් සාක්කියක් සොයගත හැකි වූ බව විද්‍යාඥයෝ කියති. ඔවුන් පවසන්නේ විශ්වය බිහිවූවා යැයි සිතිය හැකි අතිවිශාල තාරකා පිළිබඳ තොරතුරු ලැබුණු බවයි. හිරුමෙන් කිහිප ගුණයක් විශාල දැවැන්ත තාරකා වන මේවායේ ආයුකාලය කුඩා වූ බැවින් ඒ කිසිවක් දැන් දක්නට නැතත් ඒවා සම්බන්ධ සළකුණු හමුවූ බව ඔවුහු කියති.
විද්‍යාඥයන් පවසන්නේ මේ සළකුණු අධ්‍යයනය කිරීමේ දී පැරණි විශ්වය සම්බන්ධයෙන් ඇදහිය නොහැකි මනහර තොරතුරු රැසක් සොයාගත හැකි බවයි. මේ සොයාගැනීම කර ඇත්තේ ජපානයේ ටෝකියෝ හි පිහිටි ජාතික තාරකා විද්‍යා නිරික්ෂණාගාරයේ ආචාර්ය වාකෝ ආකි සහ ඔහුගේ සිසුන් කණ්ඩායමක් විසිනි. මේ සොයා ගැනීම සඳහා තාරකා පුරාවිද්‍යාව නමින් හඳුන්වන තාක්ෂණයක් උපයෝගී කරගත් බව පැවසේ.
ඔවුන් පෙන්වාදෙන්නේ පළමු පරපුරේ තාරකා හයිඩ්රජන් හා හීලියම් සංයෝජනය මගින් වෙනත් ග්‍රහලෝක හා තාරකා සෑදීමේ ප්රමුඛ වූ බවයි. විද්‍යාඥයන්ගේ විශ්වාසයට අනුව විශ්වය සෑදී ඇත්තේ අදින් වසර කෝටි 1380ට පෙරාතුව සිදුවූ මහා පිපිරුමකිනි. එහිදී ඇතිවූ පළමු පරපුරේ තාරුකා සියල්ල වසර කෝටි 80ට පෙර සුපර් නෝවා මගින් පිපිරි ගොස් ඇත.
මේ තාරකා පිළිබඳ දැන සිටියේ කරුණු කිහිපයක් පමණි. ඉදිරියේ දී මේ තාරකාවල රසායනික ලක්ෂණ දැකගත් හැකි බව ද ඔවුහු පවසති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විශ්ව උපත ගැන නව සාක්ෂි ලැබෙයි
නිවන්තක Monday, 25 August 2014 06:23 AM
මේ පිළිබඳව තවත් තොරතුරු දැනගන්න කැමතියි (නි)
හේවාවිතාරණ Monday, 25 August 2014 08:41 AM
බුදුන් වහන්සේ මේ සියල්ල පැහැදිලි ලෙස ලෝකයාට ගෙනහැර පෑ සේක (නි)
නුවන් Monday, 25 August 2014 09:33 AM
ලෝකය මැව්වේ දෙවියෝ නෙමෙයිද? (නි)
නාලක Tuesday, 26 August 2014 05:39 AM
පිට මොකද (දී)
දනුෂ්ක රණසිංහ Wednesday, 27 August 2014 09:30 AM
තවත් තොරතුරු දැනගන්න කැමතියි අපි නොදන්නා කොතරම්දෙවල් මේ විශ්වය තුල තිබෙනවද කියා හිතනවා මේ දේවල් දිහා බැලුවහම (අ)
සිසිර ප්‍රසන්න සමරකෝන් Wednesday, 27 August 2014 11:32 PM
අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන් තුන්ගුණයට වඩා වැඩි ස්කන්ධයක් සහිත තරුවක් පිපිරී ගියවිට එවැනි පිපිරුමක් සුපර් නෝවා පිපිරුමක් ලෙස හඳුන්වනවා. පුපුරා යන තාරකාවේ ස්කන්ධය අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන් තුන් ගුණයට වඩා අඩු නම් එය නෝවා පිපිරුමක් ලෙස හඳුන්වනවා (නි)
සත්‍යයා Thursday, 28 August 2014 12:32 AM
සත්‍යය තිමිර පටල බිඳගෙන ආලෝකය කරා ගමන් කරනකොට "මැවුම් කරුවා" ට හිමිවන්නේ අඳුරු කුටිය පමණයි, "බලන් කඩතුරා හැර දෑසේ" (නි)