නවදිල්ලි නුවරදී ඉකුත් 16 වැනිදා සමූහ දුෂණයකට ලක් වී, බරපතළ තුවාල ලබා, සිංගප්පූරු රෝහලක ප‍්‍රතිකාර ගනිමින් සිටියදී මියගිය 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවගේ දේහය, විශේෂ ගුවන් යානයක් යවා ගෙන්වා ගැනීමට ඉන්දීය රජය පෙරේදා (29) රාති‍්‍රයේ කටයුතු කළ අතර ඊයේ (30) ඇගේ අවසන් කටයුතු සිදු කෙරුණි.
දින 13 ක් තිස්සේ මරුවා සමඟ කළ සටනකින් පසු එම වෛද්‍ය ශිෂ්‍යාව මියගියේ පෙරේදා අලූයම 2.45 ට පමණය. ඉන්ද්‍රීයයන් අකි‍්‍රය වීමෙන් ඇය මියගිය බවත් උදරයේත්, පෙණහලූවලත්, මොළයේත් ආසාදනයන්ට ලක් ව සිටි ඇය, හෘදයාබාධයකට ද ගොදුරු වූ බවත් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇගේ මරණය ගැන දුක් මුසු පුවත මාධ්‍ය වෙත නිකුත් කරමින් කියා සිටියහ.
තරුණිය අතවරයට සහ පහර කෑමට ලක් වූයේ ඇය ඇගේ පෙම්වතා ද සමඟ රාති‍්‍රයේ බස් රියකින් ගමන් කරද්දීය. ඔවුන් දෙදෙනා ලබන පෙබරවාරි මාසයේ දී විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි බව ද වාර්තා වේ. තරුණිය අතවරයට ලක් වූ අවස්ථාවේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාද කරමින්, නවදිල්ලි පොලිසිය දැක් වූ උදාසීනත්වය නිසා ඉන්දීය රජයට දැඩි ජනතා විරෝධයක් එල්ල විය. ඉකුත් 23 වැනිදා නවදිල්ලියේ දැවැන්ත විරෝධතා රැලි පැවැත්විණි.
ශිෂ්‍යාවගේ මරණයත් සමඟ නවදිල්ලියේ යළිත් විරෝධතා ඇතිවේ යැයි බියෙන් ආරක්ෂාව තර කර ඇත. ඉන්දීය ජනපති, උප ජනපති, අගමැති, ස්වදේශ කටයුතු ඇමැති, දිල්ලි මහ ඇමැති පමණක් නොව දිල්ලි පොලිසියත් ජනතාවට ආයාචනා කර ඇත්තේ නීතිය අතට නොගෙන සාමකාමීව කටයුතු කරන ලෙසටය.
ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති සුසිල් කුමාර් සින්දේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් පෙරේදා උදෑසන කියා සිටියේ වෛද්‍ය ශිෂ්‍යාවට අත් වූ එම ඛේදනීය ඉරණම සම්බන්ධයෙන් සෑම ඉන්දියානුවකුම ලැජ්ජා විය යුතු බවය.
ශිෂ්‍යාවගේ දේහය පෙරේදා රාති‍්‍රයේ ඉන්දියාවට ගෙන ඒමට විශේෂ ගුවන් යානයක් යැවීමට ඉන්දීය රජය පියවර ගෙන තිබුණු අතර, ඇගේ අවසන් කටයුතු ඇගේ මවුපියන්ගේ කැමැත්ත පරිදි සිදු වනු ඇතැයි ස්වදේශ කටයුතු ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. ඒ අනුව ඊයේ ඇගේ පවුලේ සාමාජිකයන් සහ සමීපතම ඥාතීන් එක් වී ඇගේ අවසන් කටයුතු සිදු කළ බවත් දේහය ආදාහනය කළ බවත් වාර්තා විය.
දේහය නවදිල්ලි ගුවන්තොටු පොළට ගෙනා අවස්ථාවේදී ඉන්දීය අගමැති සිං සහ කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ගුවන් තොටුපොළට පැමිණ ශිෂ්‍යාවගේ පවුලේ අය හමුවී ඔවුන්ට කනගාටුව ප‍්‍රකාශ කළ බව ද වාර්තා වේ.
පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් තරුණිය ගැන හෝ ඇගේ පවුලේ අය ගැන හෝ විස්තර මාධ්‍ය වෙත නිකත් නොකෙරුණු අතර ඉන්දියාවේ එන්.ඞී.ටීවී පුවත් නාලිකාව ඇය හඳුන්වා දී තිබුණේ ‘ඩෝටර් ඔෆ් ඉන්දියා’ නැතහොත් ‘ඉන්දියාවේ දියණිය’ යනුවෙනි. මුළුමහත් ඉන්දියාවම කඳුළිත් තෙත් කළ ඇය වීර දියණික යැයි ද පුවත් සේවා වාර්තා කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සමූහ අතවරයකට ලක් වූ ඉන්දීය වෛද්‍ය සිසුවිය අවසන් ගමන් යයි
ෂර්මිලා Monday, 31 December 2012 01:59 PM
මට නම් මේවා ඇහෙනකොටත් ඇග හිරිවැටෙනවා. ස්ත්‍රී දූෂකයින්ට මරණ දඩුවම නියම කළයුතුයි. (නි)
ෂිරාශ් Monday, 31 December 2012 01:59 PM
කොටකෙතන, කහවත්තෙ කීදෙනෙක් නම් මැරුණද? කවුරුවත් බැස්සද පාරට? (නි)
අමිල කටුනායක Monday, 31 December 2012 02:39 PM
මේ වෙනුවෙන් පෙළගැසීම අපි අගය කරමු. ඒ සොයුරියට සුවබර නින්දක්. (නි)
ප්‍රසාද් Monday, 31 December 2012 03:07 PM
මොක්සුව ඔබට ලැබේවා (ස)
චන්ද්‍රා-සිඩ්නි Monday, 31 December 2012 04:34 PM
ඒ පාපතරයින් හය දෙනා තවමත් නිදැල්ලේද? (නි)
ලලිත් - කටාර් Monday, 31 December 2012 07:25 PM
අධර්මය රජවුණු මෙවන් කෲර ලෝකයක අකාලයේ මිලින වුණු ඔබට මොක් සුව පතමි! (නි)
ෂෙරීෆ් Monday, 31 December 2012 09:47 PM
මෙවැනි ම්ලේච්ඡ සිදුවීම් අපි සියල්ලෝම හෙළා දකින්නෙමු. (නි)
අජිත් Tuesday, 01 January 2013 11:26 AM
මෙම දියණියගේ නම් ගම් හෙළි නොකර ලංකාදීපය කළ ක්‍රියාව අනෙක් මාධ්‍යයන්ටද ආදර්ශයක් වේවා! (නි)
මුබාරක් Tuesday, 01 January 2013 12:58 PM
උණු උණුවේ දඩුවම් මෙම දූෂකයින්ට ලබාදිය යුතුයි. (නි)
තිලිණ ඉතාලිය Tuesday, 01 January 2013 07:35 PM
ඔබට නිවන් සුව සොයුරියනි..!(නු)
චන්ද්‍රා Tuesday, 01 January 2013 08:48 PM
දෙන්න තියෙන හොදම දඩුවමක් ප්‍රසිද්ධියේ දෙන්න ඕන..!(නු)
චන්ද්‍රසිරි Tuesday, 01 January 2013 08:50 PM
මේ සදහා ඉංදියාවෙ අලුත් නීතියක් ගෙනල්ලා කියලා දැනගන්න ලැබුණා.. එම නීතිය ලංකාවටත් ගෙනවානනම් හරි..!(නු)
අනිල් Wednesday, 02 January 2013 07:30 AM
හය දෙනාම එල්ලා මැරිය යුතුයි යැයි මම යෝජනා කරන අතර එය එසේම වේවායිද පතමි. (නි)
නිත්‍යා Wednesday, 02 January 2013 08:51 AM
ලොව පුරා කෙතරම් මෙවැනි සිදුවීම් සිදුවී නිහඩවම අතීතයට එක්වෙනවාද ? නමුත් මෙම සිදුවීම කාගේත් හදවත් සසල කෙරිනි.මිනිමතුවත් ලොව පුරා සිදුවන මෙවැනි අකටයුතුකම් සිදු නොවේවා (ස)