X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


සති හතක් තුළ පිළිපීනයේ ඝාතන 1900ක්

රොද්‍රිගු ඩුටර්ට් පිලිපීනයේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පහුගිය සති හතේ ඝාතන 1900ක් පමණ සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  

රට තුල මත්ද්‍රව්‍ය තුරන් කරන බවට ඔහු ජනාධිපතිවරණයේදී පොරොන්දුවක් ලබා දී තිබිණි. ඒ පොරොන්දුව දැඩි ප්‍රතිපත්තියක් ලෙස අනුගමනය කරමින් සිටියි. ඔහු මත්ද්‍රව්‍ය වලට එරෙහිව යුද්ධයක් දියත් කළේය.  අත්අඩංගුවට නොගැනෙන බෙදාහරින්නන් ඝාතනය කරන ලෙස පොලිසියටත් මහජනතාවටත් ඔහු දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට සිදුවූ ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ  පැවැත්වේ.

මිය ගිය අයගෙන් 750ක් පොලිස් මෙහෙයුම් වලදී ඝාතනය වී ඇති බව  පොලිසිය පවසයි. පෙර නොවූ විරු අයුරින් ඝාතන සිදුවීම පිළිබඳ සෙනෙට් සභාවේ මුලිකත්වයෙන් පරීක්ෂණයක් ද පැවැත්වෙයි.එම පරීක්ෂණ සදහා මිය ගිය අයගේ පවුලේ සාමාජිකයින්ගෙන් ද සාක්ෂි ලබාගැනීමට නියමිතයි.නීතිමය ක්‍රියාමාර්ගයක් නොමැතිව දහසක් පමණ ඝාතනය කර ඇති බවට මානව හිමිකම් කණ්ඩායම් පවසයි. මත්ද්‍රව්‍ය විකුණන්නන්,ඇබ්බැහි වුවන් කිසිම නඩු විභාගයකින් තොරව ඝාතනය කර ඇත.



අදහස් (0)

සති හතක් තුළ පිළිපීනයේ ඝාතන 1900ක්

කුමාර් (ගල්ෆ්) Wednesday, 24 August 2016 05:57 PM

ලංකාවටත් ඕනෑ මේ නීතියම තමයි. නැත්නම් කවදාවත් ලංකාව කුඩුවලින් බේරන්න බැහැ. (නි)

:       0       0

නුවන් Wednesday, 24 August 2016 07:12 PM

ලංකාවෙත් මෙහෙම වෙනවා නම් හොඳයි කියලා හිතෙනවා (නි)

:       0       0

සුකිරි Wednesday, 24 August 2016 07:45 PM

ඉතින් එළනේ.... අයි මේකට මහා ප්‍රසිද්ධියක්. . මත් ද්‍රරව්‍ය ජාවාරන් කාරයෝ කම්බස් කරලා දාන එක මොන තරන් සේවයක්ද. ලෝකේ මොන රටේ උනත් මන් කියන්නේ.(රේ)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 24 August 2016 11:03 PM

මත්ද්‍රව්‍ය විකුණන්නන්, ඇබ්බැහිවූවන් කිසිම සැකයකින් තොරව ඝාතනය වුණා නම් එය හරිම සාධාරණ ලෙසයි මම නම් දකින්නේ. ඔන්න නායකයෝ! එ්කට අපේ රට... මත්ද්‍රව්‍ය ගෙන්වන්නේත් දේශපාලකයෝ (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 25 August 2016 04:48 AM

අපේ රටේ ඕක ක්‍රියාත්මක වුණොත් එහෙම දේශපාලකයෝ නැති රටක් වේවි මතුවට.ඒ නිසා ගෙන්නන එවුන් හා බෙදාහරින එවුන් හැර බොන එවුන්ව පමණක් නැති කරලා දැම්මනම් හරි. (බ)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Thursday, 25 August 2016 05:43 AM

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බොරු වෙස්මුහුණ ගැළවෙන්න දැඩිව විවේචනය කරමින් කතාකළ හොඳ කොන්දක් තිබෙන බොහොම විරල ගණයේ රාජ්‍ය නායකයා ඔහුයි. (නි)

:       0       0

විපුල Thursday, 25 August 2016 07:22 AM

මේවා ඉතින් අපේ ආණ්ඩුවකින් කරන්න අමාරුයි.සමහර විට එම රටවල දේශපාලකයන් මෙයට සම්බන්ධ නැතුව වෙන්න පුළුවන් නේ. (බ)

:       0       0

රන්ජිත් Thursday, 25 August 2016 09:32 AM

ලංකාවේ මේක ක්‍රියාත්මක කළොත් අපේ දියන්නාවේ රැස්වීම් තියන්න ඝණපුර්ණය නැතිවේවි (ම)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 25 August 2016 09:48 AM

රටකට නීතියක් අවශ්‍යයි. නීතියට අනුව මිසක් හිතුමතේට මිනීමරන එක සාධාරණීකරනය කරන්න බැහැ. පහුගිය කාලේ අපේ රටෙත් වුණේ එහෙමනේ. යහපාලනයට පින් සිද්ධවෙන්න අද එහෙම වෙන්නේ නැහැ. (නි)

:       0       0

අතුල Thursday, 25 August 2016 07:20 PM

කොහොම වුණත් ඔය ප්‍රශ්නයට මේ රටේ දෙපක්ෂයේම ඉන්න අය සම්බන්ධයි. එමනිසා එයාලා පත්කරනතුරු අපේ රටේ කුඩු නැති කරන එක සිහිනයක් (නි)

:       0       0

කුසුම් දල්පදාදු Friday, 26 August 2016 03:06 AM

ඔන්න නායකයෝ. එ්කටත් එක්ක අපේ අය. (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 26 August 2016 08:10 AM

මෙම නායකයා කුඩු කාරයන්ට නොව රටට ආදරය කරන පුද්ගලයෙක් නමුත් ලංකාවේ එ්කේ අනික් පැත්ත. කෙටි කාලයකින් නඩුව අසා මරණ දඩුවම ක්‍රියාත්මක කළහොත් ලංකාවද බේරාගැනීම අපහසු නොවේ. (බ)

:       0       0

වෙනුර Friday, 26 August 2016 08:12 AM

බෞද්ධයන් හැටියට අපි කොහොමද ප්‍රාණ ඝාතය අනුමත කරන්නෙ. ඇත්තටම අපි බුදුන් සරණ ගිහින්ද?, දහම් සරණ ගිහින්ද?, සගුන් සරණ ගිහින්ද? කොමෙන්ට් කරපු අය තමුන්ගෙන්ම අහල බලන්න (බ)

:       0       0

රකිත් Saturday, 27 August 2016 03:50 AM

මෙහෙම මිනිස්සු මරන්න පුලුවන් නම් මොකටද නීතියක්? (නි)

:       0       0

ලුම්බිණි Saturday, 27 August 2016 04:29 AM

මෙහෙම මිනිසුන් මරනවා නම් පොලිසි උසාවි මොකටද? මේක ඉදිරියට යාමක් නොවෙයි ආපස්සට යාමක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site