හම්මලව සද්ධාතිස්ස නාහිමියන්ගේ 26 වැනි ගුණ සමරු පිංකම පසුගිය සති අන්තයේදී ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කළ දෙදින පින්කමේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ පසුදින මහා සංඝ රත්නය උදෙසා පැවැත්වුණ සංඝ ගත දක්ෂිණාවක් ඇතුළත් විය.
පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පුජ්‍ය මුරුන්ගස්‍යායේ ඤානිස්සාර නාහිමි සහ බාර්ත් ස්පා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය දීගල්ලේ මහින්ද හිමි සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් අනුශාසනා පැවැත්වුහ. ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියෝ පැමිණසිටි පිරිස තිසරණ සහිත පංච ශීලයෙහි පිහිටවුහ.
පිංකම සඳහා මහා සංඝරත්නය 28 නමක් සහභාගී වී සිටියහ. යුරෝපා රටක පින්කමක් සඳහා මහා සංඝරත්නය මෙතරම් සංඛ්‍යාවක් සහභාගිවීම විශේෂත්වයකි.
ඒ අතර පැරිස් බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද හිමි මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි අධ්‍යක්ෂ ආචාර්ය අකුරටියේ නන්ද හිමි, ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරාධිපති උළුවිටිකේ බෝධිසීහ හිමි, අනුරාධපුර තපෝවන විහාරවාසී මාතලේ විජයවංශ හිමි, ජය ශ්‍රී මහා බෝ මළුවේ කිරම ගුණවංශ නාහිමි සහ නෙපාලේ පඥ්ඥරතන හිමි ඒ අතර වුහ.
ලන්ඩන්, බර්මින්හැම්, නොටින්හැම්,මැන්චෙස්ටර් සහ ලේච්වර්ත් ශ්‍රී ලාංකික විහාරස්ථාන සියල්ලම නියෝජනය කරමින් විහාරාධිපතින් වහන්සේලා සහ නේවාසික සංඝයා වහන්සේලා පින්කමට සහභාගී වුහ.
පිංකමෙහි වැඩකටයුතු සාර්ථක කරගැනීම සඳහා වෙහෙස මහන්සිවී කටයුතු කළ සහ සහභාගිවූ සියලුම දෙනාට පියදස්සි නාහිමියෝ පුණ්‍යානුමෝදනා කළහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සද්ධාතිස්ස නාහිමි සැමරෙයි