X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


විසෙන් විස නසයි

මාරාන්තික ඒඩ්ස් වෛරසයෙන් පිළිකා සෛල විනාශ කරවන විසෙන් විස නසන ප්‍රතිකාර ක්‍රමයක් සොයාගැනීමට ඇමරිකා වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.

මේ ප්‍රතිකාර ක්‍රමය ලේ පිළිකාවෙන් (ලියුකේමියාවෙන්) පෙළෙන රෝගීන් 30 දෙනෙකුට පමණ මේ වන විට යොදාගෙන තිබෙන අතර ඔවුන් සියලූ දෙනාම සම්පූර්ණයෙන්ම සුවය ලබාද ඇත.

ඒඩ්ස් වෛරසයෙන් ලියුකේමියාව ඇති කරවන පිළිකා සෛල විනාශ කළ හැකියැයි මුලින්ම අනාවරණය වූයේ 2006 තරම් ඈත සමයකදීය.එදවස මෙම ප්‍රතිකාර ක්‍රමය පර්යේෂණ මට්ටමේ තිබුණු හෙයින් එයට වැඩි අවධානයක් යොමු නොවුනි.

නමුත් එය අනුසාරයෙන් වැඩිදුර පරීක්ෂණ කර තිබෙන මෙම ඇමරිකා පර්යේෂකයින්ගේ උත්සාහය නිසා අද දිනයේ එය සැක නොමැතිව ලියුකේමියා රෝගීන් සුවපත් කළ හැකි ක්‍රමයක් ලෙස යොදා ගැනීමට තරම් ප්‍රගතියක් ලබා ඇත.

මෙම ප්‍රතිකාර ක්‍රමයේදී මුලින්ම රෝගියාගේ සිරුරින් ‘‘ටී‘‘ සෛල ලක්ෂ ගණනක් ලබාගැනේ.අනතුරුව සිදුවන්නේ සැර බාල කරන ලද ඒඩ්ස් වෛරස එම සෛල වලට ඇතුල් කිරීමයි.

මෙසේ වැඩිදියුණු කරන ලද සෛලයන් නැවත වරක් රෝගියාගේ සිරුරට ඇතුල් කිරීම අවසාන පියවරයි.

එයින් පසු මාස කිහිපයක් ගතවීමේදී ලියුකේමියා කාරක පිළිකා සෛලයන් සම්පූර්ණයෙන්ම විනාශව යන බවත් එඩ්ස් වෛරසය ආසාදනය කරන ලද සෛලයන්ද ඒහාම විනාශ වන බවත් පර්යේෂකයින් කියයි.

සැර බාල කරන ලද ඒඩ්ස් වෛරසය ගැනද සඳහනක් කරන ඔවුන් වෛරසය එසේ හඳුන්වන්නේ එහි ආක්‍රමණශීලී හැකියාව පහත බස්වා තිඛෙන නිසා බව පවසයි.මෙනිසා මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් ඒඩ්ස් වැළදෙනු ඇතැයි අනියත බියක් ඇතිකරගත යුතු නැතැයි ඔවුන් සහතික වේ.

ආක්‍රමණශීලී හැකියාව පහත බස්වා ඇතත් මෙම ඒඩ්ස් වෛරසයට එහි ජාන වෙනත් සෛලයන්ට එක් කරවීමේ හැකියාව ඇත.පර්යේෂකයින් තම වාසියට භාවිතා කර ඇත්තේද ඒඩ්ස් වෛරසය සතුවන මේ හැකියාවයි.

ලියුකේමියාකාරක පිළිකා සෛල වලට මෙම ජානයන් එක් වූ පසු ඒවායේ ක්‍රියාකාරීත්වය නැවතී විනාශව යන බව පැවසේ.

ලියුකේමියාව හැරෙන්නට වෙනත් පිළිකා මර්දනය කිරීමට මෙම ප්‍රතිකාර ක්‍රමය යොදාගත හැකිදැයි සොයාබැලීම පර්යේෂක පිරිසගේ මීළග ඉලක්කය වී ඇත.

1415755878276_Image_galleryImage_Young_father_cured_of_can 1415756408959_Image_galleryImage_A_Utah_man_s_leukemia_is_ 1415756504824_wps_48_Emily_Whitehead_cancer_ba



අදහස් (0)

විසෙන් විස නසයි

සුසන්ත Friday, 14 November 2014 07:43 AM

අපේ සුබපැතුම්. ලක්ෂ ගණනකගේ ජිවිත බේරාගන්න පුළුවන් වෙhs (දිල්)

:       0       0

තිවංක රොෂාන් Friday, 14 November 2014 07:53 AM

ඉතින් ලියුකේමියා කාරක පිළිකා සෛලයන් අරගන ඒඩ්ස් වෛරසය සහිත පුද්ගලයකුට දුන්නොත් ලියුකේමියා කාරක පිළිකා සෛලයන් වලට ඒඩ්ස් වෛරසය පහසුවෙන් ඇතුලත් කර සෛලයන් විනාශ කරනවිට ඒඩ්ස් වෛරසයද විනාශ වෙලා යනවා නේද ?(හේ)

:       0       0

කුමාරණ Friday, 14 November 2014 08:21 AM

පිළිකාවට හේතුවන පිළිකාකාරක ලොවෙන් තුරන නොකොට ඔය කරන සෙල්ලම් ඇස්බැන්දුම් විතරක් බව ඔය උගතුන් කියාගන්න පිරිස දැන ගත්තොත් හොඳා. පළමුව ඔය විද්‍යාඥයන්ට හේතුපලවාදය පිලිබඳ අවබෝධයක් ලබාදිය යුතු බව පෙනේ. (බ)

:       0       0

රජින්ද Friday, 14 November 2014 11:34 AM

තිවංක රොෂාන් මහත්මයා, ලිපියේ පැහැදිලිවම කියලා තියෙන්නේ ඒඩ්ස් වෛරසයේ "සැර බාල කර" කියලනේ. එතකොට ලියුකේමියාව කියන්නේ ඒඩ්ස් වලට වඩා බාලයි. එකෙන් ඒඩ්ස් මර්දනය කරන්න පුළුවන් උනත් සුව කරන්න බැරුව ඇති. කොහොමහරි ඉතා උතුම් සොයාගැනීමක්. මේ විද්‍යාඥයන්ටත්, මේ සියලු පර්යේෂණ නිසා දිවිදුන් සියලු තිරිසන් සත්වයින්ටත් මේ පින අනුමෝදම් වේවා.! (ර)

:       0       0

නදීකා Friday, 14 November 2014 03:59 PM

මටත් මේ ගැන තව විස්තර දැනගන්න ඕන. මේක තවම ලංකාවට ඇවිත් නැතිව ඇති නේද.? (ර)

:       0       0

සෝමදාස Friday, 14 November 2014 04:17 PM

සතුටුදායක පුවතක්. (ර)

:       0       0

ගයාන් Friday, 14 November 2014 06:05 PM

හොඳ පුවතක්. නමුත් මීට කලිනුත් ඔය වගේ ගොඩක් දේවල් අහන්න ලැබුනා. පස්සේ ඒවාට මොනවා වුණාද දන්නේ නැහැ. (නි)

:       0       0

ජයසෝම වෙල්ලම්පිටිය Saturday, 15 November 2014 11:08 AM

මේක සින්දාන්තයක්, විසෙන් විස මේරීම , ( ඇක්ෂන් ඇන්ඩ් රිඅක්ෂන් ) එමෙන්ම ආගමෙන් ආගම නැති කිරීම , ජාතිවාදයෙන් තවත් කොටසකගේ ජාතිවාදය ඇති කිරීම , සේම ක්‍රියාවක ප්‍රති ක්‍රියාවක් තිබේ , මේක තේරුන් ගන්න පුළුවන් නම් අද ලෝකය බොහෝ වෙනස් (අ)

:       0       0

නෙරන්ජ Saturday, 15 November 2014 02:09 PM

මේක ලංකාවට එහෙම ලේසියෙන් එන්නේ නෑ, ඕන කෙනෙකුට මුදල් ගෙවා ඇමෙරිකාවට ගිහින් ප්‍රතිකාර ගන්න පුළුවන් (අ)

:       0       0

බණ්ඩාර රුසියාව Saturday, 15 November 2014 04:32 PM

එතකොට ඒඩ්ස් රෝගය හැදුණු අයට ලියුකේමියා රෝගය හැදෙන්නේ නැතිද. (දිල්)

:       0       0

ලහිරු සුනෙත් Sunday, 16 November 2014 05:38 AM

මගෙත් සුබ පැතුම් ජිවිත රාශියක් බේරගන්න හැකියාව ලැබීම ගැන (බ)

:       0       0

ආනන්ද Monday, 17 November 2014 05:07 AM

මිනිසුන්ට හරවත් පණිවුඩ ලබා දීල මිනිස්සු දැනුවත් කරන්න පුලුවන් පුවත් වැඩි වැඩියෙන් පල කරන්න ලංකාදීපයට තවත් හැකියාව ලැබේවා,(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site