දැනට ලොව භාවිතාවන කැමරාවට වඩා 1000 ගුණයකින් වේගවත් කැමරාවක් නිපදවමීට ජපානයේ ටෝකියෝ හා කියෝ විශ්ව විද්‍යාලයන්ගේ පර්යේෂක පිරිසක් සමත්ව සිටිති. ලොව වේගවත්ම කැමරාව මෙහි තීව්‍රතාව (පික්සල් ප්‍රමාණය) බිලියන 440 කි.
මේ සා ඡායාරූප ප්‍රමාණයක් තත්පරයක් වැනි කෙටි කාලයකදී ගැනීමට භාවිතා කර ඇත්තේ අලූත්ම තාක්ෂණයක් යැයි පැවසේ.
දැනට ලොව භාවිතයේ ඇති වේගවත් කැමරා වල සිදුවන්නේ මුලින් ඡායාරූපය ගැනීමට අවැසි වස්තුව වෙත ආලෝක දහරාවක් එල්ල කර හෝ එම වස්තුවට ලැබී ඇති ආලෝක ප්‍රමාණය අනුව වස්තුවේ ඒ ඒ ස්ථාන වලට වැටී ඇති ආලෝක තීව්‍රතාවය ලේසර් කිරණයක් ආධාරයෙන් ගණනය කර ඡායාරූපය සැකැසීමයි.ආලෝක ප්‍රමාණය ගණනය කිරීම සිදුවන්නේ ලේසර් කිරණයක් ආධාරයෙන් නිසා ඡායාරූපය ඉක්මනින් සැකසෙන අතර එකක් පසු පස එකක් වේගයෙන් ඡායාරූපද ගත හැකිය.
ජපාන පර්යේෂකයින් නිපදවා ඇති කැමරාවේ මේ ක්‍රියාවලියට එහා ගිය අලූත්ම තාක්ෂණයක් භාවිතයට ගෙන ඇත.කිසියම් කාලාන්තරයක් ඇතුලතදී වස්තුවේ විවිධ දිශාවන් ඉලක්ක කොට ගන්නා ඡායාරූප රැසකින් අවසානයේ ප්‍රධාන ඡායාරූපය සැකසීම මෙම කැමරාවේ සිදුවේ.එම ඡායාරූපයන් ගැනීමේ වේගය කෙතරම්ද යත් පර්යේෂකයින්ට අනුව කැමරාවට තත්පරයකදී ඡායාරූප ට්‍රිලියන 4.4 ක ප්‍රමාණයක් ගත හැකිය.
එක් අවස්ථාවකදී ගත හැකි ඡායාරූප ප්‍රමාණය අතින් මේ කැමරාව දැනට ලෝකයේ ඇති වේගවත්ම කැමරාවට වටා දහස් ගුණයකින් පමණ වේගවත් බව පැවසේ.
ඡායාරූප වග ගුණාත්මක භාවයද කැමරාවේ වේගය සේම ඉහළය.
මෙය ආධාරයෙන් රසායනික ප්‍රතික්‍රියා, වෛද්‍ය හා ඉලෙක්ට්‍රෝනික ක්ෂේත්‍රවල හඳුනාගත හැකි ඉතා සියුම් සංසිද්ධීන් හොදින් නිරීක්ෂණය කළ හැකිවනු ඇතැයි පර්යේෂක පිරිස පවසති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වේගවත්ම කැමරාව ජපානේ
ගාමිණී සිරිවර්දන Thursday, 14 August 2014 04:36 AM
ලෝක ජනප්‍රසාදය දිනාගත් කැමරා නිර්මාතෘ ජපනුන්ට මේකත් කජ්ජක්ද? (නි)
සිල්වා Thursday, 14 August 2014 04:50 PM
ජපාන ජාතිකයන් හරිම නිහතමානියි. ඒ වගේම නිර්මාණශීලිත්වයෙන් හොඳම හැකියාවක් තිබෙනවා. පොඩි කාලේ සිටම පාසලෙන් මේ දැනුම ලබාදෙනවා. ප්‍රධාන වශයෙන් මුහුදු මාලු ආහාරයට ගැනීම මේ කුසලතා වලට ලොකු රුකුලක් බව විද්‍යාඥයින්ගේ මතයයි (නි)
ලකී දොඩන්ගොඩ Thursday, 14 August 2014 06:32 PM
මම පොඩි කාලේදී අසා තිබෙනවා මගේ සීයා, ආච්චි , දෙමව්පියන් කියනවා ජපනා සියල්ලටම හපනා කියලා. ඒක අදටත් සැබෑවක් (නි)
ඉසුරන්දි Saturday, 16 August 2014 01:26 PM
ජපන් බඩු වලට වෙළදපොළේ තියෙන්නේ පුදුම ඉල්ලුමක්. මොකද තාක්ෂණය අතින් ඉහළ නිසා.හැබැයි ඉතින් මිල තමයි වැඩි. (නි)