X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


ශුක්‍රාණු වර්ධනයට තක්කාලි

තක්කාලි කෑමෙන් දරු ඵල නොමැති පිරිමින්ට දරුඵල ලබාගැනීමේ හැකියාව වැඩිවන බව නවතම පර්යේෂණකින් තහවුරු කැරගෙන ඇත. පර්යේෂකයන් පවසන්නේ තක්කාලිවල ඇති ප්‍රධාන පෝෂ්‍යදායී සංඝටකය වන ලිකොපේන් පිරිමින්ගේ ශුක්‍රාණු සංඛ්‍යාව සියයට 70ක් දක්වා වැඩිකිරීමට හේතුවන බවයි.

ඔහියෝහි කිලිවෙන්ඩ්ලන්ඩ් රෝහලේ පර්යේෂණයකින් මේ බව තහවුරු කරගෙන ඇති අතර ඔවුන් තම පර්යේෂණයට පෙර සිදුකරන ලද අධ්‍යයන 12 ක දත්ත ද සමාලෝචනය කර තිබීම විශේෂත්වයකි. පර්යේෂකයන් කණ්ඩායම පවසන්නේ බ්‍රිතාන්‍යෙය් පමණක් විවාහ ජෝඩු හයකින් එකකට දරුඵල නොමැති බවයි.

දරුඵල ලබන්නේ කාන්තාවන් බැවින් පොදු මතය වන්නේ දරුවන් හීනවීම පවත්නේ කාන්තාවන්ගේ බවයි. එසේ වුව ද දරුඵල නොමැති වීමේ හරි අඩකට වඩා වගකිවයුත්තේ පිරිමන්ගේ ශුක්‍රාණු ක්‍රියාකාරීත්වය බව ද තහවුරු කරගෙන ඇත.

තක්කාලිවල අඩංගු ලයිකොපේන් මගින් ශුක්‍රාණු ගණනය දියුණු වන බවත් එහි සංසේචනය සඳහා පිහිනා යාමේ හැකියාව එමගින් වැඩිවන බවත් සොයාගෙන ඇත.

මෙම අධ්‍යයනයේ ප්‍රධානී ක්ලෙවලන්ඩ් විශේෂඥ රෝහලේ ප්‍රජනක විද්‍යාව සම්බන්ධ වෛද්‍ය මධ්‍යස්ථානයේ අධයක්ෂ අශෝක ආගර්වල් පවසන්නේ ලයිකොපේන් වලින් පුරුෂයන්ගේ ප්‍රජනක ඉන්ද්‍රියවලට වන වැඩි ප්‍රතිලාභයක් ලැබෙන බවයි.

අනෙක් අධ්‍යයනයෙන් පෙනීගොස් ඇත්තේ ශුක්‍රාණු නිපදවන පුරස්ථි ග්‍රන්ථියේ රෝගයෙන් මර්ධනය කරන බවත් එම ග්‍රන්ථියේ පිළිකා සෑදීමේ අවදානම අඩුකරන බවත්ය.

 



අදහස් (0)

ශුක්‍රාණු වර්ධනයට තක්කාලි

දම් Saturday, 10 May 2014 12:50 AM

අළු කෙසෙල් අස්සේ තක්කාලි හංගල දෙන්න දෙපැත්තටම සමබරව ඇදිල යන්න. (දී)

:       0       0

හේවාවිතාරණ Monday, 12 May 2014 02:14 AM

අපි පියාගේ නමට දාමුද එහෙනම් තක්කලියා කියලා? (නි)

:       0       0

පුෂ්පසිරි පැරිස් Saturday, 10 May 2014 11:42 PM

මෙය දුටු නිසා තක්කාලි කන්න මැලි කරන මම පසු ගිය දවස් දෙකේම , තක්කාලි බහුලව කෑවා . කිසිම ගතියක් වෙනසක් නැහැ. මෙය ඇත්තක් ද ? (ස)

:       0       0

විරාජ් Saturday, 10 May 2014 09:12 PM

හරියට තේරුම් ගත්තොත් හොඳයි. (ස)

:       0       0

විරාජ් Saturday, 10 May 2014 09:09 PM

මේව කියල තියෙන්නේ දරුඵල නැති අයට දරුවන් හදා ගැනීමට මිස ළමා අපචාර කරන්න නෙමෙයි. (ස)

:       0       0

ලසිත් Saturday, 10 May 2014 07:03 PM

බවලතුන්ට වැදගත් කතාවක් නේ. (ස)

:       0       0

ප්‍රදීප් Saturday, 10 May 2014 06:20 PM

ඔය උෂ්ණ පලාත්වල පිරිමින්ට තක්කාලි දෙන්න හොඳ නැහැ.දැනටත් කාම අපරාද වැඩියි. තමන්ගේ දුවට වත් ඉන්න දෙන්නේ නැහැ. ඉදිරියට ආච්චි කෙනෙකුට වත් බේරෙන්න බැරිවෙයි. (අ)

:       0       0

ජයන්ත Saturday, 10 May 2014 04:19 PM

එතකොට ලංකාවෙ ප්‍රාදේශීය සභා සභාපතිල වැඩිපුර කන්නෙ තක්කාලිද​,? (අ)

:       0       0

ජූඩ් Saturday, 10 May 2014 02:49 PM

හැබැයි තකලි වෙළදුන්ට නියම අදායමක් ලැබේවි. (අ)

:       0       0

චන්දන Saturday, 10 May 2014 02:45 PM

දරුවෙකු නැති දුක දන්නේ නැති කෙනාම විතරයි. මේක අද සමාජයේ බොහෝ දෙනෙකුට තිබෙන දැවෙන ප්‍රශ්නයක් .(අ)

:       0       0

දයාන් Saturday, 10 May 2014 12:16 PM

බොහෝ අය ලියන අදහස නොවේ මෙම ලිපියේ ඇත්තේ. 'දිනා' ගේ අදහසට මම එකඟයි. (අ)

:       0       0

බන්දුල Saturday, 10 May 2014 07:40 AM

මමත් අපේ එක්කෙනාට කියන්න ඕනෑ මීට පස්සේ මගේ කෑම වේලට තක්කාලි ටිකක් වැඩිපුර එකතු කරන්න කියලා. (නි)

:       0       0

දොන් රොසාන් ද සොයිසා Saturday, 10 May 2014 02:26 AM

ස්තූතියි මමත් අද ඉදල තක්කාලි කන්නෙමි (ස)

:       0       0

දිනා Saturday, 10 May 2014 01:31 AM

අපේ රටේ මම දන්නා හුගක් අය දරු සම්පත නැතිව දුක් විදිනවා. එයාලට මේක හොඳ ආරචියක් වේවි (දී)

:       0       0

ජයන්ත කුලතුංග Friday, 09 May 2014 12:02 PM

මේක හොඳ පුවතක් පිරිමි අයට. (ස)

:       0       0

දෙහෙරගල Saturday, 10 May 2014 12:34 AM

ලංකාදීපයට පින් මේ වගේ වැදගත් ප්‍රව්ර්ති පල කරනවාට (දී)

:       0       0

හේවාවිතාරණ Saturday, 10 May 2014 12:23 AM

තක්කාලි වලට පාලන මිලක් දාන්න වෙයි වගේ (දී)

:       0       0

හේවාවිතාරණ Saturday, 10 May 2014 12:20 AM

සිරියලතා නෝනා / ලංකාවේ බන්දනාගාර රැඳවියන්ට සතියකට වරක් අලුකෙසෙල් මාළුව දෙනවා යම්කිසි හේතුවක් නිසා ඔයාගේ සැමියාටත් අළු කෙසෙල් මාළුව දීල බලන්න (දී)

:       0       0

ගුණවර්ධන Friday, 09 May 2014 11:30 PM

හොඳයි කුමාර එහෙනම් කියන්න මොකක්ද ? දැන් තිබෙන වෙනස . (ස)

:       0       0

කුමාර Friday, 09 May 2014 10:28 PM

මම නම් හැමදාම තක්කාලි කනවා. (ස)

:       0       0

තිලින Friday, 09 May 2014 09:13 PM

අමුවෙන්ද දන්නෑ නේ.(නදී)

:       0       0

සිරියලතා කෙන්යා Friday, 09 May 2014 06:05 PM

අද ඉදන් තක්කාලි කෑමට දෙන එක මම නවත්වනවා අපේ එක්කෙනාට.(නදී)

:       0       0

ගන්දර සයිමොන් Friday, 09 May 2014 05:19 PM

මේවා පළ කිරීමෙන් වැළකි සිටියොත් හොඳයි. මොකද නිකන් පොල්සම්බෝල සහ බත් කාලත් වයසක උන්දැලා ළමා අපචාර, ස්ත්‍රී දුෂණ අඩුවක් නැතුව කරන කාලේ, ශුක්‍ර ධාතුත් තව වර්ධනය කළොත්...? (නි)

:       0       0

තබිත Friday, 09 May 2014 04:24 PM

මෙම තක්කාලි කෘමි නාශක නොදා ප්‍රමිතියට වැවු ඒවා විය යුතුයි. (ස)

:       0       0

බණ්ඩා Friday, 09 May 2014 01:09 PM

දැන් ලංකාවේ තක්කාලි මිල වැඩි වේවි.(ස)

:       0       0

සරත් Friday, 09 May 2014 12:28 PM

තක්කාලි විතරක් කාලා හරියයිද ඉතින්? (නි)

:       0       0

දිනේෂ් Friday, 09 May 2014 12:28 PM

හොඳයි ඉතින්. ඒක පරක්කු වෙලා හරි හොයා ගත්ත එක. (ස)

:       0       0

දසුන් Friday, 09 May 2014 12:03 PM

මම කනවා තක්කාලි මදි නොකියන්න හෙට ඉදලා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site