විසල් සරුංගලයක පැටලී ගුවනට ඇදී ගිය දරුවෙකු අඩි 65 ක් පමණ උසක සිට බිමට ඇදවැටී මරුමුවට පත්ව ඇති පුවතක් වියට්නාමයෙන් වාර්තා වේ.සිද්ධිය දුටුවෝ පවසන ආකාරයට සරුංගලය පා කර යවමින් සිටි පුද්ගලයින්ගේ අතින් ගිලිහුණු නූල මේ දරුවාගේ පාදවල පැටලී තිබෙන අතර එක්වනම හැමූ දැඩි සුළගත් සමග සරුංගලය ඉහළ නැග ඇත්තේ ඔහුද ඇදගෙනය.
බිමට ඇද ගැනීමට දැරූ සියලූ උත්සාහයන් ව්‍යර්තවූ තැන දරුවා ඉහළට යන අයුරු බලා සිටිනවා හැරෙන්නට තමන්ට කළ හැකි අන්කිසිත් දෙයක් නොතිබුණු බව ඔවුහු කියති.
අඩ 65 ක් පමණ උසකට නැගුණු සරුංගලයෙන් ගිලිහුණු දරුවා පහළට ඇදවැටී තිබෙන අතර වහාම රෝහල් ගත කෙරුණද තුවාළ බරපතල වීම නිසාවෙන් ඔහු මරණයට පත්ව ඇත.
සිද්දිය පිළිබඳ පර්යේෂණ කටයුතු ආරම්භ කර තිබෙන වියට්නාම බළධාරීන් පවසන්නේ මෙම සරුංගලය ගුවනට එක්කෙරුණු සරුංගල් යැවීම සදහාම වෙන්කර තිබෙන ඩොන්ග් ඩියු පිටියට කුඩා දරුවන් ඇතුල්වීම තහනම් කර ඇතත් මෙම දරුවා පිටියේ ඉදිකර තිබූ තම මවට අයත් බීම හලක ඇයගේ අත්උදවුවට පැමිණ තිබෙන බවයි.
ගුවනට යැවෙන ඇතැම් සරුංගල් වැඩුණු මිනිසෙකු පවා ඇදගෙන යා හැකි තරම් විශාල වන බැවින් මෙසේ කුඩා දරුවන් ඇතුල් කර ගැනීම තහනම් කර තිබෙන බව ඔවුන් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සරුංගලේ දරුවා මරයි
දුමින්ද Thursday, 19 March 2015 10:09 AM
මේ වගේ අනතුරක් පළමු වතාවට දැක්කමයි.(හේ)
රවී Thursday, 19 March 2015 03:25 PM
දුක්මුසු කතාවක්.මෙවන් විපත් ආයේ සිදු නොවේවා.(හේ).
සොපී Thursday, 19 March 2015 03:25 PM
ආයෙත් නම් අහන්න ලැබෙන්න එපා ..(හේ)