X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 21 වන සඳුදා


සංගීත විශාරද එච්.ඩී.එස්.ජයසේකර සමුගනී

කැලණිය විශ්ව විද්‍යාලයේ සංගීත අංශයේ හිටපු අංශාධිපති සහ ලංකා කලා  සංගමයේ හිටපු සභාපතිවරයකු වූ  ප්‍රවීණ සංගීත ශිල්පී සංගීත විශාරද එච්.ඩී.එස්.ජයසේකර මහතා ප්‍රංශයේ ත්රාස්බුහි දී පසුගිය 20 වැනි සෙනසුරාදා අභාවප්‍රප්ත විය.

සංගීත නිපුන් චම්පා කල්හාරි ජයසේකර ඔහුගේ දියණියයි. 1930 ඔක්තෝබර්  උපත ලද ඔහු කොළඹ රජයේ කලායතනයෙන් සංගීතය හදාරා ඉන්දියාවේ ලක්නව්හි බාත්ඛන්ඩ සංගීත විද්‍යා පීඨයෙන් සංගීත විශාරද උපාධිය ලැබීය.

මුල් අවදියේදී හෝමාගම මධ්‍යම මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා වශයෙන්ද සේවය කර ඇති ජයසේකර මහතා ජාතික සංගීත විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල හා ශාස්ත්‍රීය ගායකයකු ලෙසද කටයුතු කර ඇත.

ඔහුගෙන් සංගීතය හැදැරූ සිසුහු බොහෝ ගණනක් ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස් රටවල ද සිටිති. ඔහුගේ භාර්යාව නන්දාවතී අතපත්තු මහත්මියයි. ජයසේකර යුවල කාලයක සිට ජිවත් වුයේ ප්‍රංශයේ ත්රාස්බුහි පදිංචි ඔවුන්ගේ පුතණුවන් වන අතුල ජයසේකර සහ ලේලිය වන සුරේෂි ජයතිලක සමඟය.

ජයසේකර මහතාගේ අවසන් කටයුතු පෙබරවාරි 25 වැනි දා උදේ 10 ට ප්‍රංශයේ ත්රාස්බු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. ආගමික කටයුතු පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුන්ගස්යායේ ඤානිස්සාර හිමියන් ප්‍රධාන මහා සංඝ රත්නය විසින් සිදු කිරිමට නියමිතය.

HDS-JAYASEKARA



අදහස් (0)

සංගීත විශාරද එච්.ඩී.එස්.ජයසේකර සමුගනී

විජිත් Wednesday, 24 February 2016 09:39 AM

අපි කුඩාම කාලයේදී, ලංකා ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන් මෙතුමාගේ ගීත ප්‍රචාරය වුණා මට හොඳටම මතකයි. දහසක් සිසුන්ගේ නෙත් පෑදු ගුරු පියාණෙනි, ඔබතුමාට නිවන් සුව පතමි. (නි)

:       0       0

විශ්වනාත් ජයසේකර Wednesday, 24 February 2016 07:59 PM

ලංකාව පුරා ඔහු විසින් දහස් ගණනක් දක්ෂ සිසුන් බිහිකර ඇත. වරින් වර ශාස්ත්‍රීය සංගීතය වෙනුවෙන් තර්ක විතර්ක පවා කළ ඔහු හින්දුස්ථාන ශාස්ත්‍රීය සංගීතයට ඉතාමත් ආදරය කළ අයෙකි. ඔබතුමාට නිවන් සුව ලැබේවායි අපේ පැතුමයි. (නි)

:       0       0

ගාමිණී Wednesday, 24 February 2016 10:19 PM

ගුරු පියතුමනි, ඔබට නිවන් සුව! ඔබ වැනි ශ්‍රේෂ්ඨ ගුරුවරුන් නිසයි අද්විතීය ඝනයේ සංගීතඥයන් අපට උරුමවුණේ. මතු පරපුරට එවන් ගුරු පියවරු නොමැතිවීම අපට කණගාටුවකි. (නි)

:       0       0

නාලිකා Thursday, 25 February 2016 04:03 AM

ඔබ මා කුඩා කල මට බෙහෙවින් සෙනෙහස පෙන්වූ පවුලේ හිතවතෙක් විය.අප මවු බිම හරහා හමා ගිය අසංස්කෘතික ප්‍රවාහයන්ට හසුව අප දෙදෙනාම ලොව දෙපසකට ගසාගෙන ගියෝය. ඔබගේ සෙනෙහස මට අහිමිවිය .ඔබ මට දුන් උතුම් ශාස්ත්‍රීය දැනුමට, ආදර්ශයන්ට මම බොහෝ පින් දෙමි. ඔබට නිවන් සුව පියාණෙනි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site