පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව නඩු පැවැරීමට අපොහොසත්වූ එරට නව අගමැති රාජා පර්වේස් අෂ්රෆ් හට මේ මස අගදී අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ඊයේ(8) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ජනාධිපති සර්දාරිට එරෙහිව ඇති දූෂණ නඩු විභාගය යළි ආරම්භ කරන්නැයි ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය අගමැති පර්වේස්ට අගෝස්තු 8 වැනිදා දක්වා කල් ලබා දී තිබිණ. අනතුරුව අද වනතෙක් එම නියෝගය අනුව කටයුතු කිරීමට අගමැතිවරයා අපොහොසත් වීම හේතුවෙන් මේ මස 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අගමැති පර්වේස්ට නියෝග කර ඇත. පර්වේස්ට පෙර අගමැති ධුරයේ සිටි යූසොෆ් රාසා ගිලානිට ධුරය අහිමි වූයේ ද ශ්‍රේෂ්ඨාධිකරණය දුන් එම නියෝගයට අනුව කටයුතු කිරීමට ඔහු අපොහොසත් වූ නිසාය. එම නිසා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළේ යැයි වරදකරුවකු වූ අතර ඉන්පසු අගමැති ධුරය ද ඔහුට අහිමි විය. නව අගමැති ලෙස පර්වේස් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුව කටයුතු නොකළහොත් ඔහුට ද අගමැති ධුරය අහිමි වීමේ අවදානමක් ඇතැයි පාකිස්තාන දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉකුත් මාසයේදී අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ පාකිස්තාන ජනාධිපති සර්දාරිට එරෙහිව නඩු පැවැරිය හැක්කේ ඔහු ජනාධිපති ධූරයෙන් ඉවත්ව ගියහොත් පමණක් බවත් ජනපති ධූරයේ රැඳී සිටිද්දී ඔහුට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට නොහැකි බවත්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පාකිස්තාන නව අගමැතිට නියෝග
අමිල කටුනායක Thursday, 09 August 2012 06:56 PM
පරිස්සමින්. (නි)