X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


සන්නිවේදනයේ නව පිම්මක්

ක්වොන්ටම් තාක්ෂණය ආධාරයෙන් එකිනෙකා අතර සන්නිවේදනය කළ හැකි වේගවත් එමෙන්ම අතිශයින් ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වාදීමට ඇමරිකා ගුවන් හා ගඟන පර්යේෂණායතනයේ (නාසා) හා තවත් ආයතනයන් කිහිපයක විද්‍යාඥයෝ සමත්ව සිටිති.

ක්වොන්ටම් භෞතික විද්‍යාවේදී වස්තූන්ගේ අංශුමය ගුණය සම්බන්ධයෙන් සොයාබැලේ.ඒ අනුව මෙහිදී පර්යේෂක පිරිස සිදුකර ඇත්තේ ආලෝකයේ ඇති අංශු, එනම් පෝටෝන ස්ථාන දෙකක් අතර තොරතුරු හුවමාරු කර ගැනීමට යොදාගත හැකිදැයි සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමයි.

සම්පූර්ණ ආලෝක කදම්භයක් යොදාගෙන තොරතුරු හුවමාරු කරගැනීම දැනටමත් ලොව භාවිතයේ පවතී.එවන් ආලෝක කදම්භයක් සමන්විත වන පොටෝනයන් එක එකක් බැගින් වෙන්කරගෙන පෝටෝන යොදාගෙන තොරතුරු හුවමාරු කර ගැනීමට මේ විද්‍යාඥ පිරිස උත්සාහ කර තිබේ.

උත්සාහය සාර්ථක කරමින් එක් තනි පොටෝනයක් කිලෝමීටර 25 ක පමණ දුරකට යැවීමට ඔවුන්ට හැකිව ඇත.

කෙසේවුවත් මේ නව සොයාගැනීම මහා පරිමානයෙන් භාවිතයට ගැනීමට නම් ඉදිරියට තවත් පර්යේෂණ කටයුතු සිදුකළ යුතු බව පර්යේෂක පිරිස කියති.මෙය තොරතුරු හුවමාරු කරගැනීමේ හා සන්නිවේදන තාක්ෂණයේ නව පෙරළියක් සිදුකරන බවට සහතික යැයි ඔවුහු පවසති.

මෙම තාක්ෂණයේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ‘ඒ‘ ස්ථානයේ සිටින තැනැත්තාට ‘බී‘ ස්ථානයේ සිටින තැනැත්තා පෝටෝන පණිවුඩයක් එවුවද එය ‘ඒ‘ ස්ථානයේ සිටින තැනැත්තාටද එකවර තේරුම්ගත නොහැකිවීමයි.පණිවුඩය තේරුම් ගැනීමේ ‘යතුර‘ ඇත්තේ ‘බී‘ ළග වන අතර පණිවුඩය තේරුම් ගැනීම සදහා එම යතුර ‘ඒ‘ වෙත යැවිය යුතුවේ.මේ ‘යතුරු‘ යැවීමේ ක්‍රමවේදය දෙවන ලෝක යුධ සමයේදී ජර්මන් ජාතිකයින් භාවිතා කළ එනිග්මා පණිවුඩ හුවමාරු යන්ත්‍රයේ තාක්ෂණයට සමවන අතර නමුත් එයට වඩා ආරක්ෂාව අතින් ඉහළය.

මෙනිසා මෙම නව තාක්ෂණය හමුදාවන්, බැංකු, රජයන්, ආදී ආරක්ෂිත තොරතුරු නිතරම හුවමාරු කරගන්නා පුද්ගලයින්ට හා ස්ථානයන්ට ඉතා වැදගත් වනු ඇති බව විද්‍යාඥ පිරිසගේ අදහසයි.



අදහස් (0)

සන්නිවේදනයේ නව පිම්මක්

මොහාන් වර්ණකුලසූරිය ප්‍රනාන්දු Monday, 15 December 2014 02:34 PM

මේ ක්‍රමය ඉලෙක්ට්‍රෝනික් මනී ට්‍රාන්ෆර් වලට ගොඩක් වැදගත් වෙයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site