X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


වෛරසයක් මව් පදවිය අහිමිකරයි ?

ගැබ් ගැනීම්වලින් වැළකී සිටීමට පවුල් සැළසුම් ක්‍ර‍ම භාවිතා කරන ලෙස බ්‍ර‍සීලයේ සෞඛ්‍ය අංශ එරට කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙයට හේතුවී ඇත්තේ මදුරුවන් මගින් පැතිරෙන සිකා නමැති බැක්ටීරියාවකි. බැක්ටීරියාව පැතිරීම වැළැක්වීමට රජය මේ තීරණය ගෙන ඇත.

දරු ගැබක් දරා සිටින මවකට මේ වෛරසය ඇතුළු වීමෙන් නූපන් දරුවාගේ ස්නායු පද්ධතිය ආසාදනය වී මොළයේ වර්ධනය සීමා කරන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. වෛද්‍යවරු පෙන්වාදෙන්නේ මෙම වෛරසය අාසාධනය වූ මව්වරුන් බිහිකරන්නේ නිසි පරිදි වර්ධනය නොවූ කුඩා මොළයක් සහිත දරුවන් බවයි.

දරුවකු බිහිකිරීම සඳහා ගැබ් ගැනීම අතිශය පුද්ගලික කරුණක් වුව ද පවතින අවිනිශ්චිත තත්ත්වය සමග ගර්භනී වීම කල් දමා ගැනීමට පවුල් සැළසුම් ක්‍ර‍ම ක්‍රියාත්මක කරන්නැයි ළමා රෝග ආසාදන පිළිබඳ විද්‍යාඥ වෛද්‍ය ඇන්ජෙලෝ රොවා මහත්මිය පවසයි.

බ්‍ර‍සීලයේ ප්‍රාන්ත විස්සකින් දැනට මේ තත්ත්වයට ගොදුරු වූ දරුවන් 2400ක් වාර්තා වී ඇති අතර ඉන් 29 දෙනකු මියගොස් ඇතැයි ද රජය පෙන්වාදෙයි. සිකා නැමැති වෛරසය ආසාධනය වීමෙන් ඇතිවන රෝගය මයික්‍රොසෙෆලි යනුවෙන් හඳුන්වයි. පර්යේෂකයන් පවසන්නේ මයික්‍රොසෙෆලි තත්ත්වයට ගොදුරු වූ දරුවන් එරට ප්‍රාන්ත විස්සකින් ම වාර්තා වී ඇති බවයි. රෝගයට ගොදුරු වූ දරුවන් වැඩිම පිරිසක් වාර්තා වූ ප්‍රාන්ත නමයක දැන් හදිසි තත්ත්වයක් ද ප්‍ර‍කාශයට පත්කැර ඇත.

මේ වෛරසය සිරුරට ඇතුළු වූ පසු ගර්භණී මවුවරුන්ගේ හිස රදය, මද උණ සහ සිරුරේ තැන තැන පලු මතුවීම් දක්නට ලැබුණු බවත් එවැනි ගැබිණි මවුවරු බිහිකළ දරුවන් මේ රෝගයට ගොදුරු වී සිටි බවත් පර්යේෂකයෝ කියති. මේ තත්ත්වයට සිකා නමැති වෛරයසය සෘජුව ම බලපාන්නේ ද යන්න සෙවීමට දැනටමත් පර්යේෂන ආරම්භ කැර ඇත.

සිකා උණ මුල් වරට වාර්තා වන්නේ 1940 දී උගන්ඩාවෙනි. බ්‍ර‍සීලයේ මේ වෛරසය ඇති බවට තහවුරු කරගෙන ඇත්තේ 2015 දී ය. වෛද්‍යවරුන්ගේ විශ්වාසය වන්නේ පාපන්දු ලෝක කුසලානය පැවති අවස්ථාවේ දී මේ වෛරසය ආසාධිත පුද්ගලයන් පැසිෆික් කලාපයේ සහ ආසියානු රටවලින් එරටට පැමිණීම හේතුවෙන් වෛරසය රටට ඇතුළුවන්නට ඇති බවයි.



අදහස් (0)

වෛරසයක් මව් පදවිය අහිමිකරයි ?

චාමික Thursday, 24 December 2015 03:16 AM

කණගාටුදායක පුවතක් වුණත් පරිවර්තනයේ ගුණාත්මකබව ගැන සතුටුයි. (නි)

:       0       0

යෝනක Thursday, 24 December 2015 06:10 AM

අනේ මන්දා මිනිසුන්ටත් තිබෙන කරදර වල හැටි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site