‘නගරයක් ඇතුලේ නගරයක්‘ තැනීමට ඩුබායි බලධාරීහු සැළසුම් සකස් කරමින් සිටිති.
මෙම නගරය සම්පූර්ණයෙන්ම වීදුරු ආවරණයක් යට පිහිටැවෙන අතර එහි ලොව විශාලතම වෙළද සංකීර්ණයද ඉදි කිරීමට නියමිතය.
ඊට අමතරව හෝටල 100 කට ආසන්න සංඛ්‍යාවක්, සිනමා ශාලා,උද්‍යාන,අවන්හල්,විනෝද මධ්‍යස්ථාන ආදී පහසුකම්ද මේ නගරය ඇතුළත ඉදිකෙරෙන නගරයේ ඇති කෙරෙනු ඇත.
මෙම ඉදිකිරීම් වර්ග අඩි ලක්ෂ 480 ක වපසරියක් පුරා පැතිරේ.
ඩුබායිහි ඇතැම් කාලයන්හිදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක පමණ ඉහළකට නගී.එනිසා මෙම මුළු නගරයේම උෂ්ණත්වය අවැසි පරිදි එකවර පාලනය කිරීමේ පහසුකම්ද ඇති කෙරෙනු ඇතැයි සදහන්ය.
මෙය ඉදිකිරීමේ අරමුණ වසර පුරාවටම ඩුබායි නගරයට සංචාරකයින් අද්දවාගැනීම බව බළධාරීහු කියති.
ඊට අමතරව මැදපෙරදිග කලාපයේ සංස්කෘතිකමය හා ආර්ථිකමය මධ්‍යස්ථානයක් බවටත් ඩුබායි පත් කිරීමද මෙයින් අපේක්ෂා කැරෙයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වීදුරු නගරයක් ඩුබායි නුවර
අරවින්ද Wednesday, 09 July 2014 02:45 PM
මම ඉන්නෙත් ඩුබායි වල තමයි (අ)
සමන් Saturday, 23 August 2014 08:12 AM
බලන්න මැද පෙරදිග රටවල් කොච්චර පොහොසත්ද අපි මෙහේ ඉන්න අයට බනිනවා. හැබැයි ඒ අය දියුනුයි. අපි තවම එතනමයි. (නදී)
සිම්සාන් Friday, 11 July 2014 09:27 PM
අපේ රටේ අය ඉතින් අනෙක් රටවල දියුණුව ගැන බලලා කට ඇරගෙන ඉන්න තමයි දන්නේ (නි)
චමිලා Friday, 11 July 2014 04:09 PM
අනාගතය ලෝකය මොනවගේ තියේවිද කියල බලාගන්න නම් ඩුබායි එන්න හැබැයි දැම්ම නමෙයි , තව අවුරු 6 කින් (දී)
පියල් Friday, 11 July 2014 02:02 PM
අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි මිහිකත තරහ කරගෙන නොවේ. මේ හැම දේම තත්පර ගානකින් වෙනස් වෙන්න පුළුවන් (අ)
සෑම් Thursday, 10 July 2014 03:53 PM
සමන්ත ඔය මිනිස්සු ඉරිසියාවට කියන දේවල් ගණන් ගන්න එපා. අපි ආවොත් එන්නම් ඔයාවත් බලල යන්න. (නදී)
ශාන සෞදි Thursday, 10 July 2014 12:45 PM
අපේ පාර්ලිමේන්තුවත් හදමු මෙහෙම.එතකොට මීට වඩා අපිට හොඳ සිදුවීම් බලාගන්න පුලුවන්. (නි)
හේමන්ත Thursday, 10 July 2014 10:23 AM
මමත් හිටිය ඩුබායි වල. (ස)
මාලිකා Thursday, 10 July 2014 05:20 AM
ගොඩක් ලස්සනට ඇති (නි)
සමන්ත Tuesday, 08 July 2014 09:20 AM
මම ඉන්නෙත් ඩුබායි වල තමයි (නි)
සිල්වා Wednesday, 09 July 2014 02:11 PM
ඩුබායි වලට සංචාරකයින් මිලියන 60ක් විතර වසරකට එනවා. අපේ රටට ඒ තුළින් යමක් ඉගෙනගන්න පුළුවන් සංචාරක කර්මාන්තය දියුණු කරන්න (නි)
හේරත් Wednesday, 09 July 2014 05:27 AM
ඒ රටවල් කොච්චර නම් දියුණුද? (නි)
හසන්ත Wednesday, 09 July 2014 05:27 AM
අපිත් හදමුද එකක්? (නි)
ශානක Wednesday, 09 July 2014 04:55 AM
සමන්ත, දැන් ඔයා අපිට ඉතින් මොකක්ද කියන්නේ? ඔයා විතරක් නෙමෙයි, ලංකාවේ ගොඩක් අය ඩුබායි වල ඉන්නවා. (නි)
ජයසිංහ Wednesday, 09 July 2014 03:56 AM
සමන්ත, ඉතින් ඔයා ඩුබායි හිටියා කියලා අපි මොනවද කරන්න ඕනෑ? (නි)
රිහිත Tuesday, 08 July 2014 12:27 PM
සමන්ත ඔයා ඩුබායි හිටියට අපිට මොකොද මේ ලියමනට අදාල දෙයක් කියන්න.(දී)
මොහාන් Tuesday, 08 July 2014 09:50 AM
සමන්ත ඉතින් අපිට මොකෝ (දී)